821. නපුංසක වෙලා ඉපදෙන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යම් පුද්ගලයන් ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන එනම් නපුංසක ආත්මයන් හී උපදියි. මේ පිළිබදව බුදු දහමේ ධර්ම කරුණු වල විස්තර කෙරෙනවාද?
මෙසේ ඉපදිමය බලපාන හේතු සාධක මොනවාද?

A. "වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම වජ්ජි ජනපදයෙහි කුලයකට (උත්පත්ති වශයෙන්) පැමිණියෙමි. අතිශයින් දුර්ලභ වූ මනුෂ්‍යාත්මයෙහි ස්ත්‍රියක් ද නො වීමි. පුරුෂයෙක් ද නො වීමි. (නපුංසක වීමි. එය ද) මාගේ ඒ පරදාරගමන කර්මයාගේ විපාකයෙකි."

මහානාරදකස්සප ජාතකය.
http://www.thripitakaya.org/tipitakaya/Index/987?s=23571

A. ඉසිදාසී ථෙරීගාථා.
http://www.thripitakaya.org/tipitakaya/Index/850?s=22367

"මම් එයින් සැවැ නගරවීථියෙහි ගෘහදාසියක කුස උපන්නෙමි, පරදාරයන් කරා ගොස් යම්සේ ද එපරිදි නො ඉතිරි නො පිරිමි වීමි. (ජාතිනපුංසක වීමි’යි සේයි.)"

[ලොහකුම්භ-ජාතකය]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll