483. ත්‍රිවිධ රත්නයේ අගුණ කිව්වොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු රජාණන් වහන්සේට හෝ තෙරුවනට හෝ බුද්ධ සාසනයට යමෙක් අපහාස වන පරිදි කතා කරනා අවස්ථාවකදී ශ්‍රෘතවත් ආර්‍ය ශ්‍රාවකයා එය එවෙලෙහිම ඉදිරියට පැන නිවැරදි කල යුතුද?

A / R. “මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

“ස්වාමීනි, එසේ නැත්මය. (ඒ දැනීම නැත.)” මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් (අභූත) වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි (අවිද්‍යමානය) දකින්නට නැත. බොරුව බොරුව මෙන් එලිදරව් කළ යුතුය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll