350. සීලබ්බතපරාමාස ප්‍රහාණය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සීලබ්බත පරාමාස යන්න ප්‍රහාණය කරන්නේ කෙසේද?

A / R. "‘සීලබ්බත පරාමාස කායගන්ථය’ යනු සසර දුකින් මිදීමට කරුණු නො වන ගෝ - ශීල, ගෝ - ව්‍ර‍තාදිය නිවන් මග යයි තදින් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය ය. ‘ඉදං සච්චාභිනිවේස කායගන්ථ’ යනු සත්‍යය මෙය ම ය. අනික් සියල්ල බොරු ය කියා නිත්‍ය ආත්මයක් ඇත ය යනාදීන් වරදවා ගත් දෙයක් තදින් ම ගන්නා දෘෂ්ටිය ය.

සීලබ්බත පරාමාස - ඉදංසච්චාභිනිවේස යන දෙක ම ධර්‍ම වශයෙන් ගන්නා කල්හි එක ම දෘෂ්ටි චෛතසිකය ය.
දෘෂ්ටිය ය, විචිකිත්සාවය යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අපායෙහි උපදවන තරමට ඖදාරික වූ අන්‍ය ක්ලේශයෝ ද ප්‍ර‍හාණය කරනු ලැබෙත්."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll