Q. බුදුරජාණන්වහන්සේ වදාල චතුරාර්ය සත්‍යය යේ ඇති දුක්ඛ සත්‍ය යේ සදහන් වන "ජාතිපි දුක්ඛා - ජාතිය දුකයි" යන්නෙහි, නිවැරදි තේරුම කුමක්ද?
සත්වයා උපදින කොට, ඒ කියන්නේ , උදාහරණයක් හැටියට, අම්මගේ ගර්භාෂයෙන් එලියට එනකොට, "පමණක්" ඇතිවෙන දුකද? මේ ය එසේනම් බුදුදහමට අනුව උපත ලැබිය හැකි ආකාර 4 ටම (අණ්ඩජ,ජලාබුජ, සංසේදජ, ඕපපාතික) මේ දුක සාධාරණ විය යුතුයි නේද?. උදාහරණයක් හැටියට, දෙවියන්ගේ ඕපපාතික ඉපදීම කියන එක ( "එම මොහොත") එම දෙවියාට දුකක් ද?, වේදනාවක් ද?
එහෙම නැතිනම් යම් තැනකින් චුත වෙලා මේ යම් භවයක "උපත" ලැබීමම කියන සංසිද්දිය ද දුක වශයෙන් හදුන්වන්නේ?
නැතිනම් වෙනත් අර්ථයක් ද?
තෙරුන් සරණයි !
A. “එහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි (අපරිපූර්ණායතන විසින්) යම් ඉපැද්මෙක් (පරිපූර්ණායතන විසින්) මොනොවට ඉපැද්මෙක් (අණ්ඩජජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංස්වෙදජ උපපාදුක විසින්) වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ ‘ජාති’ යි කියනු ලැබේ.”
https://www.thripitakaya.org/tipitakaya/Index/728?s=23649
"තත්ථ කතමා ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො – අයං වුච්චති “ජාති”."
https://tipitaka.app/?a=2b3-6-si
A. “ජාති දුක්ඛය.
‘ජාති’ යන මේ වචනය අර්ථ රාශියක් දෙන වචනයෙකි. මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි එයින් අදහස් කරනු ලබන්නේ භවයෙහි පළමු කොට ඉපදීම යන අර්ථය යි. එයින් ද කියැවෙනුයේ, මව්කුස පිළිසිඳ ගන්නා වූ සත්ත්වයන්ගේ පිළිසිඳීමේ පටන් බිහිවීම දක්වා ඇත්තා වූ ද අවශේෂ සත්ත්වයන්ගේ ප්‍රතිසන්ධික්ෂණයෙහි පහළවන්නා වූ ද ස්කන්ධයෝ ය. ඒ ජාතිය දුක් වනුයේ නොයෙක් දුක් වලට හේතු වන බැවිනි.
දුඃඛය වනාහි දුඃඛ දුඃඛය, විපරිණාම දුඃඛය, සංස්කාර දුඃඛය, ප්‍රතිච්ඡන්න දුඃඛය, අප්‍රතිච්ඡන්න දුඃඛය, පර්‍ය්‍යාය දුඃඛය, නිෂ්පර්‍ය්‍යාය දුඃඛය යි අනේකාකාර වේ. ...”
https://pitaka.lk/books/chathurarya-sathya/9-12-1.html
A. දිව්‍ය ලෝකයේ දුඃඛත්වය.
පින් බලයෙන් ම මිස නිකම් දෙව්ලොව ඉපදිය නො හැකිය. නිකම් ම නො ලැබිය හැකි බව පින් කිරීමෙන් ම, ලබාගත යුතු බව, දිව්‍ය ස්කන්ධපඤ්චකයේ සංඛත ස්වභාවයයි. දිව්‍යස්කන්ධයන්ගේ මේ සංඛත ස්වභාවය නිසා දෙව්ලොව උපදින්නට කැමති තැනැත්තාට දුක සේ සපයා ගන්නා වස්තුව දන් දෙන්නට සිදු වේ. සිල් රක්නට සිදු වේ. වැඩිමහල්ලන්ට වඳින්ට පුදන්නට වතාවත් කරන්නට ලිං පොකුණු මාවත් විහාර දාගැබ් ආදිය කරන්නට කරවන්නට සිදුවේ. තමාගේ පින් කුඩා වුවහොත් ලැබෙන සම්පත් කුඩා වේය, දුර්වල වේය යන බියෙන් බොහෝ වියදම් කොට මහ දන් දෙන්නට සිදු වේ. එසේ කරන්නට වීමෙන් සමහර විට දුප්පත්ව මුළු ජීවිත කාලයමත් දුකසේ ගත කරන්නට ද සිදුවේ. කොතෙක් පින් කළත් පව් සිදුවුවහොත් අපායට යන්නට වී බලාපොරොත්තු වන දිව්‍යත්වයට පැමිණිය නොහෙන බැවින් පව් සිදු නොවන ලෙස කය වචන සිත යන තුන ආරක්ෂා කර ගන්නට ද සිදුවේ.
පින් කිරීමත් මහත් කරදරයකි. පීඩාවකි. දුකෙකි. පව් සිදු නො වන පරිදි කායාදි ද්වාරත්‍රය ආරක්ෂා කිරීම ඉතා මහත් කරදරයෙකි. පව් සිදු නො වන සේ රැකෙන්නා වූ තැනැත්තාට ප්‍රීතිවීම සඳහා අන්‍යයන් කරන බොහෝ දේවල් අත්හැර දමන්නට සිදු වේ. ඔහුට රිසි සේ කෑම බීම පවා කරන්නට ද නො ලැබේ. රිසි සේ වස්තුව සපයන්නට ද නො ලැබේ. සමහර විට ඒ ප්‍රතිපත්තිය නිසා ලැබූ වස්තුව ද ආරක්ෂා කර ගන්නට ද නො හැකි වේ. අඹුදරුවන් පෝෂණය කිරීමට ද අපහසු වේ. අසනීපයක් වූ කල්හි ප්‍රතිකාර කර ගැනීමට පවා අපහසු වේ. කොතැනක දී වත් රිසි සේ හැසිරෙන්නට නො ලැබෙන බැවින් ඔහුට ලෝකය සිර ගෙයකි. මෙය දිව්‍යස්කන්ධ පඤ්චකයාගේ කුශල් කොට උපදවා ගත යුතු බව වූ සංඛත ස්වභාවය නිසා දිව්‍යස්කන්ධ පඤ්චකයට ආශා කරන්නා හට ලැබෙන දුක් රාශියයි. දිව්‍යත්වය බලාපොරොත්තු වන්නා ලවා මේ දුක් රාශිය වඳවීම දිව්‍යස්කන්ධ පඤ්චකයෙන් සත්ත්වයාට කරන පීඩනයයි. මෙසේ පීඩා කරන බැවින් ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය ඒකාන්ත දුඃඛයකි.
සත්ත්වයා විසින් දුකින් කළා වූ පින්වල බලයෙන් මරණින් මතු දෙව්ලොව උපන් කල්හි ද ඒ දිව්‍ය ශරීරයෙහි වූ චක්ෂුෂ් ශෝත්‍ර ඝ්‍රාණ ජිහ්වා කාය මන යන ෂඩ් ද්වාරයෙන් රාග ගිනි කඳන් වැදී, ඒ දිව්‍ය සන්තානය දවන්නේය. ඇතැම් විට ද්වේෂාග්නිය ද වැදී දවන්නේය. මෝහාග්නිය ද වැදී දවන්නේය. ඒ කෙලෙස් ගිනි වලින් පසුව ඒ දෙවියා අපායට හෙලා එහිදී ද දවන්නේය. ජාති ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස යන ගිනි වලින් ද ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය දවනු ලබන්නේය. මෙසේ රාගාදී ගිනි එකොළසකින් දවනු ලැබීම ඒ දිව්‍යස්කන්ධ පඤ්චකයේ සන්තාප ස්වභාවය යි. එකොළොස් වැදෑරුම් ගින්නකින් දවන තවන බැවින් ද දිව්‍යස්කන්ධ පඤ්චකය ඒකාන්තයෙන් ම දුඃඛයෙකි.
දෙවියන්ගේ ස්කන්ධ පඤ්චකය රූපාවචර ධ්‍යාන කුශලයට වඩා බොහෝ සෙයින් හීන වූ, දුර්‍වල වූ කාමාවචර කුශලයකින් උපදවන ලද්දක් බැවින් බ්‍රහ්ම ස්කන්ධ පඤ්චකය පවත්නා කාලයට වඩා ඉතා කෙටි කාලයක් පවත්නේය. කුශල ශක්තිය අවසාන වූ කල්හි බිඳී යාම දිව්‍යස්කන්ධ පඤ්චකයාගේ විපරිණාම ස්වභාවය යි. රුපියලක් දෙකක් වටිනා සුළු දෙයක් නැති වීම පවා දුකක් කණගාටුවක් වන කල්හි වටිනාකම පමණ කළ නො හෙන දිව්‍යාත්මභාවය විනාශ වී යන කල කෙසේ නම් ඉවසිය හැකි දුකක් වන්නේ ද? දිව්‍ය ස්කන්ධයාගේ ඒ විනාශය, එය උතුම් කොට ගෙන එහි ඇලී වාසය කරන්නා වූ දෙවියාට ඉවසිය නො හෙන දුකකි. මරණය ළං වූ කල්හි දෙවියන්ට ඒ බව දත හැකි වන පෙර නිමිති පහළ වෙයි. දෙවියේ ඒ පෙර නිමිති වලින් මරණය ළංව තිබෙන බව දැන ගනිති. එසේ දැනගත් කල්හි ඒ දෙවියාගේ සන්තානය ශෝක ගින්නෙන් දැවෙන්නට වන්නේය. ඒ විපරිණාමය නිසා ම දෙවියාට බොහෝ සෙයින් සිදුවන්නේ පහළට වැටීමට ය.
සමහර විටකදී දෙව් සැප විඳිමින් සිටිනා අතර චුත වී ඒ දෙවිවරු ඝෝර දුක් ඇති නරකයට ද වැටෙති. ප්‍රේත තත්ත්වයට ද වැටෙති. බල්ලන්, සිවලුන්, ඌරන්, කපුටන්, කබරයන් බවට ද පත්වෙති. පණුවන්, උකුණන්, මකුණන් බවට ද පත්වෙති. දිව්‍යස්කන්ධ පඤ්චකය නො බිදෙන ස්ථිර දෙයක් වේ නම් දෙවියන්ට මෙ බඳු විපරීත ස්වභාවයකට පත්වන්නට සිදු නොවේ. එසේ සිදුවන්නේ දිව්‍යස්කන්ධ පඤ්චකයේ විපරිණාම ස්වභාවය නිසා ම ය. මෙසේ විපරීත ස්වභාවයකට පහත් බවට පත් කිරීම දිව්‍යස්කන්ධ පඤ්චකයේ විපරිණාම දුඃඛයෙන් පෙළීම ය. අන්තයෙහි දී මේසා මහත් වූ විපරිණාම දුඃඛයකින් සත්ත්වයා පෙළෙන බැවින් ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය දුකෙකි. මෙසේ සෑම දිව්‍යස්කන්ධපඤ්චකයක් ම පීඩන ස්වභාවය සංඛත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය යන සතරක් වූ දුඃඛ ස්වභාවයෙන් යුක්ත බැවින් ද එයින් පෙළෙන බැවින් ද දුඃඛ සත්‍යය තත් වූ පරිදි දක්නා වූ තථාගතයන් වහන්සේ දිව්‍යස්කන්ධ සියල්ල, දුඃඛ සත්‍යයට ඇතුළත් කොට වදාළ සේක. මේ දිව්‍ය ලෝකයේ දුඃඛ සත්‍යයයි."
https://pitaka.lk/books/chathurarya-sathya/9-9.html