1000. නියත මිත්‍යාදෘෂ්ටිය හා මිථ්‍යාදෘෂ්ටිය දෙක ම එකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. නියත මිත්‍යාදෘෂ්ටි කර්මය සිද්ද වෙන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද?
කෙනෙක්ගෙ ජීවිතේ වරින් වර විවිධ අදහස් හා සිතුවිලි තිබිය හැකියි නේද? එවිට මෙය ආනන්තරීය පාප කර්මයටත් වඩා විශාල පාප කර්මයක් වන්නේ කුමන අවස්ථාවේ ඇතිවන සිතුවිලි නිසාද?


A. “දෙන ලද්දෙහි ඵල නැති, පුදන ලද්දෙහි ඵල නැත, හෝමයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මව නැත, පියා නැත, ඔපපාතික සත්ත්වයෝ නැත, ලොකයෙහි ස්ම්‍යග්ගත ව සම්‍යක් ප්‍රතිපන්න ව මෙලෝ පරලෝ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට යමෙක් පවසත් නම් එබඳු මහණ බමුණෝ නැතැයි." 


"මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො, “නත්‍ථි දින්නං නත්‍ථි යිට්ඨං නත්‍ථි හුතං නත්‍ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො නත්‍ථි අයං ලොකො නත්‍ථි පරොලොකො නත්‍ථි මාතා නත්‍ථි පිතා නත්‍ථි සත්තා ඔපපාතිකා නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා පවෙදෙන්තී”ති."

මෙහි මිත්‍යාදෘටිය සහ නියත මිත්‍යා දෘෂ්ටිට එක සමාන නොවේ. නියත මිත්‍යාදෘෂ්ටියයි බලවත්. නියත මිත්‍යා දෘෂ්ටිකයා කල්ප විනාශයේදිත් සුගතියකට නොයා වෙනත් සක්වලක හරි දුක් විඳිනවා.

"තෙවැන්නෙහි මිච්ඡාදිට්ඨිපරමානි යනු මිත්‍ථ්‍යා දෘෂ්ටිය මොවුන්ට පරමකොට ඇත්තේනුයි මිචඡාදිට්ට පරමානි නම් වේ. ආනන්තර්ය කර්‍මපස මහා සාවද්‍ය නම් වෙයි. ඔවුනතුරෙනුදු මිච්ඡාදිට්ටියම අතිශයින් සාවදයය යන අදහසයි. කුමක් හෙයින්ද යත් ඔවුනට සීමාවක් ඇත. ආනන්තර්ය කර්‍ම සතර නිරයෙහි උපදවතැයි කියන ලදී. සංඝභේද කර්‍මයද නිරයෙහි කල්පයක් සිටින්නේම වෙයි. මෙසේ ඔවුනට සීමාවක් ඇත. කෙළවරක් පෙනෙයි. නියත මිත්‍ථ්‍යාදෘෂ්ටියට පරිච්ඡේයක් නැත. එය සංසාරවෘත්තයේ මුලය. එයින් යුක්තවූවහුට භවයෙන් නැඟීසිටීමක් නැත. යමෙක් ඔහුට කන්දිය යුතුයයි හඟිත්ද වැරදි මගට යොමුකරවයි. එයින්ද යුක්තවූවහුට ස්වර්‍ගයද නැත. මාර්‍ගයද නැත. කල්ප විනාශයෙහිදී මහජනයා බඹලොව උපන්කල්හි නියත මිත්‍ථ්‍යාදෘෂ්ටිකයා එහි නොඉපිද පිටිසක්වළ උපදියි. කිම පිටිසක්වළ නොදැවෙයිද? දැවෙයි. එය දැවෙන කල්හිද මෙතෙම අහසෙහි එක් අවකාශයක පැසේමයයි කියත්."


A. "මිථ්‍යාදෘෂ්ටිය: මරණින් මතු නැවත ඉපදීමක් නැත. පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වලින් වන ඵලවිපාකයක් නැත, අපාය ය කියා තැනක් නැත, දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයෝ ය කියා තැන් නැත, නිවනක් නැත යනාදීන් වරදවා දැකීම වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මයට අඞ්ග දෙකකි. එනම් (1) ගන්නා වූ ආකාරය වැරදි වීම ය. (2) එයම සත්‍යය යි නිශ්චය කර ගැනීමය යන දෙකය. මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති. එයින් නාස්තික දෘෂ්ටිය ය, අහේතුක දෘෂ්ටිය ය, අක්‍රිය දෘෂ්ටිය ය යන තුන කර්මපථයෝ වෙති [මේ තුන නියත මිච්ඡාදිට්ඨිය යි]. විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය හා බ්‍ර‍හ්ම ජාලයෙහි දැක්වෙන දෙසැට වැදෑරුම් දෘෂ්ටීහු ද කර්මයෝ වෙති. කර්මපථයෝ නො වෙති."

"නාස්තික දෘෂ්ටිය.

“නත්ථි මහාරාජ! දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චතුමහාභූතිකො අයං පුරිසෝ යදා කාලං කරොති පඨවි පඨවිකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති. තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති. වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්‍රියානි සංකමන්ති, ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාවාළාහනා පදානි පඤ්ඤායන්ති කාපොතකානි අට්ඨිනි භවිස්සන්ති, භස්මන්තා ආහුතියො. දත්තුපපඤ්ඤත්තං යදිදං දානං, තෙසං තුච්ඡා මුසා විලාපො, යෙ කෙචි අත්ථිකවාද, වදන්ති බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති න හොන්ති පරම්මරණා.”

යනුවෙන් දැක්වෙන දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත, පුද පඬුරු යැවීමෙන් පලක් නැත, පින් පව්වලට ඵලයක් විපාකයක් නැත, පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව යාමෙක් නැත, මවට කරන හොඳ නරකවලින් මතුවන ඵලයක් විපාකයක් නැත. පියාට කරන හොඳ නරකවල ඵලවිපාකයක් නැත. මළ පසු නැවත උපදනා සත්ත්වයෙක් නැත. ලෝකයෙහි යම්කිසි යහපත් ප්‍ර‍තිපත්තියකින් මෙලොව පරලොව දෙකක් තමා විසින් ම ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන ප්‍ර‍කාශ කරන්නා වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෙක් නොහොත් මෙලොව පරලොව දෙක ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දැනගෙන ප්‍ර‍කාශ කරන බුදුවරයෙක් නැත. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මිත ය. සත්ත්වයා මළ කල්හි ශරීරයේ පෘථිවි ධාතුව බාහිර පෘථිවි ධාතුවට එක් වන්නේ ය. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එක් වන්නේ ය. තේජෝ ධාතුව තේජෝ ධාතුවට එක් වන්නේ ය. වායෝ ධාතුව වායෝ ධාතුවට එක් වන්නේ ය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. පුරුෂයෝ සතර දෙනෙක් සොහොන දක්වා මළ සිරුර ගෙන යන්නාහ. අසවලා දායකයෙක, සිල්වතෙක, අසවලා මසුරෙක, දුශ්ශීලයෙක යනාදීන් පවත්නා ගුණපදයෝ මරණින් මතු පෙනෙන්නාහ. ඇට පරවි පියාපත් පැහැ වන්නාහ. දාන පූජාවෝ හළුවීම කෙළවර කොට ඇත්තෝ ය. දානය මෝඩයන් විසින් පනවන ලද්දකි. යමෙක් දානයෙන් ඵල ඇති බව කියත් ද ඔවුන්ගේ ඒ කීම හිස් ය. බොරු ය. නන් දෙඩවීමක් ය. බාල වූ ද පණ්ඩිත වූ ද සියල්ලෝ ම මරණින් සිඳෙන්නාහ. මතු නූපදින්නාහයි ප්‍ර‍කාශ කරන්නා වූ අජිත නම් තීර්ථකයාගේ මිථ්‍යාදෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය ය."

"අහේතුක දෘෂ්ටිය.

“නත්ථි මහාරාජ! හේතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය. අහේතු අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා අහෙතු අප්පච්චයා සත්ති විසුජ්ඣන්ති”

යනාදීන් දක්වන ලද “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැත. හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැති ව ම සත්ත්වයෝ කෙලෙසන්නාහ. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැත. හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැතිව ම සත්ත්වයෝ ශුද්ධ වන්නාහ. සත්ත්වයන්ට ඒ ඒ කුඩා මහත් ජාතිවල ඉපද සැපදුක් ලැබීමට එක්තරා නියම ක්‍ර‍මයක් ඇත්තේ ය. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සෑම දෙන ම ඒ නියමය පරිදි පිළිවෙලින් ඒ ඒ ජාතිවල ඉපිද සැප දුක් ලබන්නා හ. දානපූජාදි පින්කමෙක බලයෙන් හෝ තපස් කිරීමක බලයෙන් හෝ ඒ පිළිවෙළ ඉක්මවා දිව්‍යලෝකාදියෙහි ඉපද විශේෂ සැපයක් නො ලැබිය හැකි ය. නියම කාලය පැමිණෙන තුරු දුක් කෙළවර කර පරම සැපයට ද කිසිවකුට නො පැමිණිය හැකි ය. පින් කරන්නා වූ ද, නො කරන්නා වූ ද, පණ්ඩිත වූ ද, අපණ්ඩිත වූ ද සියල්ලෝ ම සුවාසූදහසක් කල්පයන් මුළුල්ලෙහි සසර සැරිසරා දුක් කෙළවර කරන්නාහ යන මක්ඛලී ගෝසාල තීර්ථකයා විසින් ප්‍ර‍කාශ කරන්නා වූ දෘෂ්ටිය අහේතුක දෘෂ්ටිය ය."

"අක්‍රිය දෘෂ්ටිය.

“කරොතො ඛො මහාරාජ! කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පචයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණාති පාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං”

යනාදීන් දක්වන ලද “තමා විසින් ම පව්කරන්නා හට ද, අනුන් ලවා පව් කරවන්නා හට ද, අනුන්ගේ අත් පා ආදිය සිඳින්නා වූ තැනැත්තාට ද, සිඳවන්නා වූ තැනැත්තා හට ද, ද දඬු මුගුරු ආදියෙන් අනුන් පෙලන්නා වූ තැනැත්තා හට ද, පෙළවන්නා වූ තැනැත්තා හට ද, වස්තුව පැහැරගැනීම් ආදියෙන් අනුන් ශෝක කරවන්නා හට ද, අනුන් ලවා අනුන්ට ශෝක කරවන්නා වූ තැනැත්තාට ද, ආහාර නො දීම් සිර කිරීම් ආදියෙන් අනුන් වෙහෙස වන්නා වූ තැනැත්තා හට ද, අනුන් ලවා අනුන් වෙහෙසවන්නා වූ තැනැත්තා හට ද, අනුන්ට පීඩා කිරීම් වශයෙන් තමා ද සැලෙමින් අනුන් ද සොලවන්නා වූ තැනැත්තාට ද, ප්‍රාණඝාතය කරන්නා හට ද, සොරකම් කරන්නා හට ද, ගෙවල් බිඳින්නා හට ද, ගම් විනාශ කොට වස්තුව පැහැර ගන්නා හට ද, එක් ගෙයක් වට කොට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, මඟ රැකසිට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, පරදාරාවන් කරා යන්නා වූ තැනැත්තා හට ද, බොරු කියන්නා හට ද, ඕනෑකමින් ම පව් කරන්නා හට ද, සිදුවන්නා වූ පාපයක් නැත. පොළොවෙහි ඇති තාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන්නා වූ තැනැත්තා හට ද එයින් වන පාපයක් නැත. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් කිරීමෙන් වන්නා වූ පිනක් ද නැතැ’යි පූර්ණ කාශ්‍යප නම් වූ තීර්ථකයා විසින් පැවසූ දෘෂ්ටිය අක්‍රිය දෘෂ්ටිය ය."

"මිථ්‍යාදෘෂ්ටි කර්මයාගේ විපාකාදිය.

“නාහං භික්ඛවේ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවෙ වජ්ජානීති.”

යනුවෙන් මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්‍ය වූ අන් එක ම ධර්මයකුදු මාගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

මෙය කර්ම, කර්ම ඵල දෙක ප්‍ර‍තික්ෂේප කරන්නා වූ නාස්තිකය අහේතුකය අක්‍රියය යන දෘෂ්ටි තුන ගැන කරන ලද දේශනයෙකි. ඒ දෘෂ්ටි තුන අතුරෙන් කවර දෘෂ්ටියක් වුවත් ගත් තැනැත්තා හට එය නො හැර මරණින් මතු සුගතියට නො පැමිණිය හැකි ය. නිවනට ද නො පැමිණිය හැකි ය. ඒ දෘෂ්ටීහු සත්ත්වයන්ට ස්වර්ග මෝක්ෂයන් ආවරණය කරන්නෝ ය. ඒ දෘෂ්ටි තුන අතුරෙන් කවරක් හෝ ගෙන සිටින තැනැත්තා මරණය දක්වා එය නො හැර සිටියේ නම් ඒකාන්තයෙන් අපායට පැමිණෙන්නේ ය. එබැවින් ඒවාට නියත මිථ්‍යාදෘෂ්ටිය යි කියනු ලැබේ. මිථ්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා එය නිසා තවත් බොහෝ පව් රැස් කරන්නේ ය. ඒවා ද එකතු වී මිථ්‍යාදෘෂ්ටි කර්මය විපාක දෙන්නට වන් කල්හි ආනන්තර්‍ය්‍ය කර්මයන්ට ද වඩා බලවත් ව විපාක ගෙන දෙන්නේ ය. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන් කල්පාවසානයේ දී නරකයෙන් මිදෙන බවත්, නියත මිථ්‍යා දෘෂ්ටිය ගතුවන් තමන් සිටින ලෝකධාතුව විනාශ වන කල්හි අන් ලෝක ධාතුවක නරකයට පැමිණ එහි විපාක විඳින බවත් එහි විපාකාවසානයාගේ නියමයක් නැති බවත් දක්වා තිබේ.

බොහෝ දෙනාට මිසදිටු ගැනීමට හේතු වන්නේ මිසදිටුවන් සේවනය කිරීම ය. ඇතැම් මිසදිටුවෝ තමා ගෙන සිටින දෘෂ්ටිය අන්‍යයන්ට ද රසවත් කොට පෙන්වා මඳ නුවණ ඇතියන් ලවා මිසදිටු ව ගන්වති. සම්‍යක් දෘෂ්ටිකයකු මිථ්‍යාදෘෂ්ටියකු කිරීම මහා අපරාධයෙකි. ධර්ම විෂයෙහි ප්‍ර‍ත්‍යක්ෂ දර්ශනයක් නැත්තා වූ පෘථග්ජන පුද්ගලයා රැවටෙන සුළු ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන්නා වූ තැනැත්තන් මිසදිටුවන් සේවනය කරන්නටත්, ඔවුන්ගේ දෙසුම් ඇසීමටත්, ඔවුන්ගේ පත පොත කියවන්නටත් පටන් ගත හොත් මුලාවී මිසදිටු වීමට ඉඩ තිබේ. මිසදිටු වීම තරම් නපුරක් තවත් නැත. එබැවින් මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් තුරන්ව වාසය කිරීම යහපති.

“තස්මා අකත කල්‍යාණං - ආසිවිස මිචොරගං

ආරකා පරිවජ්ජෙය්‍ය - භූති කාමො විචක්ඛණො.”

යනුවෙන් කරන ලද පින් නැත්තා වූ මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයා ඝෝර විෂ ඇති සර්පයකු මෙන් සලකා දෙලොව වැඩ කැමති නුවණැතියන් විසින් ඔහුගෙන් දුරින් ම දුරු විය යුතු බව දක්වා තිබේ. අපේ ඇතැම් බෞද්ධ මාපියෝ ස්වකීය දරුවන් මිසදිටුවන් යටතට පත්කොට ඔවුන්ට මිසදිටු වන්නට මඟ පාදති. එය දරුවන්ට කරන්නා වූ මහත් වූ ම අපරාධයෙකි. මිථ්‍යාදෘෂ්ටි කර්මය මහා පාපයක් වන නමුත් එය බොහෝ ද්‍ර‍ව්‍ය රැස් කරගෙන උපකාරයට මිනිසුන් රැස් කරගෙන වියදමක් දරා මහා පරිශ්‍ර‍මයකින් සිදු කළ යුත්තක් නො ව සිතෙන් ම සිදුවන්නක් බැවින් ධර්මයෙන් ඈත්ව සත් පුරුෂ සේවනයෙන් තොර ව වාසය කරන්නා හට පහසුවෙන් ම සිදු විය හැකි ය. එය සිදුවීමට වුවමනා “පින් පව් කියා දෙයක් නැතය කියා හෝ පින් පව්වල විපාකයක් නැත ය කියා හෝ මරණින් මතු ඉපදීමක් නැතය කියා හෝ පිළිගැනීම” පමණෙකි. දෙලෝ වැඩ සිදු කර ගනු කැමැත්තෝ එයින් වළකිත්වා!"


[T. "තතියෙ මිච‍්ඡාදිට‍්ඨිපරමානීති මිච‍්ඡාදිට‍්ඨි පරමා එතෙසන‍්ති මිච‍්ඡාදිට‍්ඨිපරමානි. පඤ‍්ච හි ආනන‍්තරියකම‍්මානි මහාසාවජ‍්ජානි නාම, තෙහිපි මිච‍්ඡාදිට‍්ඨියෙව මහාසාවජ‍්ජතරාති අධිප‍්පායො. කස‍්මා? තෙසඤ‍්හි පරිච‍්ඡෙදො අත්‍ථි. චත‍්තාරි හි ආනන‍්තරියකම‍්මානි නිරයෙ නිබ‍්බත‍්තාපෙන‍්තීති වුත‍්තානි. සඞ‍්ඝභෙදකම‍්මම‍්පි නිරයෙ කප‍්පට‍්ඨිතිකමෙව හොති. එවමෙතෙසං පරිච‍්ඡෙදො අත්‍ථි, කොටි පඤ‍්ඤායති. නියතමිච‍්ඡාදිට‍්ඨියා පන පරිච‍්ඡෙදො නත්‍ථි. සා හි වට‍්ටස‍්ස මූලං, තාය සමන‍්නාගතස‍්ස භවතො වුට‍්ඨානං නත්‍ථි. යෙ තස‍්ස සොතබ‍්බං මඤ‍්ඤන‍්ති, තෙපි විප‍්පටිපාදෙති. තාය ච සමන‍්නාගතස‍්ස නෙව සග‍්ගො අත්‍ථි න මග‍්ගො. කප‍්පවිනාසෙ මහාජනෙ බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තෙපි නියතමිච‍්ඡාදිට‍්ඨිකො තත්‍ථ අනිබ‍්බත‍්තිත්‍වා පිට‍්ඨිචක‍්කවාළෙ නිබ‍්බත‍්තති. කිං පන පිට‍්ඨිචක‍්කවාළං න ඣායතීති? ඣායති, තස‍්මිං ඣායමානෙපි එස ආකාසෙ එකස‍්මිං ඔකාසෙ පච‍්චතියෙවාති වදන‍්ති."

“නිමිත්තස්සාදගධිතං වා, භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති, අනුබ්‍යඤ්ජනස්සාදගධිතං වා, තස්මිං චෙ සමයෙ කාලං කරොති, ඨානමෙතං විජ්ජති, යං ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං උපපජ්ජෙය්‍ය නිරයං වා තිරච්ඡානයොනිං වා”ති (සං· නි· 4.235) හි වුත්තං, තස්මා අකුසලං දුග්ගතියං, කුසලඤ්ච සුගතියං පටිසන්ධියා උපනිස්සයො හොතීති. අරහතො පන සබ්බසො කිලෙසානං උපච්ඡින්නත්තා පටිප්පස්සද්ධසබ්බභවුස්සුක්කතාය කම්මාදිනිමිත්තං න උපට්ඨහති, තතො විජ්ජමානම්පි කම්මං අලද්ධසහායත්තා පටිසන්ධිං න ජනෙති.


(සං· නි· 4.235) = https://tipitaka.lk/sn-4-1-18-8/pali

“මිච්ඡාදිට්ඨිස්ස ඛො අහං, ලොහිච්ච, ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි – නිරයං වා තිරච්ඡානයොනිං වා”.


"නියතමිච්ඡාදිට්ඨිකාති අහෙතුකදිට්ඨි අකිරියදිට්ඨි නත්ථිකදිට්ඨීති තීසු මිච්ඡාදිට්ඨීසු යාය කායචි නියතාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතා."

“නත්ථි දින්න”න්තිආදිනා වත්ථුභෙදෙන දස මිච්ඡාදිට්ඨිධම්මා කථිතා, වත්ථුභෙදෙනෙව, “අත්ථි දින්න”න්තිආදිනා දස සම්මාදිට්ඨිධම්මාති වීසති හොති. යථා “සම්මාදිට්ඨිස්ස, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො පහොතී”තිආදිනා මග්ගවසෙන දස සම්මත්තධම්මා, තප්පටිපක්ඛභූතා “මිච්ඡාදිට්ඨිස්ස මිච්ඡාසඞ්කප්පො පහොතී”තිආදිනා අත්ථතො දස මිච්ඡත්තධම්මාති වීසති, තථා ඵලවසෙන තෙසු එවං වීසති. කථං වාරෙපි සම්මාදිට්ඨිආදයො දසාති වීසති? එවමෙතෙ ද්වෙ චත්තාරීසකානි පුරිමෙන සද්ධිං තයො චත්තාරීසකා විභාවිතාති වෙදිතබ්බා."

"යථාභුච්චගහණාභාවෙන මිච්ඡා පස්සතීති මිච්ඡාදිට්ඨි. සා “නත්ථි දින්න”න්තිආදිනා නයෙන විපරීතදස්සනලක්ඛණා. සම්ඵප්පලාපො විය අප්පසාවජ්ජා මහාසාවජ්ජා ච. අපිච අනියතා අප්පසාවජ්ජා, නියතා මහාසාවජ්ජා. තස්සා ද්වෙ සම්භාරා වත්ථුනො ච ගහිතාකාරවිපරීතතා, යථා ච තං ගණ්හාති, තථාභාවෙන තස්සූපට්ඨානන්ති."


"පාණස්ස අතිපාතො පාණාතිපාතො, පාණොති වොහාරතො සත්තො, පරමත්ථතො ජීවිතින්ද්‍රියං. තස්මිං පාණෙ පාණසඤ්ඤිනො ජීවිතින්ද්‍රියුපච්ඡෙදකප්පයොගසමුට්ඨාපිකා වධකචෙතනා පාණාතිපාතො. පරභණ්ඩෙ තථාසඤ්ඤිනො තදාදායකප්පයොගසමුට්ඨාපිකා ථෙය්‍යචෙතනා අදින්නාදානං. අසද්ධම්මකාමතාය කායද්වාරප්පවත්තා අගන්තබ්බට්ඨානවීතික්කමචෙතනා කාමෙසුමිච්ඡාචාරො. අභූතං වත්ථුං භූතතො පරං විඤ්ඤාපෙතුකාමස්ස තථා විඤ්ඤාපනප්පයොගසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. සො පන පරස්ස අත්ථභෙදකරොව කම්මපථො, ඉතරො කම්මමෙව. සංකිලිට්ඨචිත්තස්ස පරභෙදනකාමතාය, අත්තපියකම්‍යතාය වා පරභෙදකප්පයොගසමුට්ඨාපිකා චෙතනා පිසුණවාචා. සාපි ද්වීසු භින්නෙසුයෙව කම්මපථො. පරමම්මච්ඡෙදකප්පයොගසමුට්ඨාපිකා එකන්තඵරුසචෙතනා ඵරුසවාචා. අනත්ථවිඤ්ඤාපනප්පයොගසමුට්ඨාපිකා ¶ සංකිලිට්ඨචෙතනා සම්ඵප්පලාපො නාම. සො පන පරෙහි ගහිතෙයෙව කම්මපථො හොති. “අහො වතෙදං මම හොතූ”ති එවං පරභණ්ඩාභිජ්ඣායනලක්ඛණා අභිජ්ඣා. “අහො වතායං සත්තො විනස්සෙය්‍යා”ති එවං මනොපදොසලක්ඛණො බ්‍යාපාදො. “නත්ථි දින්න”න්තිආදිනා නයෙන විපරීතදස්සනලක්ඛණා මිච්ඡාදිට්ඨි. එත්ථ ච නත්ථිකඅහෙතුකඅකිරියදිට්ඨීහියෙව කම්මපථභෙදො.
ඉමෙසු ච පාණාතිපාතාදි තිවිධං කායකම්මමෙව. තං කායවචීද්වාරෙසුයෙව උප්පජ්ජති, න මනොද්වාරෙ. තථා මුසාවාදාදි ¶ චතුබ්බිධං වචීකම්මමෙව. අභිජ්ඣාදිකං පන තිවිධං මනොකම්මමෙව. තං තීසුපි ද්වාරෙසු පවත්තති. ද්වාරන්තරෙසුපි පවත්තමානස්ස සකසකනාමාපරිච්චාගො වුත්තොයෙව. ධම්මතො චෙත්ථ ආදිතො සත්ත චෙතනාසභාවා, ඉතරෙ තයො චෙතනාසම්පයුත්තාති දට්ඨබ්බා. මහාසාවජ්ජඅප්පසාවජ්ජප්පයොගාදිභෙදො පන තත්ථ තත්ථ වුත්තනයෙන වෙදිතබ්බො.
එතානීති ඉමානි මග්ගඤාණානි. යථාසම්භවන්ති තංතංමග්ගානුරූපං.
අපායං ගච්ඡන්ති එතෙහීති අපායගමනීයා. සෙසාති න අපායගමනීයා. ඔළාරිකාති තතියමග්ගෙන පහාතබ්බාවත්ථං උපාදාය ඔළාරිකා. තෙනාහ “සුඛුමා තතියමග්ගඤාණවජ්ඣා”ති. සුඛුමා කාමරාගපටිඝාති සම්බන්ධො. චතුත්ථමග්ගඤාණවජ්ඣා එවාති අවධාරණෙන පඨමමග්ගාදිවජ්ඣතං නිවත්තෙති. න හි රූපරාගාදීනං අපායගාමිනියාවත්ථාපි අත්ථි, යතො තෙ පඨමඤාණවජ්ඣාපි සියුන්ති."



"මිච්ඡාදිට්ඨියා, භික්ඛවෙ, සමන්නාගතා සත්තාති එත්ථ එකච්චා මිච්ඡාදිට්ඨි සග්ගාවරණා චෙව හොති මග්ගාවරණා ච, එකච්චා මග්ගාවරණාව, න සග්ගාවරණා, එකච්චා නෙව සග්ගාවරණා න මග්ගාවරණා. තත්ථ අහෙතුකදිට්ඨි, අකිරියදිට්ඨි, නත්ථිකදිට්ඨීති අයං තිවිධා සග්ගාවරණා චෙව හොති මග්ගාවරණා ච. දසවත්ථුකා අන්තග්ගාහිකා මිච්ඡාදිට්ඨි මග්ගාවරණාව හොති න සග්ගාවරණා. වීසතිවත්ථුකා සක්කායදිට්ඨි නෙව සග්ගාවරණා න මග්ගාවරණා. ඉදං පන විධානං පටික්ඛිපිත්වා ඉමස්මිං සුත්තෙ “මිච්ඡාදිට්ඨියා, භික්ඛවෙ, සමන්නාගතා”ති වචනතො අන්තමසො වීසතිවත්ථුකං සක්කායදිට්ඨිං උපාදාය දිට්ඨි නාම සග්ගං උපනෙතුං සමත්ථා නාම නත්ථි, එකන්තං ¶ නිරයස්මිංයෙව නිමුජ්ජාපෙතීති වුත්තං. යථා හි මුග්ගමාසප්පමාණාපි පාසාණසක්ඛරා උදකෙ පක්ඛිත්තා උප්පිලවමානා නාම නත්ථි, එකන්තං හෙට්ඨාව ¶ පවිසති, එවමෙවං අන්තමසො සක්කායදිට්ඨිපි සග්ගං උපනෙතුං සමත්ථා නාම නත්ථි, එකන්තං අපායෙසුයෙව නිමුජ්ජාපෙතීති."


"මිච්ඡාදිට්ඨියා භික්‍ඛවෙ සමන්නාගතා සත්තා යනු මෙහි ඇතැමි මිත්‍යාදෘෂ්ටියක් ස්වර්‍ගය වළහන්නේද මාර්‍ගය වළහන්නේද වෙයි. ඇතැම් දෘෂ්ටියක් මාර්‍ගය වළහන්නේම ස්වර්‍ගය වළහන්නේ නොවෙයි. ඇතැම් මිථ්‍යාදෘෂ්ටියක් ස්වර්‍ගය නොවළහන්නේ ද මාර්‍ගය නොවළහන්නේද වෙයි. එයි අහෙතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, නාස්තිකදෘෂ්ටිය, යන මේ තුන් ආකාර දෘෂ්ටිය ස්වර්‍ගය වළහන්නේද මාර්‍ගය වළහන්නේද වෙයි. දශවස්තුක වූ අන්තග්‍රාහී මිත්‍ථ්‍යා දෘෂ්ටිය මාර්‍ගය වළහන්නේම වෙයි. ස්වර්‍ගය නොවළහන්නේද මාර්‍ගය නොවළහන්නේද වෙයි. මේ නියමය ප්‍රතික්‍ෂෙප කොට මේ සූත්‍රයෙහි මිච්ඡාදිට්ඨියා භික්‍ඛවෙ සමන්නාගතා’ යන වචනයෙන් යටත්පිරිසෙයින් විංශතිවස්තුක මිත්‍ථ්‍යාදෘෂටියගෙන ස්වර්‍ගය එළවීමට සමත් මිත්‍ථ්‍යාදෘෂ්ටියක් නම් නැත. ඒකාන්තයෙන් නිරයෙහිම ගිල්වන්නේයයි කියනලදී. යම්සේ වනාහි දියෙහි හෙලන ලද මුං මෑ ප්‍රමාණවූද ගල් කැබැලිත්ත පාවන්නේ නම් නොවේ. ඒකාන්තයෙන් යටටම පිවිසෙයි. මෙසේම යටත් පිරිසෙයින් සත්කාය දෘෂ්ටියද ස්වර්‍ගයට එළඹවීමට සමත් වන්නේ නම් නැත. ඒකාන්තයෙන් අපායයන්හිම ගිල්වන්නේයයි කියනලදී."

“සස්සතො ලොකො”තිආදිකා දසවත්ථුකා අන්තග්ගාහිකා මිච්ඡාදිට්ඨි."


"නත්ථිකදිට්ඨීති “නත්ථි දින්න”න්තිආදිදසවත්ථුකමිච්ඡාදිට්ඨිසමන්නාගතා.
අකිරියදිට්ඨින්ති කරොතො න කරීයති පාපන්ති අකිරියදිට්ඨිං.
යථා පන අහෙතුකදිට්ඨියං, එවං “කරොතො න කරීයති පාපං, නත්ථි දින්න”න්ති ඉමෙසුපි ඨානෙසු මිච්ඡත්තනියාමං ඔක්කමති."]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll