499. චිත්තක්ෂණ දාහතයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු දහමේ සතර මහා ධාතුන්ගෙ ආයු කාලය ක්ෂණ (චිත්තක්ඛණ) 17ක් සහ සිතෙහි ආයු කාලය ක්ෂණයක් කියල කියනව. මේ පිළිබඳ දැක්වෙන සූත්රයක් සදහන් කරන්න.

A / R. “…උප්පාදඨිතිභඞ්ගවසෙන ඛණත්තයං එකචිත්තක්ඛණං නාම.”
(https://tipitaka.app/?a=6i3-15-si)

“… සත්තරස චිත්තක්ඛණානි රූපධම්මානමායූ.”
(https://tipitaka.app/?a=6i3-16-si)

{“චිත්තවීථි උගන්නා තැනැත්තා විසින් මුලින් ම කළ යුත්තේ, සිත්වල හා රූපවල ආයුෂය දැන ගැනීම ය. උපදනා කාලය ය, පවත්නා කාලය ය, නැසෙන කාලය ය කියා සිත්වලට හා රූපවලට අවස්ථා තුනක් ඇත්තේ ය. ඉතා කෙටි බැවින් ඒ කාලවලට ක්ෂණ යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. උපදනා කාලයට උත්පාදක්ෂණය කියා ද, පවත්නා කාලයට ස්ථිතික්ෂණය කියා ද, නැසෙන කාලයට භඞ්ගක්ෂණය කියා ද ව්‍යවහාර කරනු ලැබේ. සිතට අයත් උත්පාද - ස්ථිති - භඞ්ග යන කාල තුන එකතු කොට එයට චිත්තක්ෂණය යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. චිත්තක්ෂණය යන්නෙහි තේරුම, සිතක කාලය යනු යි. සිත යම් පමණ කාලයකින් උපදී නම් එපමණ ම කාලයක් පැවතී, එපමණ ම කාලයකින් නිරුද්ධ වේ. ඒ කාල තුනෙහි ප්‍ර‍මාණයන් එකිනෙකට අඩු වැඩි කමක් නැත්තේ ය. ඒ චිත්තක්ෂණය ඉතා කෙටි කාලයෙකි. එය ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණවත් නොවන කාලයෙකි. මෙය තේරුම් ගැනීමට ඔබට කලක් ගතවිය හැකි ය.

රූපයකට චිත්තක්ෂණ දාහතක් ආයු ඇත්තේ ය. එය කුඩා ක්ෂණ පනස් එකකි. එහි පළමු වන ක්ෂණය රූපයේ උත්පාදක්ෂණය ය. පනස් එක් වන ක්ෂණය රූපයේ භඞ්ගක්ෂණය ය. මැද ක්ෂණ සතළිස් නවය රූපයාගේ ස්ථිතික්ෂණය ය. සිතෙහි මෙන් රූපයාගේ උත්පාදාදි ක්ෂණ තුන සමාන නැත. රූපයාගේ ස්ථිතික්ෂණය දිග ය. චිත්තක්ෂණ සතළොසක් ආයුෂ නැති රූප කීපයක් ද ඇත්තේ ය. ඒවා අප්‍ර‍ධාන රූපයෝ ය.”
(https://pitaka.lk/books/abhidharma-margaya/5-2.html)}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll