605. “නමෝ බුද්ධාය!” කියන්න එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. “නමෝ බුද්ධාය!” කිව්වට කමක් නැද්ද?

A. බුදුදහම,
1. ආගමක් වශයෙන්.
2. දර්ශනයක් වශයෙන්.
3. ප්‍රඥා මාර්ගයක් වශයෙන්.
වෙන වෙන ම අගය කළ හැකි අතර, බුදුදහමෙහි ද වෙනත් ආගමක (හින්දු = ඕම්! ක්‍රිස්තියානි = ආමේන්! ඉස්ලාම් = අල්ලාහ්!) මෙන්, පවතින සංස්කෘතික (ඒ ඒ ආගමට අනන්‍ය) හෝ කලාත්මක ආචාර විධි ක්‍රමයක් හෝ ප්‍රර්ථනා වැකියක් හෝ ආශිර්වාදාත්මක වැකියක් ලෙස “නමෝ බුද්ධාය!” හෝ “නමෝ බුද්ධස්ස!” (“ඒ භාග්‍යවත් සම්මාසම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!”) යන (බෞද්ධාගමික) ආචාර විධි ක්‍රමය හෝ ප්‍රර්ථනා වැකිය හෝ ආශිර්වාදාත්මක වැකිය මැනවින් ද අර්ථසම්පන්නව හා ප්‍රඥාගෝචරව ද යොදා ගන්නේ නම් පමණක්, එය සිතට ගතට සුව එලවන්නක් සේම තමා/මෙරමා/සමාජය සුවපත් හා සැනසිලිදායක කරන්නක් බැවින් එහි ප්‍රයෝගික භාවිතයේ කිසිදු දෝෂයක් දැකිය නො හැකි ය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll