40. කර්ම විපාක අහෝසි කරන්න පුළුවන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කර්ම විපාක අහෝසි කරන්න පුළුවන් ද?

A. ඔව්, විවිධ ක්‍රම වලින් හා විවිධ තල වලින් අකුසල කර්ම විපාක යටපත්/අහෝසි වෙනවා; අකුසල කර්ම විපාක යටපත්/අහෝසි කරන්න පුළුවන්. එහෙත් කර්ම විපාක විෂය අචින්ත්‍යය ය (චින්තන පරාසය ඉක්මවා යයි).

"මහණෙනි, යම් දෙයක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, නොසිතිය හැකි, නොසිතිය යුතු මේ සතරක් වෙත්. කවර සතරක්ද යත්.

"යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වන්නේද, මහණෙනි, බුදුවරුන්ගේ බුද්‍ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, කර්‍ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.

"මහණෙනි, මේ සතර නොසිතිය යුතුය. යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වේද, නොසිතිය යුතු, නොසිතිය යැකි මේ කරුණු සතරය.’

අචින්තෙය්‍ය සූත්‍රය - http://pitaka.lk/29177/cs,aps


[ලොණ ඵල (හෝ) යථා කම්ම වෙදනීය සූත්‍රය: https://pitaka.lk/main?n=28199&p=101]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll