A. "දෙවැන්නෙහි, 1. විගතමලමච්ඡෙරෙන යනු දුරුවූ මසුරුමලිනි. 2. මුත්තචාගො යනු අත්හරනාලද ත්‍යාගය ඇත්තේයි. 3. පයතපාණී යනු සේදූ අත් ඇත්තේයි. සැදැහැනැත්තා වනාහි සියවරක් අත දොවාද කිළිටි අතැත්තේමවෙයි. සැදැහැවතා වනාහි දානයෙහි සිත ඇලවූ හෙයින් කිළිටි අතැත්තේද දෙවූ අතැත්තේමය. 4. වොස්සග්ගරතො යනු පරිත්‍යාග සංඛ්‍යාත දානයෙහි ඇලුනේයි. 5. යාචයොගො යනු ඉල්ලීමට සුදුසුවූයේයි. නැතහොත් යාචකයන් සමඟ එක්වීම මොහුගේනුයි යාචයොග නම්වේ. 6. දානසංවිහාගරතො යනු දන් දෙමින්ම දානය මනාව බෙදාදීම කරන්නේද දානසංවිහාගරත නමි.
දුතියෙ විගතමලමච‍්ඡෙරෙනාති විගතමච‍්ඡරියමලෙන. මුත‍්තචාගොති විස‍්සට‍්ඨචාගො. පයතපාණීති ධොතහත්‍ථො. අස‍්සද‍්ධො හි සතක‍්ඛත‍්තුං හත්‍ථෙ ධොවිත්‍වාපි මලිනහත්‍ථොව හොති, සද‍්ධො පන දානාභිරතත‍්තා මලිනහත්‍ථොපි ධොතහත්‍ථොව. වොස‍්සග‍්ගරතොති වොස‍්සග‍්ගසඞ‍්ඛාතෙ දානෙ රතො. යාචයොගොති යාචිතුං යුත‍්තො, යාචකෙහි වා යොගො අස‍්සාතිපි යාචයොගො. 6. දානසංවිභාගරතොති දානං දදන‍්තො සංවිභාගඤ‍්ච කරොන‍්තො දානසංවිභාගරතො නාම හොති."
"දෙවන වර්ගයේ පළමු වැන්නේ - වතපදානි ව්‍රත කොටස්, සමත්තානි සම්පූර්ණ කරන ලද, සමාදින්නානි ගන්නා ලද, කුලෙජෙට්ඨාපචායී පවුලේ ජ්‍යෙෂ්ඨයන් - සීයා, ආච්චි, සුළු පියා, සුළු මව, මාමා, නැන්දා යනාදී ගරු කටයුතු වූවෝ, සණ්හවාචො ප්‍රිය මෘදු මධුර වචන ඇත්තේ, මුත්තචාගො ලිහන ලද ත්‍යාග ඇත්තේ, පයතපාණී දෙය්‍ය ධර්ම දීම පිණිස සෑම කල්හි සේදූ අත් ඇත්තේ, වොස්සග්ගරතො ත්‍යාග දීමෙහි ඇළුනේ, යාචයොගො අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසු වූ, නැතහොත් යාචයෝගයෙන් ම යුක්ත වූ, දානසංවිභාගරතො දානයෙහිත් බෙදා දීමෙහිත් ඇළුනේ.
දුතියවග‍්ගස‍්ස පඨමෙ වතපදානීති වතකොට‍්ඨාසානි. සමත‍්තානීති පරිපුණ‍්ණානි. සමාදින‍්නානීති ගහිතානි. කුලෙ ජෙට‍්ඨාපචායීති කුලජෙට‍්ඨකානං මහාපිතා මහාමාතා චූළපිතා චූළමාතා මාතුලො මාතුලානීතිආදීනං අපචිතිකාරකො. සණ‍්හවාචොති පියමුදුමධුරවාචො. මුත‍්තචාගොති විස‍්සට‍්ඨචාගො. පයතපාණීති දෙය්‍යධම‍්මදානත්‍ථාය සදා ධොතහත්‍ථො. වොස‍්සග‍්ගරතොති වොස‍්සජ‍්ජනෙ රතො. යාචයොගොති පරෙහි යාචිතබ‍්බාරහො, යාචයොගොති වා යාචයොගෙනෙව යුත‍්තො. දානසංවිභාගරතොති දානෙ ච සංවිභාගෙ ච රතො."
"1. මුත්තචාගො = පතුරුවන ලද පරිත්‍යාගය ඇත්තේ 2. පයතපාණී = පැමිණි අයගේ දානය සඳහා සේදු අත් ඇත්තේ 3. වොස්සග්ගරතො = වොස්සග්ග යයි කියනු ලබන ත්‍යාග කිරීමෙහි ඇලුණේ 4. යාචයොගො = ඉල්ලීම සුදුසු වන්නාවූ 5. දාන සංවිභාගරතො = දානයෙහි දී අල්පමාත්‍ර වූ හෝ කිසිවක් ලැබුණේ නම් එය ද බෙදීමෙහි කැමති වන්නාවූ, 6. අප්පටි විභත්තං = මෙය අපට ය, මෙය භික්ෂූන්හටය යනුවෙන් මෙසේ නොබෙදෙන ලද සියල්ල දිය යුතු වී සිටියේය යන අර්ථයයි.
මුත‍්තචාගොති විස‍්සට‍්ඨචාගො. පයතපාණීති ආගතාගතානං දානත්‍ථාය ධොතහත්‍ථො. වොස‍්සග‍්ගරතොති වොස‍්සග‍්ගසඞ‍්ඛාතෙ චාගෙ රතො. යාචයොගොති යාචිතබ‍්බකයුත‍්තො. දානසංවිභාගරතොති දානෙන චෙව අප‍්පමත‍්තකම‍්පි කිඤ‍්චි ලද‍්ධා තතොපි සංවිභාගෙ රතො. අප‍්පටිවිභත‍්තන‍්ති “ඉදං අම‍්හාකං භවිස‍්සති, ඉදං භික‍්ඛූන”න‍්ති එවං අකතවිභාගං, සබ‍්බං දාතබ‍්බමෙව හුත්‍වා ඨිතන‍්ති අත්‍ථො."