285. බ්‍රහ්මචාරී වීම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බ්‍රහ්මචාරී වීමට රැකිය යුතු ශීලයන් කුමක්ද?

A / R. “ස්වාමීනි, බ්‍රහ්මචරියාව බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ස්වාමීනි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? බ්‍රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?”
“මහණ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණ යම් රාගය ක්ෂයවීමක්, ද්වේෂය ක්ෂයවීමක්, මෝහය ක්ෂයවීමක් වේද මෙය බ්‍රහ්මචරියාවේ කෙළවරයි.”
https://pitaka.lk/main?n=251020&p=6
[‘‘‘බ්‍රහ්මචරියං, බ්‍රහ්මචරිය’න්ති, භන්තෙ, වුච්චති. කතමං නු ඛො, භන්තෙ, බ්‍රහ්මචරියං, කතමං බ්‍රහ්මචරියපරියොසාන’’න්ති?
‘‘අයමෙව ඛො, භික්ඛු, අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්‍රහ්මචරියං, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි . යො ඛො, භික්ඛු, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඉදං බ්‍රහ්මචරියපරියොසාන’’න්ති]

“ඇවැත්නි ආනන්දය, බ්‍රහ්මචරියාවය බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? බ්‍රහ්ම චරියාවගේ කෙළවර කුමක්ද?

“ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති, ආයුෂ්මත් භද්‍රය, තාගේ ප්‍රශ්නය වනාහි යහපති, වැටහීම යහපති, විචාරීම යහපති. ඇවැත් භද්‍රය, නුඹ මෙසේ අසන්නෙහිද? ‘ඇවැත් ආනන්දයෙනි, බ්‍රහ්මචරියාවය බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? බ්‍රහ්මචරියාවේ කෙළවර කුමක්ද කියායි.

“ඇවැත්නි, එසේය.”

“ඇවැත්නි, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඒ කවරහුද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. ඇවැත්නි, යම් ඒ රාගය නැති කිරීමක් වේද? දෝෂය නැති කිරීමක් වෙත්ද? මෝහය නැති කිරීමක් වේද? මෙය බ්‍රහ්මචරියාවගේ කෙළවරයයි කියනු ලැබේ.”
https://pitaka.lk/main?n=251033&p=19

 “ස්වාමීනි, බ්‍රහ්මචරියාව බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ස්වාමීනි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? බ්‍රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?”
https://pitaka.lk/?node=251033&coll=cs,aps
https://pitaka.lk/?node=251020&coll=cs,aps

"ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිසද, ප්‍රහාණය පිණිසද, නිර්‍වාණයට පැමිණීම පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යය දේශනා කළ සේක. මහත්‍වයට ගිය මහර්ෂීන් විසින් අනුගමනය කළ මේ මාර්ගය බුදුන් දේශනා කළ පරිදි යම් කිසිවෙක් එහි පිළිපදිත්ද, ශාස්තෲන් වහන්සේ අනුශාසනය කරන්නාවූ ඔවුහු දුක් කෙළවර කරන්නාහුය.’’
https://pitaka.lk/?node=29125&coll=cs,aps

{http://www.divaina.com/images/bud03april/bud14.html
https://mahamegha.lk/2017/11/01/bamba-sil-rekima/}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll