958. පරතෝඝෝසක ප්‍රත්‍ය යනු කුමක්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පරතෝගෝෂක ප්‍රත්‍ය යනු කුමක්ද?


A. (බුදුහිමියන් / ධර්ම දේශකයන් වහන්සේලා / ධර්ම දේශකයන් ඇතුළුව)  අනුන්ගෙන් (වෙනත් අයගෙන්) අහගන්නා (කියවා දැනගන්නා) දේ හේතු වීම යි. වෙනත් අයගෙන් අහගන්නා දේ “ධර්මය” (සත්ධර්මය / සද්ධර්මය) හෝ “අධර්මය” (අසත්ධර්මය / අසද්ධර්මය) විය හැකි බැවින්, මෙය “සම්මා දිට්ඨිය”ට හෝ “මිත්‍යා දෘෂ්ටිය”ට හේතු වේ.

A. "එහි පරතෝඝෝසය කවරෙ යත්: මෙරමාගේ වශයෙන් යම් දේශනායෙක් අවවාදයෙක් අනුශාසනායෙක් සත්‍යකථායෙක් සත්‍යානුලොම ධර්මයෙක් වේ ද එය යි.”


A. “... ස්කන්ධයෝ ද දෘෂ්ටි ස්ථානයකි. අවිද්‍යාව ද, ස්පර්ශය ද, සංඥාව ද, විතර්කය ද අයෝනිසෝ මනසිකාරය ද, පාප මිත්‍රයා ද, පරතෝඝෝසය ද දෘෂ්ටි ස්ථානයකි. ...”


A. “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් (අසද්ධර්‍මය) ඇසීම හා නුනුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.”

[ද‍්වෙමෙ භික‍්ඛවෙ පච‍්චයා මිච‍්ඡාදිට‍්ඨියා උප‍්පාදාය. කතමෙ ද‍්වෙ: පරතො ච ඝොසො, අයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පච‍්චයා මිච‍්ඡාදිට‍්ඨියා උප‍්පාදාය.]

“ද්වෙමෙ භික්ඛවෙ, පච්චයා මිච්ඡාදිට්ඨියා උප්පාදාය. කතමෙ ද්වෙ? පරතො ච ඝොසො, අයොනිසො ච මනසිකාරො”තිආදි (අ• නි• 2.126) පරෙහි සුතා, දෙසිතා වා දෙසනා පරතොඝොසො.”

T. "අවිද්‍යා හේතු -පෙ- පාපමිත්‍රයා -පෙ- පරතෝ ඝෝෂ හේතු, පරතො ඝෝෂ ප්‍රත්‍යය දෘෂ්ටීන් නිසා හටගන්නා අර්ථයෙන්, මෙසේ පරතො ඝෝෂයද දිට්ඨිට්ඨානයකි."
"අවිජ‍්ජා හෙතු…පෙ… පාපමිත‍්තො හෙතු. පරතොඝොසො හෙතු, පරතොඝොසො පච‍්චයො දිට‍්ඨිට‍්ඨානං උපාදාය සමුට‍්ඨානට‍්ඨෙන, එවං පරතොඝොසොපි දිට‍්ඨිට‍්ඨාන”න‍්ති (පටි· ම· 1.124)."

"පරතොඝෝෂය සමුත්‍ථානාර්ථයෙන් දෘෂ්ටීන්ගේ ඉපදීමට හේතු වේ. පරතෝඝෝෂය ප්‍රත්‍යය වේ."
"පරතොඝොසො හෙතු, පරතොඝොසො පච‍්චයො දිට‍්ඨීනං උපාදාය සමුට‍්ඨානට‍්ඨෙන. එවං පරතොඝොසොපි දිට‍්ඨිට‍්ඨානං”

"අට‍්ඨමෙ පරතො ච ඝොසොති පරස‍්ස සන‍්තිකා අස‍්සද‍්ධම‍්මසවනං.
අටවැන්නෙහි පරතො ච ඝොසො යනු අනුන් සමීපයෙන් අසත්දම් ඇසීමයි."
"නවමෙ පරතො ච ඝොසොති පරස‍්ස සන‍්තිකා සද‍්ධම‍්මසවනං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
නවවැන්නෙහි පරතො ච ඝොසො යනු සදහම් ඇසීමයි. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll