968. පිං දෙන විදිහ හරි ද? ඉදං වෝ ද? ඉදං මේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "ඉදං වෝ (ඉදං වො) ඥාතී ද, ඉදං මේ (ඉදං මෙ) ඥාතී" කියල ද පින් දෙන්න ඕනෑ?

A. "පින් දෙන ආකාරය

1. නෑයන්ට :
ඉදං වො ඤාතීනං හොතු
සුඛිතා හොන්තු ඤාතයො

2. දෙවියන්ට :
එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දෙවානුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

3. සියලු සතුන්ට :
එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සිංහලයෙන් කියතොත් මෙසේ කියනු.

1. නෑයන්ට :
මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය අපගේ කාලක්‍රියා කළ ඥාතීහු අනුමෝදන් වෙත්වා, කාලක්‍රියා කළ ඥාතීන්ට මේ පින අයිති වේවා, මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීහු සුවපත් වෙත්වා.

2. දෙවියන්ට :
මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය ලෝක ශාසනාරක්ෂක දෙවියෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අප ඇතුළු ලෝකයා මනා කොට ආරක්ෂා කෙරෙත්වා.

3. සියලු සතුන්ට :
ලෝකයෙහි වෙසෙන සැප ඇති නැති සකල සත්ත්වයෝ අපගේ මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා."


T. “අම්හාකඤ්ච කතා පූජා” යනු “ඉදං වො ඤාතීනං හොතු” යයි මෙසේ මේ දානය උදෙසන්නන් විසින් අපට ද පූජා කරන ලදී.
අම‍්හාකඤ‍්ච කතා පූජාති “ඉදං වො ඤාතීනං හොතූ”ති එවං ඉමං දානං උද‍්දිසන‍්තෙහි අම‍්හාකඤ‍්ච පූජා කතා."

"ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො ..."

"එයින් “ඉදං වො ඤාතීනං හොතු” (මේ පින (පරලොව ගිය) ඥාතීන්ට වේවා) යයි මෙසේ දෙති. වෙනත් අයුරකින් නොවේ. මෙහි ආකාරාර්ථය ඇති “එවං” ශබ්දයෙන් දිය යුතු ආකාරය නිදසුන් කළේ වෙයි.

“නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන්නාහු වෙත් ද, ඔහු තුමු ඔවුන් පැමිණ සිටි කල්හි පිරිසිදු වූ ප්‍රණීත වූ, කැප වූ පාන භෝජන නෑයන් උදෙසා මෙසේ දෙත්”

යයි දේශනා කොට නැවත යම් ආකාරයකින් දෙන ලද දෙය ඔවුනට අයත් වේ ද එය දක්වන්නාහු “ඉදං වො ඤාතීනං හොතු” යන සතරවෙනි ගාථාවේ පූර්‍ව අර්‍ධය වදාළහ. එය තුන්වෙනි ගාථාවේ පූර්‍ව අර්‍ධය සමග “එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා ඉදංවො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” යයි සම්බන්ධ කළ යුතුය.

{A / S. "එත්තාවතා ච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං,
සබ්බේ දේවා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

එත්තාවතා ච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං,
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා."

[එත්තාවතා ච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං,
සබ්බේ භූතා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා]}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll