751. නවග්‍රහ සෙත් ශාන්තිය මිථ්‍යාවක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගොඩක් බෝධි පූජා පොත් වල තියෙනවා නවග්‍රහ සෙත් ශාන්තිය කියලා. මිථ්‍යාවක්ද?

A. බෝධි පූජා, ශාන්තිකර්ම, අභිචාර විධි, (ජෝතිෂ්‍ය) ... වගේ විෂයයන්වල දී,

1. සංයම අභ්‍යාස,
2. චරණ ප්‍රතිකාර,
3. චර්යාත්මක ප්‍රතිකාර,
4. කලා ප්‍රතිකාර,
5. ශබ්ද ප්‍රතිකාර,
6. සංගීතමය ප්‍රතිකාර,
7. සමූහ ප්‍රතිකාර,
8. විරේචන ප්‍රතිකාර,
9. සීලමය ප්‍රතිකාර,
10. සමාධිමය ප්‍රතිකාර,
11. ධර්ම ප්‍රතිකාර,
12. ප්‍රජානන ප්‍රතිකාර,
13. මනෝ විශ්ලේෂණ ප්‍රතිකාර,
14. ප්‍රඥාමය ප්‍රතිකාර
15. භාවනාමය ප්‍රතිකාර ...

වැනි ප්‍රතිකාර ක්‍රම අඩු-වැඩි වශයෙන් පුද්ගලයාට/පුද්ගලයන්ට ලැබෙන බව මනෝවිද්‍යාවෙන් පවා හඳුනාගෙන ඉවරයි. එකී ප්‍රතිකාර ක්‍රම (මිනිසුන්ගේ සිතට සෙතක් ශාන්තියක් සැනසිල්ලක් සහනයක් සුවයක් දැක්මක් දර්ශනයක් අවබෝධයක්) ලැබෙන විදිහට ම තමා ඒ ඒ විෂයයන් සැකසී ගලාගෙන එන්නේ.

ප්‍රශ්නේ තියෙන්නේ අපේ අයට මොනවහරි දේක හොඳ පැත්ත පෙන්නුවොත්, එතැන/අද/හෙට ඉඳලා අන්තගාමීව ඒකම ජීවිතේ වෙලා ඒක පස්සේ එල්ලීගෙන ඇලීගෙන ගැලීගෙන මැරීගෙන දුවනවා; ඒකම සරණ යනවා. “බටහිර විද්‍යාවන්”වත් “ජෝතිෂ්‍ය”වත්, මොන විද්‍යාවවත් “කරගහගන්න” “ඉස් මුදුණෙන් පිළිගන්න” “සරණ යන්න” ඕනේ නෑ.

ඒ ඒ විෂයන්ගෙන් ගන්න පුළුවන් වැඩක්, අවැඩෙන් බොරුකාරයන්ගෙන් බොරුවෙන් මිත්‍යාවෙන් අන්තගාමීත්ත්වයෙන් බේරිලා පරිස්සමින් අරගන්න ගමන්, “ත්‍රිවිධරත්නය” ම ජීවිතේ වෙලා ඒක පස්සේ එල්ලීගෙන ඇලීගෙන ගැලීගෙන මැරීගෙන ගියාට පාඩු නෑ - හැබැයි එකත් අවබෝධයෙන් ; “ත්‍රිවිධරත්නය” සරණ ගියාම හොඳටෝ ම ඇති, වෙන ඒවා / අය / දෙවියෝ “සරණ” නොයා.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll