Q. ගන්ධබ්බයාගේ පැමිණීම සිදුවන්නේ කවදා ද?
A. (විශේෂ අවස්ථා නොසලකා) අපි ඉපදෙන මුල් ම වෙලාවේ ඇතිවන සිත උපදින පළමු කුඩා වෙලාව (ප්‍රතිසන්ධි සිතෙහි උප්පාදක්ෂණය) = ගන්ධබ්බයාගේ පැමිණීම.
‘කලල රූපය’කට විඤ්ඤාණය බැස ගන්නා බව කී විට, ‘කලල රූපය’ මුලින් ඇති වී, දෙවනුව විඤ්ඤාණය එයට පැමිණෙන බව සිතුණත්, එය ව්‍යවහාරයට පමණකි. සැබවින්ම සිදුවන්නේ (ප්‍රතිසන්ධි) විඤ්ඤාණයත් ‘කලල රූපය’ත් එකවිට (ප්‍රතිසන්ධි සිතෙහි උප්පාදක්ෂණයෙහි) ම ඇති වීමයි.
{කායදශකය, වස්තු දශකය / භාවදශකය යන රූපකලාප දෙකකින් හෝ තුනකින් හෝ යුක්ත වූ (ප්‍රතිසන්ධි) විඤ්ඤාණය සහිත වූ රූප සමූහයට ‘කලල රූපය’ යි කියනු ලැබේ.}
“සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් හා එහි අටුවාවෙන් ද දරු ගැබක වර්ධනය පිළිබඳ විස්‌තර දැනගත හැක. මේ සිරුර ලැබෙන්නේ කෙසේද? ඇට සහ අක්‌මාව පැමිණෙන්නේ කොහින් ද? මවුකුස ලැග ගන්නේ කෙසේද යනුවෙන් ඉන්දක අසන ප්‍රශ්නවලට බුදුහිමියෝ පිළිතුරු දෙති. පළමුව කළල රූපය හටගනියි. එය සිදුවන්නේ කම්ම, චිත්ත, සෘතු, ආහාර යන කරුණු හේතුවෙනි. කළලයෙන් අබ්බුදය හටගනියි. (එය මස් සේදූ ජලය බඳුය.) තුන්වන සතියෙහි අබ්බුදය පේසි අවස්‌ථාවට පත්වෙයි. සිව්වන සතියේ දී තද ස්‌වරූපයට පත්වන කළලය ඝන නමින් හැඳින්වෙයි. අනතුරුව අත් පා සහ හිස හටගන්නා තැන් උස්‌ව (ගැටිති මෙන්) වැඩෙයි. සති එකොළහකට පසු චක්‌බු, සෝත, ඝාණ ජිව් හා පහළ වෙයි. මව ගන්නා ආහාරයන්ගේ රස ඕජාව පෙකණිය මගින් දරුවා උරාගනියි. මුල්වලින් ගන්නා රසෝජාවෙන් ගසක් වැඩෙන්නා සේ මවුකුසෙහි සිටින දරුවාගේ රූප කලාප වැඩෙයි. ඒ හටගන්නා රූප කලාපයක් පවතින්නේ ඉතා කෙටි කාලයකි. නමුත් ඒවා නැවත වැඩෙන්නේ කලාප වශයෙන් තෙගුණ වෙමිනි. ඒ අනුව සත්වන මාසය වන විට බිළිඳු සිරුරේ සියලුම අංග සම්පූර්ණ වෙයි. එබැවින් සත් මසින් දරු උපත් සිදුවිය හැක. මවුකුසේ මුලින්ම හටගන්නා කළලය ගිතෙල් බඳුනක බහා ගත් එළුලොමක් යටිකුරු කළ විට වැගිරෙන තෙල් බිඳක් පමණ වෙයි. දරුවකුගේ ස්‌ත්‍රි, පුරුෂ භාවය තීරණය වන්නේ දරු ගැබ ඇතිවන අවස්‌ථාවේදීය...”