830. පාත‍්‍රයට ඇඟිල්ලක් ද වැටුණ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මහා කසුප් හිමියන් සුපුරුදු පරිදි දුප්පත් අසරණ මිනිසුන් බහුල වීදිය පිඩුසිඟා වැඩියා. එක්තරා පෙදෙසක දී ලාදුරු රෝගය වැළඳී සිරුර කුණු වී ගිය ඉතා ම දුර්වල රෝගියෙකු දැක මොහුට පිහිට විය යුතු යැයි සිතා ඔහු වෙත වැඩියා. එවිට ඔහු සිටියේ ආහාර ගනිමින්. ‘අනේ මේ හිමියන්ට මම කුමක් නම් පුදන්න ද? මා සතුව ඇත්තේ මේ ආහාරයේ අනුභව නො කළ කොටස පමණයි. මේ ස්වල්පය හෝ පුදන්නෙමි.’ යි සිතා කුණු වී ගිය ඇඟිලිවලින් නමුත් පිරිසිදු සිතින් යුතුව උන්වහන්සේගේ පාත‍්‍රයට එ් ආහාර ස්වල්පය බෙදුවා. ඔහුගේ ඇඟිලි කොතරම් කුණු වී ගොස් තිබුණා ද කිව්වොත් බෙදූ ආහාරත් සමග ම ඇඟිල්ලක් ද ගැලවී පාත‍්‍රයට වැටුනා.
‘අනේ මේ වුණේ මොකක්දැ’ යි බිය වුණ රෝගියා කැලඹුන සිතින් බිම බලාගෙන ගැහි ගැහී හිටියා. මෙය දුටු මහා කස්සප හිමියන් ඔහුගේ සිත වෙනස් වුවහොත් හානි වන්නේ දුර්ලභව කර ගැනීමට තිබූ පිනට බව දැන මහත් අනුකම්පාවෙන් ඔහුට පෙනෙන්න ම වාඩි වී අර ඇඟිලි කැබැල්ල පසෙකට කොට සන්සුන් සිතින් ඔහු පිදූ දානය වැළඳුවා.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිලිබදව කියවෙන මෙම සුත්‍රය කුමක්ද?

A / R. (මහා කස්සප ථෙර ගාථා) ... 1057 “සේනාසනයෙන් බැස නගරයට පිඬු පිණිස පිවිසියෙමි. අනුභව කරන කුෂ්ටරෝගී පුරුෂයා සකස්කොට උපස්ථාන කළේය.
1058 “කුෂ්ට රෝගයෙන් යුක්තවූ අතින් පිණ්ඩියාලෝපය බෙදන ලදී. ආහාර බෙදන්නහුගේ ඇඟිල්ලක්ද එහි පතිතවිය.
1059 “ගෘහ බිත්තියක් සමීපයේ සිට ඒ ආලොපය අනුභව කෙළෙමි. කන කල්හි හා කෑ කල්හි මට පිළිකුල් බවක් නොවීය." ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll