289. දොළොස් මහා කුසල්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දොළොස් මහා කුසල් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මොනවද කියල කියනවද?

A / R. දොළොස් පින්.
1. දන් 2. සිල් 3. බාවනා 4. පින් දෙනු 5. අනුමෝදනා 6. බණසනු 7.දේසනා 8. පිදිය යුත්තන් පුදනු සමනා. 9. කරනු ද වතාවත් 10. පින් කරු ගුණ වැනීමත් 11. සරණ 12. සිහි වීමත් දොළොස් පින් දැනැ කරව යාපත්.

“40. දන් සිල් බාවනා
පින් දෙනු අනුමෝදනා
බණසනු දේසනා
පිදිය යුත්තන් පුදනු සමනා

[දන්-දානය, සිල්-ශීලය, බාවනා-භාවනාය, පින්දෙනු- ප්රාසප්ති දානය, අනුමෝදනා - ප්රා,ප්ත්ය නුමෝදනය, බණසනු- ධර්මශ්රනවණය, දේසනා- ධර්ම දේශනාය, සමනා-සම්මාන්ය,වූ, පිදිය යුත්තන්- පූජනීයයන්, පුදනු- පූජනය - (මතු පද්ය‍ය හා කුලකයි)]

41. කරනු ද වතාවත්
පින් කරු ගුණ වැනීමත්
සරණ සිහි වීමත්
දොළොස් පින් දැනැ කරව යාපත්

[වතාවත්-කුඩා මහත් වෘත්තයන් හෙවත් වත්පිළිවෙත් කරනු ද- කිරීම ද , පින්කරු- පූණ්ය කාරයන්ගේ , ගුණ වැනීමත්- ගුණ කීර්තනය ද , සරණ - සරණගත වීම ද , සිහිවීමත්- (බුද්ධාදී ගුණ) අනුෂ්මරණයද යන, යාපත්- සුන්දරවූ, දොළොස්පින්- ද්වාදශප්ණ්ය යන්, දැන- ජානනය කොට , කරව- සම්පාදනය කරව.]”

(කාව්‍යශේඛරය)

{“පින් නම්: සිත කිලිටි කරන්නා වූ රාගාදීනට ප්‍රතිපක්‍ෂ වූ ප්‍රඥාදි ශොභන ධර්‍මයන් හා එක් ව යෙදුණා වූ උපනුපන් තන්හි ඉෂ්ට විපාක ගෙන දෙන ස්වභාවය ඇති චෙතනාවෝ (=සිතිවිලි) යි. මෙ කී පින්, දාන – ශීල – භාවනා වශයෙන් තුන් වැදෑරුම් කොට ද , දාන ය – ශීල ය – භාවනා ය – පින් දීම ය – පින් අනුමොදන් වීම ය – වතාවත් කිරීම ය – වැඩි හිටියන් පිදීම ය – බණ දෙසීම ය – බණ ඇසීම ය – දෘෂ්ටිය ඍජු කිරීම ය යි දස වැදෑරුම් ලෙස ද,ඇතැම් ආචාර්යවරු,
1 දන් 2 සිල් 3 භාවනා
4. පින් දෙනු 5 අනුමෝදනා
6 බණ’සනු 7 දේසනා
8. පිදිය යුත්තන් පුදනු සමනා
9. කරනු ද වතාවත්
10. පින්කරු ගුණ වැනීමත්
11. සරණ 12 සිහි වීමත්
දොළොස් පින් දැන කවර යහපත්
(කාව්‍යශේඛරය)
යනුයෙන් දොළොස් වැදෑරුම් කොට ද දැන්වූහ.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll