209. විමෝක්ෂ මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. අනිමිත්තචේතෝ විමුක්තිය යනු කුමක්ද? (ත්‍රිපිටක අට්ඨ කථා, ටීකා ඇසුරින්.)
2 වෙනත් චේතෝ විමුක්ති වර්ග මොනවාද?

A / R. “මහණෙනි, විමොක්ෂ තුනකි. කවර තුනක්ද? සුඤ්ඤත විමොක්ෂයද අනිමිත්ත විමොක්ෂයද අප්පණිහිත විමොක්ෂයද වෙත්. මහණෙනි, මොව්හු විමොක්ෂ තුන නම් වෙත්.
තවද විමොක්ෂ සත් සැට 67 කි. (අට සැට 68 කි.???) …”
https://suttacentral.net/si/ps1.5

(http://pitaka.lk/541083/209/cs,aps
http://pitaka.lk/541084/cs,aps
http://pitaka.lk/541118/cs,aps …)

R. ... "ඒ අනිත්‍ය ලක්ෂණ දර්ශන ඥානයෙන් කළ ක්ලේශ ප්‍රහාණය නිසා එයට අනුව නිවන් දැක මතු නූපදනාකාරයෙන් ඒ කෙලෙසුන් දුරු කරන්නා වූ ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වේ. ඒ අනිත්‍ය දර්ශන ඥානය කෙලෙසුන් ගේ උත්පත්තියට හේතු වන සංස්කාර නිමිත්ත බිඳලීම් වශයෙන්, බැහැර කිරීම් වශයෙන් ලෝකෝත්තර මාර්ගයාගේ උත්පත්තිය සිදු කරවන බැවින් අනිමිත්තානුපස්සනා නම් වූ විමෝක්ෂ මුඛය වන්නේ ය. ඒ අනිමිත්තානුපස්සනාව නිසා එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගය ද අනිමිත්ත විමෝක්ෂ නම් වේ.

සංස්කාරයන්ගේ දුඃඛ ලක්ෂණය මැනවින් දන්නා කල්හි සංස්කාරයන් කෙරෙහි බිය විය යුත්තක් පිළිකුල් කළ යුත්තක් මිස, ඇලුම් කළ යුත්තක් නැති වී යෑමෙන් සංස්කාරයන් පිළිබඳව උපදින ප්‍රණිධිය (ඇල්ම) දුරු වේ. සමහර යෝගාවචරයකුහට සංස්කාරයන් පිළිබඳ ප්‍රණිධිය දුරු වී යෑමට සමත් වන පරිද්දෙන් බලවත්ව දුක්ඛානුපස්සනා ඥානය ඇති වෙයි. එයට අනුව ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වේ. දුඃඛය දැක ප්‍රණිධිය දුරුකොට ප්‍රණිධියෙන් නැඟී ලෝකෝත්තර මාර්ග උපදවන්නා වූ ඒ දුක්ඛානුපස්සනාව අප්‍රණිහිතානුපස්සනා නම් විමෝක්ෂ මුඛය වේ. එය නිසා එයට අනුව උපන්නා වූ ලෝකෝත්තර මාර්ගය අප්‍රණිහිත විමෝක්ෂ නම් වේ.

සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය මැනවින් දක්නා යෝගාවචරයා හට ඒවායේ “මම ය, සත්ත්වයා ය, පුද්ගලයා ය’’ යි ගත යුතු කිසිවක් නැති බව පෙනී යෑමෙන් සත්කාය දෘෂ්ට්‍යාදි ක්ලේශයෝ දුරු වෙති. සමහර යෝගාවචරයන් හට කෙලෙස් දුරු කිරීමට සමත් වන පරිදි බලවත් වූ අනාත්ම දර්ශන ඥානය පහළ වී එයට අනුව ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වේ. බලවත් වූ ඒ අනාත්ම දර්ශන ඥානය සංස්කාරයන් ගේ ආත්ම ශුන්‍යත්වය දැක කෙලෙසුන් නසා මාර්ගයට පමුණුවන බැවින් සුඤ්ඤතානු පස්සනා නම් වූ විමෝක්ෂමුඛය වේ. එය හේතු කොට එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගය ශූන්‍යතා විමෝක්ෂ නම් වේ. මෙසේ තුන් ආකාර වූ අනුපස්සනාවන්ගේ වශයෙන් ලෝකෝත්තර මාර්ගය ත්‍රිවිධ වේ."

R. https://pitaka.lk/bjt?b=37&p=436 >>>

R. "විමොක්ඛ = මේ අනුපස්සනාවන් ම මුඛවන්නා වූ ඒ විමොක්‍ෂයෝ කවරහූ ද නිත්‍ය නිමිති ආදිය ගේ අභාවයෙන් අනිමිත්ත විමොක්‍ෂණය ද, තෘෂ්ණා ප්‍ර‍ණිධීන් ගේ අභාවයෙන් අප්‍ර‍ණිහිතා විමෝක්‍ෂය ද, ආත්ම ශූන්‍යතායෙන් ශූන්‍යතා විමෝක්‍ෂය දැ යි මේ විමෝක්‍ෂයෝ තිදෙන වෙත්.

එයින් වදාළහ:- “අනිච්චතො මනසි කරොන්තො අධි මොක්ඛ බහුලො අනිමිත්තවිමොක්ඛං පටිලභති. දුක්ඛතො මනසි කරොන්තො පස්සද්ධි බහුලො අප්පණිහිත විමොක්ඛං පටිලභති. අනත්තතො මනසි කරොන්තො වෙදබහුලො සුඤ්ඤතා විමොක්ඛං පටිලභති” [4]

‘අනිත්‍ය හෙයින් මෙනෙහි කරන යෝගී අධිමෝක්‍ෂය බහුල වූයේ අනිමිත්ත විමෝක්‍ෂය පිළිලබ යි. දුඃඛ වශයෙන් මෙනෙහි කරනුයේ සංසිඳීම් බහුල වූයේ අප්‍ර‍ණිහිත විමෝක්‍ෂය පිළිලබ යි. අනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ ආත්ම ශුන්‍යතානුදර්‍ශන බහුල වූ යේ ශූන්‍යතා විමෝක්‍ෂය පිළිලබ යි.’

විස්තර:- එහි “ අනිමිත්තවිමොක්ඛො” යනු අනිත්‍යානු දර්‍ශනයෙන් අනිමිත්ත වශයෙන් සංස්කාරයන් පරිග්‍ර‍හ කොට විදර්‍ශනා වඩන යෝගීහු ගේ අනිමිත්තාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය යි.

ඒ මෙසේ යි:- ඒ ආර්‍ය්‍යමාර්‍ගය අනිමිත්ත ධාතුවෙන් උපන් හෙයින් අනිමිත්ත නම් ද, කෙලෙසුන් කෙරෙන් මිදුණු හෙයින් විමොක්ඛ නම් ද වේ. මේ ක්‍ර‍මයෙන් ම අප්‍ර‍ණිහිතාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍යමාර්‍ගය අප්‍ර‍ණිහිත විමෝක්‍ෂ නමි. ශූන්‍යතාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය ශූන්‍යතාවිමෝක්‍ෂය යි දතයුතු.

ප්‍ර‍ශ්නයෙකි:- ආර්‍ය්‍යමාර්‍ගය ත්‍රිවිධ විමෝක්‍ෂනාමය ලබා නම් අභිධර්‍මයෙහි කුමක් හෙයින් විමොක්ෂ ද්‍වයයෙක් ආයේ ද

“යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නීයානිකං අපචයගාමි දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙච කාමෙහි- පඨමජ්ඣානං උපස්මපජ්ජ විහරති. අප්පණිහිතං -පෙ- සුඤ්ඤතං” [5]

‘යම් කලෙක දෘෂ්ටීන් ගේ ප්‍ර‍හාණය පිණිස (සෝවාන් ඵලයට පැමිණීම පිණිස) නීයානික වූ ත්‍රෛභූමක වූ සංස්කාරයන් විධ්වංසනය කෙරෙමින් පැවැති ලෝකෝත්තර ධ්‍යානය වඩා ද කාමයෙන් (සමුච්ඡෙද ප්‍ර‍මාණයෙන්) වෙන්වැ අප්පණිහිත නම් වූ ද, සුඤ්ඤත නම් වූ ද ප්‍ර‍ථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එහෙයින් මෙසේ විමොක්‍ෂ දෙකක් ම වදාරන ලදැයි දත යුතු.

විශේෂ:- අභිධර්‍ම පර්‍ය්‍යායයෙහි ඒ විමොක්‍ෂද්‍වයයක් (නිෂ්පර්‍ය්‍යායෙන්) විදර්‍ශනායෙන් මාර්‍ගගමනය සඳහා වදාරන ලදී.

අනිමිත්ත විපස්සනා ආගමනීය ස්ථානයෙහි සිට තමා ගේ මාර්‍ගයට නම් දෙන්නට නො පොහොසත් වේ. (සත්‍යයෙහි මේ පිළිබඳ මතාන්තර සහිත වැ විස්තර වේ.)

විස්තර:- විදර්‍ශනා ඥානය වැලිත් ( පටිසම්භිදාමග්ගයෙහි) අනිච්චානුපස්සනා ඤාණය නිත්‍ය වශයෙන් අභිනිවේශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛය, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් අභිනිවෙශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛ ය. අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් අභිනිවේශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛය යි. මෙසේ අභිනිවෙශ මුඤ්චන වශයෙන් සුඤ්ඤතාවිමොක්ඛයයි ද,

අනිච්චානුපස්සනා ඤාණය නිත්‍ය වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්තවිමෝක්‍ෂයයි ද, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්තවිමෝක්‍ෂයයි ද, අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්ත විමොක්‍ෂය යි ද, මෙසේ නිමිත්ත මිදීම් වශයෙන් අනිමිත්ත විමොක්‍ෂය යි ද,

අනිච්චානු පස්සනා ඤාණය නිත්‍ය වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍ර‍ණිධිය මුදන හෙයින් අප්‍ර‍ණිහිතවිමොක්‍ෂය යි ද, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍ර‍ණිධිය මුදන හෙයින් අප්‍ර‍ණිහිතවිමෝක්‍ෂය යි ද, අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍ර‍ණිධිය මුදන හෙයින් අප්‍ර‍ණිහි තවිමෝක්‍ෂය යි ද, මෙසේ ප්‍ර‍ණිධි මිදීම් වශයෙන් අප්‍ර‍ණිහිතවිමෝක්‍ෂය යි ද කියන ලදි.

එහෙත් ඒ ත්‍රිවිධ විදර්‍ශනාඥානය සංස්කාර නිමිත්ත දුරු නො කරන හෙයින් නිෂ්පර්‍ය්‍යායයෙන් අනිමිත්තවිමෝක්‍ෂ නො වේ.

නිෂ්පර්‍ය්‍යායයෙන් වනාහි සුඤ්ඤතාවිමෝක්ඛ ද, අප්පණිහිත විමෝක්ඛ ද වේ. අභිධර්‍ම ක්‍ර‍මයෙහි ඒ දර්‍ශන (ඥාන) යාගේ ආගමන වශයෙන් ආර්‍ය්‍යමාර්‍ගක්ෂණයෙහි විමෝක්ෂයට නගන ලදි. එහෙයින් නිෂ්පර්‍ය්‍යාය භාවයෙන් අප්පණිහිත යැ, සුඤ්ඤත යැ යි විමෝක්ෂ දෙක්ක ම වදාරණ ලදැ යි දතයුතු."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll