304. ආජීවක අෂ්ටම සීලය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "ආජීවක අෂ්ටම සීලය" සහ එහි අඩංගු සිල් පද පිලිබඳ විස්තර කියන්න පුලුවන්ද?

A / R. “2. මාර්‍ග බ්‍ර‍හ්මචරියාවට ආදියෙහි වූ, සීලය ආදි බ්‍ර‍හ්මචරියක සීලය. එනම් : ආජීවාෂ්ටමක ශීලය යි. ආජීවාෂ්ටමක ශීලය නම්: කායද්‍වාරයෙන් සිඬවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන ත්‍රිවිධ අකුශලයෙන් ද, වාග්ද්‍වාරයෙන් සිද්‍ධවන මුසාවාද, පිසුණාවාචා, ඵරුසවාචා, සම්ඵප්පලාප යන චතුර්විධ අකුශලයෙන් ද, මිථ්‍යාආජීවයෙන් ද වැළකීම සඳහා සමාදන් වැ ගන්නා ශීලය යි.”

{https://pitaka.lk/books/paramitha-prakaranaya/2.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll