993. අහර පූජාවටත් කෙල ගිලෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. කරුණාවෙන් උපදෙස් දෙන්න මට බුද්ධ පුජාවන් ගිලන්පස පුජාවන් දැක්කාම මතක් වෙද්දි කටට කෙල වුණනවා (කෙල ගිලෙනවා) මෙය මහත් වදයක් මට මෙයින් මිදීමට මඟක් කියන්න... පිං අත්වේවා!

A. බඩ පිරී ඇති විට ඛේටය ශ්‍රාවය වන ප්‍රමාණය අඩුයි. ආහාරයට ඇති ඇල්මත් අඩුයි. පූජාවට කලින් වෙන අහාරයකින් බඩ පුරවා ගෙන බලන්න. පූජා භාණ්ඩ කියලා හිතාගන පූජා කරන්න. අහාර මොනවාද කියලා වර්ග කර කර මනසිකාර කරන්න එපා.

A. ආස කෑමක් දැක්කාම, සුවඳක් ආවාම කෙල උනන එක ස්වාභාවිකයි.
ඒකට කිසිවක් කලයුතු නෑ.
දිගටම දහමේ හැසිරෙන්න.

A. අහාරේ පටික්කකූල සංඥාවට යොමු වෙමු.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll