Q. නොයෙක් ආකාර වලින් පවතින නිසා විසිතුරු බවින් අග්‍ර වූ සිත, සත්ව ලෝකය ගැන සඳහන් වෙන සූත්‍රයක් ත්‍රිපිටකයේ තිබෙනවා ද?
A. "මහණෙනි, මේ තිරිසන්ගත ප්‍රාණීහු යම් බඳු වෙත් ද මහණෙනි, එසේ විසිතුරු වූ අන් එක ද සමූහයක් මම නො දකිමි. මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීහු ද සිතින් ම විසිතුරු වූහ. මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීන්ට ද වඩා සිත ම ඉතා විසිතුරු යැ. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, කෙලෙසීමෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්වයෝ පිරිසිදු වෙත්.
මහණෙනි, යම්සේ, රජකයෙක් වේවයි, සිත්තරෙක් වේවයි, රඳන් හෝ ලතු හෝ රන්වන් පැහැය හෝ නිල්පැහැය හෝ මදට හෝ ඇති කල්හි මැනවින් මට වූ පුවරුවෙක හෝ බිතෙක හෝ රෙදිපිටෙක හෝ සියලු අඟපසඟ ඇති ඉතිරි රුවක් වේවයි පුරුෂ රුවක් වේවයි මවන්නේද? මහණෙනි, එසෙයින් මැ අශ්‍රැතවත් පෘථග්ජන නිපදවන්නේ රූපය මැ නිපදවයි. වේදනාව මැ ... සංඥාව මැ ... සංස්කාර මැ ... නිපදවන්නේ විඥානය ම නිපදවයි.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ?යි.
වහන්ස, අනිත්‍ය ය. ...
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය ය. ...
මහණෙනි එ හෙයින් මෙහි ලා මෙසේ දක්නා ... මේ බැව් පිණිස අන්කිසෙක් නැතැ යි දැනගනී."
["නාහං භික‍්ඛවෙ, අඤ‍්ඤං එකනිකායම‍්පි සමනුපස‍්සාමි, එවං චිත‍්තං. යථයිදං භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා. තෙ’පි ඛො භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා චිත‍්තෙනෙව චිත‍්තිතා,3 තෙහි’පි ඛො භික‍්ඛවෙ, තිරච‍්ඡානගතෙහි පාණෙහි චිත‍්තඤ‍්ඤෙව චිත‍්තතරං. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුනා අභික‍්ඛණං4 සකං චිත‍්තං පච‍්චවෙක‍්ඛිතබ‍්බං “දීඝරත‍්තමිදං චිත‍්තං සංකිලිට‍්ඨං රාගෙන දොසෙන මොහෙනා”ති. චිත‍්තසංකිලෙසා භික‍්ඛවෙ, සත‍්තා සංකිලිස‍්සන‍්ති. චිත‍්තවොදානා සත‍්තා විසුජ‍්ඣන‍්ති.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, රජකො වා චිත‍්තකාරකො වා සති රජනාය වා ලාඛාය වා හලිද‍්දියා වා නීලාය වා5 මඤ‍්ජෙට‍්ඨාය වා සුපරිමට‍්ටෙ6 වා ඵලකෙ භිත‍්තියා වා දුස‍්සපටෙ වා ඉත්‍ථිරූපං වා පුරිසරූපං වා අභිනිම‍්මිනෙය්‍ය සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො රූපඤ‍්ඤෙව අභිනිබ‍්බත‍්තෙන‍්තො අභිනිබ‍්බත‍්තෙති. වෙදනඤ‍්ඤෙව -පෙ- සඤ‍්ඤඤ‍්ඤෙව -පෙ- සඞ‍්ඛාරෙයෙව -පෙ- විඤ‍්ඤාණංයෙව අභිනිබ‍්බත‍්තෙන‍්තො අභිනිබ‍්බත‍්තෙති.
තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
අනිච‍්චං භන‍්තෙ -පෙ-.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වා ති?
අනිච‍්චං භන‍්තෙ -පෙ-
තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායති පජානාතීති."]