901. ප්‍රතිසන්ධි කෘත්‍ය සිදුකරන සිත් මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ප්‍රතිසන්දි කෘත්‍ය සිදුකරන
1, අහේතුක ප්‍රතිසන්දි යුගලය
2, මහා විපාක අට
3, මහග්ගත විපාක නවය. පැහැදිලි කර දෙන්න. බුදුසරණයි!

A. 1. I. අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය.
II. කුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණය.

2. I. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
II. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
III. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
IV. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
V. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
VI. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
VII. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
VIII. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.

3. I. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ප්‍ර‍ථම ධ්‍යාන (විපාක) සිතය.
II. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ද්විතීය ධ්‍යාන (විපාක) සිතය.
III. ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත තෘතීය ධ්‍යාන (විපාක) සිතය.
IV. සුඛ ඒකාග්‍ර‍තා සහිත චතුර්ථ ධ්‍යාන (විපාක) සිතය.
V. උපේක්ෂා ඒකාග්‍ර‍තා සහිත පඤ්චම ධ්‍යාන (විපාක) සිතය.
VI. ආකාසානඤ්චායතන විපාක සිතය.
VII. විඤ්ඤාණඤ්චායතන විපාක සිතය.
VIII. ආකිඤ්චඤ්ඤායතන විපාක සිතය.
IX. නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක සිතය.

S. {"උපේක්ෂා සහගත සන්තීරණ දෙකය, මහා විපාක අට ය, මහද්ගත විපාක නවය ය යන මේ සිත් දහනවය ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති යන කෘත්‍ය තුන සිදු කරන සිත් ය. ඒ එක් එක් සිතකින් කෘත්‍ය තුන ම සිදු කරන නමුත් එක වරක දී සිදු කරන්නේ එක් කෘත්‍යයක් පමණෙකි."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll