742. සොත - සෝත කියන්නේ (කන ද / කණ ද?) ඇයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සෝතාපන්න යන්නෙහි සෝත යන්නට සමහරු ශ්‍රවණය ලෙසද... සමහරු ආර්‍ය අෂ්ටාංගික මග ලෙසද දක්වයි... මෙය ලෙහා ගමුද?

A. “සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද”?
“ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.

“සාරිපුත්තය, සෝතාපන්නය, සෝතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සෝතාපන්න තෙම කවරේද?”
“ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.”
‘‘‘සොතො, සොතො’ති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතො’’ති? ‘‘අයමෙව හි, භන්තෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධී’’ති. ‘‘සාධු සාධු, සාරිපුත්ත! අයමෙව හි, සාරිපුත්ත, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි’’.
‘‘‘සොතාපන්නො , සොතාපන්නො’ති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතාපන්නො’’ති ? ‘‘යො හි, භන්තෙ, ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො අයං වුච්චති සොතාපන්නො, ස්වායං ආයස්මා එවංනාමො එවංගොත්තො’’ති.

https://pitaka.lk/main?n=252012&p=1001

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“සාරිපුත්තය, සොතාපත්ති අංගය, ශොතාපත්ති අංගයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතාපත්ති අංගය වනාහි කවරක්ද?”
“ස්වාමීනි, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි ධර්මශ්‍රවණය සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකියි’
“සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්‍රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි. සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද”?
“ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාරිපුත්තය, සෝතාපන්නය, සෝතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සෝතාපන්න තෙම කවරේද?”
“ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.”
“සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේයයි’ වදාළේය.

අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච - ‘‘‘සොතාපත්තියඞ්ගං, සොතාපත්තියඞ්ග’න්ති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමං නු ඛො සාරිපුත්ත, සොතාපත්තියඞ්ග’’න්ති? ‘‘සප්පුරිසසංසෙවො හි, භන්තෙ, සොතාපත්තියඞ්ගං, සද්ධම්මස්සවනං සොතාපත්තියඞ්ගං, යොනිසොමනසිකාරො සොතාපත්තියඞ්ගං, ධම්මානුධම්මප්පටිපත්ති සොතාපත්තියඞ්ග’’න්ති. ‘‘සාධු සාධු, සාරිපුත්ත! සප්පුරිසසංසෙවො හි, සාරිපුත්ත, සොතාපත්තියඞ්ගං, සද්ධම්මස්සවනං සොතාපත්තියඞ්ගං, යොනිසොමනසිකාරො සොතාපත්තියඞ්ගං, ධම්මානුධම්මප්පටිපත්ති සොතාපත්තියඞ්ගං’’.
‘‘‘සොතො, සොතො’ති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතො’’ති? ‘‘අයමෙව හි, භන්තෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධී’’ති. ‘‘සාධු සාධු, සාරිපුත්ත! අයමෙව හි, සාරිපුත්ත, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි’’.
‘‘‘සොතාපන්නො , සොතාපන්නො’ති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතාපන්නො’’ති ? ‘‘යො හි, භන්තෙ, ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො අයං වුච්චති සොතාපන්නො, ස්වායං ආයස්මා එවංනාමො එවංගොත්තො’’ති. ‘‘සාධු සාධු, සාරිපුත්ත! යො හි, සාරිපුත්ත, ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො අයං වුච්චති සොතාපන්නො, ස්වායං ආයස්මා එවංනාමො එවංගොත්තො’’ති. පඤ්චමං.

https://pitaka.lk/main?n=252012&p=1001

{"සොතාපන්නොති සොතං ආපන්නො; සොතොති ච මග්ගස්සෙතං අධිවචනං. සොතාපන්නොති තෙන සමන්නාගතස්ස පුග්ගලස්ස."

https://tipitaka.app/?a=3a1-329-si
https://tipitaka.app/?a=ga1-778-si}



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll