Q. ජීවිතය කලකිරුනු ඇත්තන් පැවිදි වීම සුදුසු ද?
Is it okay to become a monk when life is disappointing?
A. (අවසරයි අපේ හාමුදුරුවනේ!)
1. අවබෝධයෙන් කලකිරීම, හා
2. අනවබෝධයෙන් කලකිරීම, ලෙස කලකිරීම වර්ග කළ හැකියැයි සිතේ.
එසේ ම, අවබෝධයෙන් කලකිරීමෙන් ම මිස, (වෙනත් කිසිදු අයුරකින් / කිසිදු හේතුවක් නිසා) අනවබෝධයෙන් කලකිරී පැවිදිවීම කිසිදු පාර්ශ්වයකට කිසිසේත් ම යහපතක් ගෙන දෙන්නක් නොවේ.
{අවබෝධයෙන් කලකිරීම “හිතන තරං / කියන තරං” පහසු ද නොවේ.}
{“ලෝකයේ ඇත්තා වූ දුඃඛය භයාකාරයෙන් දක්නා ඥානය සංවේග නමි. තමාට හෝ තමාගේ හිතවතකුට හෝ දුඃඛය පැමිණි කල්හි ද මතු දුකක් පැමිණෙන ලකුණු දුටු කල්හි ද මනුෂ්‍යයාට ඇතිවන දෙය චිත්ත සන්තාපය යි. සංවේගය චිත්ත සන්තාපය යන මොහු තරමකට සමාන ස්වභාව දෙකකි. එහි වෙනස මෙසේ දත යුතු. සංවේගය කිසි කලෙක ද්වේෂ සහගත නොවේ. එය කුශල පක්ෂය හා අව්‍යාකෘත පක්ෂය භජනය කරන්නකි. චිත්ත සන්තාපය ද්වේෂය හෝ ද්වේෂ සහගත ධර්මයක් හෝ වෙයි. එය සැම කල්හි ම අකුශල පක්ෂය භජනය කරන්නකි. තමා හා කිසි සම්බන්ධයක් නැති මධ්‍යස්ථ කෙනකුගේ දුඃඛය දක්නා කල්හි ලෝකයේ සැටි මෙසේ යැ යි සිත්හි ඇති වන්නා වූ කලකිරීම සංවේගයයි. ඒ දුක පැමිණි තැනැත්තා තමා විසින් ඇලුම් කරන්නකු වී නම් ඒ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ඇති වන්නේ චිත්ත සන්තාපයයි. චිත්තසන්තාපය නිෂ්ප්‍රයෝජන දෙයකි. සංවේගය දුකින් මිදීමට කරුණු වන්නකි. චිත්ත සන්තාපය උත්සාහයෙන් දුරු කළ යුත්තකි. සංවේගය උත්සාහ කොට වුවද ඇති කරගත යුත්තකි. චිත්ත සන්තාපය ම සමහර විට සංවේගයේ වේශයෙන් පහළ වේ. එයට රැවටුණු තැනැත්තේ ඒ අකුශලය කුශලයෙකැයි වඩන්නේය.”
https://pitaka.lk/books/wanchaka-dharma/13-29.html}
“පැවිද්ද වනාහි ශාසනයට බැස ගත් තැනැත්තා ගේ සිත කය යන දෙකට ම තිබිය යුත්තකි. හිසකේ දැළි රැවුල් ඉවත් කොට ගිහි ඇඳුම් පැළඳුම් ඉවත් කොට සිවුරු හැඳ පොරවා ගැනීමෙන් සිදුවන්නේ කය පැවිදි කිරීම පමණෙකි. කෙස් රැවුල් ඇඳුම් පැළඳුම් සේ ගිහි සිත ඉවත් කළ හැකි නොවේ. සිවුර හැඳ පොරවා ගත් තැනැත්තාට ඔහුගේ ගිහි සිත එසේ ම පවත්නේ ය. කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය. සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් නො කළ හැකි ය. එය කිරීමට කලක් ගත වේ. කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය. එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙළවර කරති.
බුදුසස්නෙන් ලැබිය යුතු - පැවිද්දෙන් ලැබිය යුතු නියම ප්‍රයෝජනය ලැබීමට නම්, සිත කය දෙක ම පැවිදි කර ගත යුතු ය. කයෙහි පමණක් පැවිද්ද ඇති, ගිහි සිත් ඇති තැනැත්තාහට පැවිද්ද අමිහිරි ය. ඔහුට පැවිද්දෙහි ආස්වාදයක් - සතුටක් නැත. ඔහුට වැටහෙන්නේ සිල් රැකීම මහත් කරදරයක් ලෙස ය. දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැඳීම - වත් පිළිවෙත් කිරීම - ධර්මය උගෙනීම - භාවනා කිරීම යනාදි ශ්‍රමණ කෘත්‍යයන් පලක් නැති කරදර වැඩ ලෙස ය. එබැවින් ඔහු හැකිතාක් ඒවායින් ඈත්වීමට බලයි. කරන්නේ ද යම්තරමකට කරයි. ඔහුට ප්‍රිය වන්නේ පැවිද්දෙහි සිට කළ හැකි, ගිහියන්ට ද සාධාරණ යම්කිසි වැඩ කොටසක් වේ නම් ඒවාය. අශ්‍රද්ධාවත් ගිහියන් සමගත්, තමා වැනි පැවිද්දන් සමගත් තිරශ්චීන කථාවෙන් කල් යැවීම ඔහුට මිහිරි ය. විනෝද ගමන් යෑම මිහිරි ය. හොඳ ආහාරපාන - හොඳ භාණ්ඩ සැපයීම, මිල මුදල් සැපයීම ඔහුට මිහිරි ය. ඒවායේ ඔහු ඉතා කැමැත්තෙන් යෙදෙන්නේ ය . කය පැවිදි බවට පත්කරගෙන වෙසෙන අයට ගිහි සිත ද රිසි සේ ගිහි සැප විඳීමට අවකාශ නො ලැබෙන බැවින් ඔවුහු ගිහි සැපයෙන් ද පිරිහෙති. පැවිද්දෙන් ලැබිය යුතු ඵලයෙන් ද පිරිහෙති. ඔවුන් දෙලොවින් ම පිරිහෙන බව කිව යුතු ය.
“සිත පැවිදි කිරීමය” කියනුයේ සත්ත්වයන්ගේ සිත්වල ප්‍රකෘතියෙන් පිහිටා ඇති තෘෂ්ණා - මාන - දෘෂ්ටි - ද්වේෂ - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍යාදි පාපධර්මයන් සිතින් බැහැර කොට ඒවාට සිතෙහි රජකම් කරන්නට නො හැකි වන පරිදි, මෛත්‍රී - කරුණා - ශ්‍රද්ධා - ප්‍රඥා - අල්පේච්ඡතා - සන්තුෂ්ටිතා - භාවනාරාමතාදි ශ්‍රමණ ගුණවලින් සිත පොහොසත් කර ගැනීම ය. සිත සකස් කර ගැනීම ය. පැවිදි සිත යයි කියනුයේ එසේ සකස් කළ සිත ය. පැවිදි සිත ඇති තැනැත්තාහට පැවිද්ද මිහිරි ය. සැප ය. සිල් රැකීම ඔහුට මිහිරි ය. තුනුරුවන් වැඳීම - වත් පිළිවෙත් කිරීම - භාවනා කිරීම ධර්මය උගෙනීම ඔහුට මිහිරි ය. එබැවින් ඔහු ඉතා කැමැත්තෙන් සිල් රකී. අන්‍ය ශ්‍රමණ කෘත්‍යයන්හි ද කැමැත්තෙන් ම යෙදෙයි. ඔහු ඒවායේ යෙදවීමට නීති වුවමනා නැත. කංකානම්වරු වුවමනා නැත. ඔහුට කරදරයක් වශයෙන් වැටහෙන්නේ ඒවාට බාධා පැමිණීම ය.”
https://pitaka.lk/books/shasanavatharanaya/1.html
Disappointment can be categorized as - 1. Disappointing accompanied by Wisdom and 2. Disappointing accompanied by Ignorance / Hatred / Greed / Cankers / Troubles / Problems etc. so, I guess, the rest is pretty clear.