823. "ඇය යන්න ගියා මැකිලා"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කෙනෙක් ප්‍රේම සම්බන්දයක් කරගෙන ගොස් නවතා දමයි... නමුත් ඔහු ඒ නවතා දමන ලද ප්‍රේමයට තවමත් ප්‍රේම කරයි.. නමිත් ඒ කෙනා ප්‍රේම කරන කාන්තාව වෙනත් කෙනෙක් සමඟ සම්බන්දාතාවයක් ගොඩනගාගෙන වාසට කරයි... නමුත් කලින් ඇයට ප්‍රේම කරපු තැනැත්තා ඒ ගැන සිතමින් දුක සේ කාලය ගත කරයි නම්... එයින් මිදීමට ධර්මානුකූල පිළිතුරක් ලබාදෙන්න.....

A. කයානු පස්සනාව වඩන්න පුළුවන් නම් මේ දුකින් මිදිය හැක. අනාත්ම රූපය පුද්ගලයෙක් ලෙස,පුද්ගලයා රූපයයි ලෙස වරදවා ගන්නා, සක්කාය දිට්ටිය ඔය දුක ගෙන එයි.
සියලු දුක් දොම්නස් තමාම උපදවාගෙන දුක් විඳියි. දුක් දොම්නස් වලින් මේ ජීවිතෙදී මිදීමටත්, සදහටම මිදීමටත් එකම මග සති පට්ටනයයි.

A. මටත් ඔය දේ උනා. ජීවිතේ එපා වෙලා උන්නේ. පස්සේ මම ගෙදරට කීවා මට ඉක්මනට වෙනත් කෙල්ලෙක් බලන්න කියලා එ දුක තවත් කෙල්ලෙක් ලං කරගත්තම නැතිවෙයි කියලා මට හිතුනා. මම හැම පැත්තේන් ම try කලා මෙ දුක නැති කරගන්නේ කොහොමද කියලා. අරක්කු සිගරැට් බීවා. ඒත් බෑ. එකම විසදුම වෙන කෙල්ලෙක්ගෙන් එ නැතිඋනු ආදරය ලබා ගන්න හිතපු එකයි. කෙල්ලෙක්ගේ එ ලාමක කටහඩ නිසා පරන අතීතේ අමතක කරන්න පුලුවන් කියලා හිතුවා. පස්සේ මම රට ඉදලා ලංකාවට ඇවිත් අපේ මල්ලි දන්න කෙල්ලෙක් බලන්න ගිහින් එ දුප්පත් කෙල්ලට කැමැති උනා. හැබැයි මම එයාට කීවා මට නිතරම කතාකරන්න ඕනේ කියලා Skype වලින්. එදා ඉදලා මාස කිහිපයක් නිතරම කතාකරලා එ දුක නැතිකරගත්තා. මම අලුත් ලෝකෙකට ආව වගේ දැනුනා. හැබැයි කලින් කෙල්ල ගැන කතාකලේ නෑ එයා එක්ක. කලින් කෙල්ලගෙ අඩු පාඩු මෙ කෙල්ල එක්ක ඉන්න කොට දැනුන. එයාට වඩා මෙයා හොදයි කියලා නිතරම හිතුවා. ඒක සාර්තක උනා. එ අතරම අසුබය සිහි කලා. බන ඇහුව. දැන් කා ගැනවත් ලොකු බලාපොරොත්තු තියාගන්නෙ නෑ. ඒක ලොකූ සහනයක්. මට දර්ම මාර්ගෙට එන්න මම ඒක ලොකු උදව්වක් කරගත්තා. දැන් සිල් ගන්නවා බන අහනවා පිංකම් වලට සහභගි වෙනවා හරි සතුටුයි. දිග කතාවක් ඉතාකෙටියෙන් කීවේ.
එයා ගැන අසුබය වඩන්න හැකිතාක්.

A. බුද්ධ කාලයේ නම් කාන්තාවන් නිසා උකටලී වෙලා උන් භික්ෂූන්ට උන්වහන්සේ පෙර ජාති වලත් ඔවුන් කාන්තාවන් නිසා අමාරුවේ වැටුනු හැටි දැක්වෙන ජාතක කතා දේශනා කලාම ඉන් මිදුනු අයුරු කියවෙන ජාතක කතා තියෙනවා. ඒවා කියවන්න දෙන්න.
අතීතයේ සොඳුරු තැන් වලට හිත දුවන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒවායේ ඇලී ගැලී සිටින එක නම් මහා ප්‍රමාදයකට හේතුවක්. මේ බව වටහා දී ඉන් හිත ශක්තිමත් කරගෙන ක්‍රමිකව භාවනාවට යොමු කළ යුතුය.

A. මෙලොව ඉතාම වේගයෙන් වෙනස්වන දෙයක් ඇත්නම් ඒ සිතයි. ඇයගේ සිතේ වෙනස්වීම වගේ ඔබගේ සිතද වෙනස්වේ. වෙනස් නොවෙන කිසිවක් නැත. සතර මහා දාතූන්ගෙන් සැදුන ඒ කයට ආදරය ඇති උනේ ඔබේ සිතේය. ඒ කයේ යථාර්තය ඔබේ සිතට පෙන්වා දෙන්න. ඒ කයත් ඔබේ කයත් ඔබේ අම්මාත් තවත් කාන්තාවකුත් මේ සියලු ආත්මීය වෙන්කිරීම් ඇත්තේ අපගේ සිතේය. ඒ ඒ කය කෙරෙහි බැදෙන ප්‍රමානය අනුව අපට වේදනා දැනේ. අප ජීවත් වන්නේ ඉතාම අඩු ආයු කාලයකි. අප්‍රමාදී නොවී දර්මයෙහි හැසිරෙන්න.
තෙරුවන් සරනයි!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll