413. චොක්ලට් කෑම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. චොක්ලට් එකක් කන වෙලාවක් හිතමු. හැමොටම රසයක් දැනෙනවා. හැබැයි සමහරු චොක්ලට් වල රසට ප්‍රිය නැ. සමහරු ප්‍රියයි. මේ කාරනය අපි ගමු. මන් ගැටලු එකින් එක එවන්නම්;
1) මේ කාරනයේදි රූපස්කන්දය මොකක්ද? රූප උපාදානස්කන්දය කුමක්ද?
2) දුක්ක සත්ය කුමක්ද? දුක කුමක්ද? (මේ කාරනයට අදාලව)
3) අවිද්යාව යෙදුනේ කොතනද? තන්හාව යෙදුනෙ කොතනද?
4) කෙන කෙනා චොකලට් එකේ රසට කැමති අකමැති වෙන්න හේතුව?

A. 1. රූපස්කන්ධයත් චොක්ලට් එක ම ය; රූප-උපාදානස්කන්ධයත් චොක්ලට් එක ම ය.

2. දුක්ඛ සත්‍ය : චොක්ලට් එකේ ඇතිවීම, චොක්ලට් එක දියවීම, චොක්ලට් එක අවසන් වීම .... (ආදිය ද), චොක්ලට් එක තමාට අවශ්‍ය පදිරි පාලනය කළ නොහැකි වීම ද වේ.

දුක - චොක්ලට් එක නිසා ඇතිවන *(කායික)සුව/(මානසික)සතුට හා දුක/අසතුට.
[*සුව/සතුට නිසා ද නැවත දුක හට ගනී - මදක් ගැඹුරින් සිතා බලන්න.]

3. අවිද්‍යාව යෙදීම : චොක්ලට් එක ඇතිවීම නොදැනීම - ඇතිවන හේතු(ව) නොදැනීම - නැතිවීම නොදැනීම - නැතිවන ක්‍රම(ය) නොදැනීම නිසා, සැබෑවට ම චොක්ලට් එකක් ඇතැයි සිතීම; චොක්ලට් එකට කැමැත්ත හෝ අකමැත්ත එන්නේ චොක්ලට් එකෙන් යැයි සිතීම ... (ආදිය)

තණ්හාව යෙදීම : චොක්ලට් රසට කැමැත්ත හෝ අකමැත්ත (හෝ උපේක්ෂාව) ඇති(වීම.)කර ගැනීම.

4. චොක්ලට් රස දැනෙන දිව (කර්මජ ජිව්හා දශකය) හා පුද්ගලයා උපන් සිත (ප්‍රතිසන්ධි සිත / චරිත නානත්ත්වය) එකිනෙකාට වෙනස් (කර්ම විපාක) වීම.
[හා/හෝ චොක්ලට් රස කෙරෙහි පුද්ගලයා සිත පුරුදුකර ඇති ආකාරය (සංඥාව හෝ ජවන් සිත්).]

{ඉහත දක්වා ඇත්තේ හුදෙක් (ධර්මය අනුසාරයෙන් ගත්) මාගේ පෞද්ගලික මතය බව කරුණාවෙන් සලකන්න.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll