878. රාහු අසුරිඳුගේ දේහ විලාශය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රාහු අසුරිඳුගේ දේහ විලාශය ගැන සඳහන් වන්නේ කෙසේද? ත්‍රිපිඨකයේ හෝ අටුවා වල ඒ ගැන යම් සඳහනක් තිබේද?

A. තව ද; බුදුන් එම පූර්වාරාමයෙහි දී රාහු අසුරෙන්ද්ර සුමන සාමණෙරාදීන්ගෙන් ලද නමස්කාර දහර භික්ෂු ප්රුතිපත්ති පූජා නම් කවර යත්? - මේ එහි පිළිවෙළ කථාව ය: ඒ රාහු අසුරිඳු නම් මෙර පත්ලෙහි දසදහස් යොදුන් අසුර භවනයෙහි වෙසෙයි, එ තෙමේ සාරදහස් අටසියයක් යොදුන් උස ඇත්තේ ය, පත්ලෙහි පටන් දණසන්ධියට එක් දහස් දෙසියයක් යොදුන් උස ය, දණ පටන් නාභියට එක්දහස් දෙසියයක් යොදුන් උස ය, නාභියෙහි පටන් ගලසරට එක්දාස්දෙසියයක් යොදුන් උස ය, ගලසර පටන් ඉස් මුදුනට එක්දහස් දෙසියයක් යොදුන් උස ය. දකුණු උරවට පටන් වම් උරවටට එක්දහස් දෙසියයක් යොදුන, ඉසවට නවසියයක් යොදුන් පමණය, නළල තුන්සියයක් යොදුන් පමණ ය, බැමතුර පනස් යොදුන් පමණ ය, මුඛ ය දෙසියයක් යොදුන් පමණය, ගැඹුර තුන්සියයක් යොදුන් පමණය, අතුල් පතුල් පළල දෙසියයක් යොදුන් පමණය, ඇඟිලි පුරුක් පනස් පනස් යොදුන් ්පමණ ය, එකි එකී පියවර සත් සිය පනස් යොදුන් දිග ය, රියන එක්දහස් දෙසියයක් යොදුන් දිග ය, වියත සසියයක් යොදුන් දිග ය, එක ඇඟිල්ලෛන් හිරිමඬල සඳමඬල වසාගන්ති, මෙසේ වූ උස මහත ඇති හෙයින් “මෙ තුන්ලොව ම මට වඩා උස් මහත් කෙනෙක් නැතැ”යි අභිමාන ව බුදුන් කරා නො එළඹෙයි. - පූජාවලිය - නමස්කාරාදි පූජා කථා.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll