858. දුකට හේතුව, සැපට හේතුව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දුකට හේතුව වන තන්හාව (තණ්හාව) සැපට (විමුක්ති සැපයට) හේතුවක්  වෙයි ද?

A. “ආර්‍ය්‍යයෝ ශාන්ත වූ අර්හත්ඵල සංඛ්‍යාත යම් ආයතනයක් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද, කවදා නම් මම ඒ ආයතනය ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසකෙරෙම් දැ” යි …. මේ තණ්හාව කුශල වෙයි. (කිසෙයින් කුසල් වෙයි යත්,) යම් රාගවිරාග චේතෝවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව අනවද්‍යාර්ථයෙන් කුසල් වෙයි, යම් අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව කුශලාරම්මණ හෙයින් අනවද්‍යාර්ථයෙන් කුසල් වේ.”

[“එහි විචයහාරසම්පාතය කවරෙ යැ : ඒ දේසනාහාරයෙහි විපල්ලාසහේතුභාවයෙන් නිර්ධාරණ කළ තෘෂ්ණාව කුශල ද අකුශල දැයි ද්විවිධ වන්නී ය. අකුශල තෘෂ්ණාව සසරට පමුනුවන්නී ය, (සංසාරනායිකා යයි සේයි.) කුශලතෘෂ්ණාව අපචය සංඛ්‍යාත නිවනට පමුණුවන ප්‍රහාණතෘෂ්ණා යි. මානය ද දෙවැදෑරුම් වෙයි : කුශල ද අකුශල දැයි කියා යි. (සෙවිතව්‍ය වූ) යම් මානයක් නිසා මානය ප්‍රහාණ කෙරේ ද, මේ මානය කුශල යැ, යළි යම් මානයෙක් දුක උපදවා ද, මේ මානය අකුශල යි. එහි යම් නෛෂ්ක්‍රම්‍ය නිශ්‍රිත වූ දොම්නසෙක් ඇද්ද, “ආර්‍ය්‍යයෝ ශාන්ත වූ අර්හත්ඵල සංඛ්‍යාත යම් ආයතනයක් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද, කවදා නම් මම ඒ ආයතනය ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසකෙරෙම් දැ” යි. ඔහුට පිහා සංඛ්‍යාත ඊප්සාව උපදී, පිහාප්‍රත්‍යයෙන් දොම්නස වෙයි, මේ තණ්හාව කුශල වෙයි. (කිසෙයින් කුසල් වෙයි යත්,) යම් රාගවිරාග චේතෝවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව අනවද්‍යාර්ථයෙන් කුසල් වෙයි, යම් අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව කුශලාරම්මණ හෙයින් අනවද්‍යාර්ථයෙන් කුසල් වේ.”]
http://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24073

"තත්‍ථ කතමො විචයහාරසම‍්පාතො: තත්‍ථ තණ‍්හා දුවිධා: කුසලාපි අකුසලාපි. අකුසලා සංසාරගාමිනී, කුසලා අපචයගාමිනී පහානතණ‍්හා. මානොපි දුවිධො: කුසලොපි අකුසලොපි. යං මානං නිස‍්සය මානං පජහති, අයං මානො කුසලො යො පන මානො දුක‍්ඛං නිබ‍්බත‍්තයති, අයං මානො අකුසලො. තත්‍ථ යං නෙක‍්ඛම‍්මසිතං දොමනස‍්සං “කුදස‍්සු නාමාහං තං ආයතනං සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සං,
යං අරියා සන‍්තං ආයතනං සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තී”ති, තස‍්ස උප‍්පජ‍්ජති පිහා, පිහාපච‍්චයා දොමනස‍්සං, අයං තණ‍්හා කුසලා රාගවිරාගා චෙතොවිමුත‍්ති, තදාරම‍්මණා කුසලා අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති."
https://tipitaka.lk/kn-nett-3-2-2/pali

"එහි විචයහාරසම්පාතය කවරෙ යැ : ඒ දේසනාහාරයෙහි විපල්ලාසහේතුභාවයෙන් නිර්ධාරණ කළ තෘෂ්ණාව කුශල ද අකුශල දැයි ද්විවිධ වන්නී ය. අකුශල තෘෂ්ණාව සසරට පමුනුවන්නී ය, (සංසාරනායිකා යයි සේයි.) කුශලතෘෂ්ණාව අපචය සංඛ්‍යාත නිවනට පමුණුවන ප්‍රහාණතෘෂ්ණා යි. මානය ද දෙවැදෑරුම් වෙයි : කුශල ද අකුශල දැයි කියා යි. (සෙවිතව්‍ය වූ) යම් මානයක් නිසා මානය ප්‍රහාණ කෙරේ ද, මේ මානය කුශල යැ, යළි යම් මානයෙක් දුක උපදවා ද, මේ මානය අකුශල යි. එහි යම් නෛෂ්ක්‍රම්‍ය නිශ්‍රිත වූ දොම්නසෙක් ඇද්ද, “ආර්‍ය්‍යයෝ ශාන්ත වූ අර්හත්ඵල සංඛ්‍යාත යම් ආයතනයක් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද,
කවදා නම් මම ඒ ආයතනය ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසකෙරෙම් දැ” යි. ඔහුට පිහා සංඛ්‍යාත ඊප්සාව උපදී, පිහාප්‍රත්‍යයෙන් දොම්නස වෙයි, මේ තණ්හාව කුශල වෙයි. (කිසෙයින් කුසල් වෙයි යත්,) යම් රාගවිරාග චේතෝවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව අනවද්‍යාර්ථයෙන් කුසල් වෙයි, යම් අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව කුශලාරම්මණ හෙයින් අනවද්‍යාර්ථයෙන් කුසල් වේ."
https://tipitaka.lk/kn-nett-3-2-2/sinh

T. "අපචයං නිබ්බානං ගමෙතීති අපචයගාමිනී. කථං පන තණ්හා අපචයගාමිනීති? ආහ “පහානතණ්හා”ති. තදඞ්ගාදිප්පහානස්ස හෙතුභූතා තණ්හා. කථං පන එකන්තසාවජ්ජාය තණ්හාය කුසලභාවොති? සෙවිතබ්බභාවතො. යථා තණ්හා, එවං මානොපි දුවිධො කුසලොපි අකුසලොපි, න තණ්හා එවාති තණ්හාය නිදස්සනභාවෙන මානො වුත්තො."
https://tipitaka.app/?a=jq4-379-si

 “කුසලා ¶ තණ්හා කිංගාමිනී, අකුසලා තණ්හා කිං ගාමිනී”ති පුච්ඡිතබ්බත්තා “අකුසලා සංසාරගාමිනී”තිආදි වුත්තං. අථ වා “කතමො කුසලාකුසලතණ්හානං විසෙසො”ති පුච්ඡිතබ්බත්තා “අකුසලා සංසාරගාමිනී”තිආදි වුත්තං. “තණ්හා නාම සංසාරගාමිනී හොතු, කථං අපචයගාමිනී”ති වත්තබ්බත්තා “පහානතණ්හා”ති වුත්තං, පහානස්ස හෙතුභූතා තණ්හා පහානතණ්හාති අත්ථො, පහාතබ්බතණ්හං ආගම්ම යං පහානං පවත්තෙතබ්බං, තෙන පවත්තෙතබ්බෙන පහානෙන අපචයං ගච්ඡතීති වුත්තං හොති.
https://tipitaka.app/?a=oq4a-705-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll