851. මැරෙයි කියලා බය හිතෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ලඟකදී ඉදන් මරණ බය දැනෙනවා හොදටම හැම දේටම ඒක බාධාවක් ඉගෙනගන්නත් බාධාවක් ඒ වෙනුවෙන් මන් මොකක්ද කරන්න ඕනි?

A. මෙය “මරණ භීතිකාව” (Thanatophobia) හා සබැඳි, විෂාදය (Depression), කාංසාව (Anxiety) වැනි තත්ත්වයනට අදාළ මානසික මට්ටමක් විය හැකි බැවින්, හැකි ඉක්මනින් ම සුසුදුකම් ලත් මනෝ වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න.

A. ඒ සිතුවිල්ල දැනෙන හැම වේලාවේ දී ම ඊට ප්‍රතිවිරුද්ධ ස්වයං යෝජනාවක් (self-suggestion / autosuggestion / affirmation) ලබා දීම ද මීට සරල හා සාර්ථක ක්‍රමයකි.

මෙයට ආදාළ ස්වයං යෝජනාවක් සඳහා උදාහරණ කිහිපයක්:

1. මාගේ ජීවත් වීම මට හා මෙරමාට (අනෙකාට) අර්ථය පිණිස ම ය.
2. මා අවුරුදු ... ක් ජීවත් වීම ස්ථිර ය.
3. සාමාන්‍ය මනුෂ්‍යයකුගේ පරමායුෂ මට ද හිමි ය.
... .... ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll