131. "සීලබ්බතපරාමාසය" යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q"සීලබ්බතපරාමාසය" යනු?


A / R. "එහි සීලබ්බතපරාමාසය දෙපරිදි වෙයි : සිල් ඇත්තහුගේ හෝ ශුද්ධි ඇත්තහුගේ හෝ යැ.

එහි සිල්ඇත්තහුගේ සීලබ්බතපරාමාසය කවරැ : මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවාන්‍යතරයෙකිම් වෙමි, එහි පරෙවිපා ඇති අප්සරාවන් සමග ක්‍රීඩා කෙරෙමි, රමණය කෙරෙමි, සිත් අලවා වෙසෙමි එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ඇලීමක් රාගයෙක් රාගපරිවර්තක දෘෂ්ටියක් දැක්වීමක් වේ ද මේ සිල් ඇත්තහුගේ ශීලව්‍රතපරාමර්ශ යි.

එහි ශුද්ධිඇත්තහුගේ සීලබ්බතපරාමාස කවරැ: මෙලොවැ කිසිවෙක් ශීලය පරාමර්ශ කෙරෙයි : ශිලයෙන් ශුද්ධවෙයි, ශීලයෙන් (සුවයට) පමුණුවයි, ශීලයෙන් මිදෙයි, සුව ඉක්මවයි, දුක් ඉක්මවයි, සුවදුක් ඉක්මවයි, උපරිමභාවයට පැමිණෙයි. ඒ ශීලව්‍රත දෙක පරාමාර්ශ කෙරෙයි: ඒ ශීලව්‍රත දෙකින් ශුද්ධ වෙති, මිදෙති, පමුණුවති, සුව ඉක්මවති, දුක් ඉක්මවති, සුවදුක් ඉක්මවති, (නිවනට) පැමිණෙත් යයි. (අවිසුචිකරං ... මෙහි සිට වාක්‍ය ය ව්‍යාකල යි.) එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් මුක්තියක් ප්‍රෙක්ෂණයෙක් ආකාරපරිවතර්කයෙක් දෘෂ්ටිය සිතීමෙක් දැකීමෙක් වේ ද, මේ විශුද්ධි ඇත්තහුගේ සීලබ්බතපරාමාස යි."
"එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ’’ආනන්‍දය, සාරයයි එළඹ සිටින්නාවූ,- (සාරයයි සිතන්නාවූ) සියලු සීලයද, ව්‍රතයද, දුෂ්කර ක්‍රියාවද, බ්‍රහ්මචර්‍ය්‍යාවද ඵල සහිත වෙයිද?’’ යනුයි. - ’’ස්වාමීනි, ඒකාන්ත වශයෙන්ම ඵල සහිත නොවේ.’’

"ආනන්‍දය, එසේ නම් බෙදා දක්වනු.’’ ’’ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක්, ව්‍රතයක්, දුෂ්කර ක්‍රියාවක්, බ්‍රහ්මවර්‍ය්‍යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත් නම්, කුශල ධර්මයෝ පිරිහෙත් නම්, සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය, ව්‍රතය, දුෂ්කර ක්‍රියාව, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල රහිත වෙයි.’’

"ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක්, ව්‍රතයක්, දුෂ්කර ක්‍රියාවක්, බ්‍රහ්මචර්‍ය්‍යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය, ව්‍රතය, දුෂ්කර ක්‍රියාව, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල සහිතයයි.’’ කීය.

ආනන්‍ද ස්ථවිර තෙම මෙසේ කීය. ශාස්තෲන් වහන්සේ සතුටින් පිළිගත්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ මගේ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටින් පිළිගත් සේකැයි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව කොට ගියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් ගිය නොබෝ වේලාවකින් භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. "මහණෙනි, ආනන්‍ද තෙමේ ශෛක්‍ෂයෙකි. ශෛක්‍ෂ ප්‍රඥාවෙන් ඔහුට සමවූවෙක් සුලභ නොවේය’’ යි වදාළ සේක."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll