202. පරමාර්ථ ධර්මයන් අයත් වන්නේ දුක්ඛ සත්‍යයට පමණක් ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පරමාර්ථ ධර්මයන් අයත් වන්නේ දුක්ඛ සත්‍යයට පමණක් බවත් සමුදය සත්‍යයට පරමාර්ථ ධර්මයන් අයත් නොවන බවත් වැනි අදහසක් අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ 2015-11-18 අනුරාධපුර දේශණයක සඳහන් විය. එසේම ලෝභ ද්වේශ මෝහද පරමාර්ථ නොවන බවක් එහිම පසුව සඳහන් විය.
ඒ අනුව තණ්හාව සිතේ හට ගන්නා චයිතසිකයන්ගෙන් අන්‍යය වූ ධර්මතාවයක් ද?
සිතේ පවත්නා ස්වභාවයන් (තණ්හාව ඇතුළුව) චයිතසික හැර වෙනත් ආකාරයකිනුත් පැනවිය හැකිද?

A / R. "කොටින් චතුරාර්‍ය්‍ය සත්‍යය.

ලෞකික සිත් එක් අසූව ය, චෛතසික එක් පනස ය, රූප විසි අට ය යන මේවා දුඃඛ සත්‍යය ය. තෘෂ්ණාව හෙවත් ලෝභ චෛතසිකය සමුදය සත්‍යය ය. නිවන නිරෝධ සත්‍යය ය. ලෝකෝත්තර කුසල් සිත් සතරෙහි යෙදෙන සම්මාදිට්ඨි ආදි මාර්ගාඞ්ග අට මාර්ග සත්‍ය ය."

Q. පරමාර්ථ හා ආර්‍යසත්‍ය අතර ඇති සම්බන්ධය කුමක්ද?

A. “කොටින් චතුරාර්‍ය්‍ය සත්‍යය.

ලෞකික සිත් එක් අසූව ය, චෛතසික එක් පනස ය, රූප විසි අට ය යන මේවා දුඃඛ සත්‍යය ය. තෘෂ්ණාව හෙවත් ලෝභ චෛතසිකය සමුදය සත්‍යය ය. නිවන නිරෝධ සත්‍යය ය. ලෝකෝත්තර කුසල් සිත් සතරෙහි යෙදෙන සම්මාදිට්ඨි ආදි මාර්ගාඞ්ග අට මාර්ග සත්‍ය ය.

ලෝකෝත්තර කුසල්සිත් සතර ය, ඒවායේ යෙදෙන මාර්ගාඞ්ග අටෙන් අන්‍ය වූ චෛතසිකයෝ ය. ඵල සිත් සතර හා ඒවායේ යෙදෙන චෛතසිකයෝ ය. යන මේ ධර්මයෝ සත්‍ය සඞ්ග්‍ර‍හයට ඇතුළත් නො වෙති. චතුරාර්‍ය්‍ය සත්‍යයට අයත් නො වෙති.

[දුඃඛාර්‍ය්‍ය සත්‍යය = ලෞකික සිත් එක් අසූව ය. ලෝභයෙන් අන්‍ය වූ චෛතසික එක් පනස ය, රූප අටවිස්ස ය යන මේ ධර්ම සමූහය දුඃඛ සත්‍යයට අයත් ය.
දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය = තණ්හාව.
දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය = නිර්වාණය.
දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය = ලෝකෝත්තර මාර්ග චිත්තයෙහි ඇති වන සම්මා දිට්ඨි සම්මාසඞ්කප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන මාර්ගාඞ්ග අට.]”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll