642 - හිත රිදුණා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපේ හිත කවුරුහරි (කාර්යාලයේ හෝ ලගින් සිටින කෙනෙක්) රිද්දන විට අපි කොහොමද හිත හදාගන්නේ...? ඒ රිද්දන අයට පවක් සිදු වෙනවද?

A. එයාට පවක් සිද්ධ වෙනවා; “එයා අපරාදේ නිකං පව් සිද්ධ කරගන්නවා” කියලා හිතලා, හිත හදාගන්න - ඒ එක්කම “මමත් අනන්ත සංසාරේ කාගේ හරි හිත රිදවලා තියනවාමනි, ඒ කර්ම විපාකයක් වෙන්නැති මේ” කියලා හිතලත් හිත හදාගන්න - “ඒ නිසා මං අය කවදාවත් කාගේවත් හිත රිදවන්නේ නෑ” කියලත් අධිෂ්ඨාන කරගන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll