86. කාය දශකය - භාව දශකය - වස්තු දශකය කියන්නෙ මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කාය දශකය - භාව දශකය - වස්තු දශකය කියන්නෙ මොනවා ද?

A. ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය, කාය ප්‍ර‍සාදය යන රූප දශය එක් වීමෙන් සෑදෙන කලාපය කාය දශක නම් වේ.
ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය, ස්ත්‍රී භාව රූපය හෝ  පුරුෂ භාව රූපය යන රූප දශය එක් වීමෙන් සෑදෙන කලාපය භාව දශක නම් වේ.
ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය, හෘදය රූපය යන රූප දශය එක් වීමෙන් සෑදෙන කලාපය වස්තු දශක නම් වේ.

{කර්මජ කලාප නවය.

1.     ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය, චක්ෂුඃ ප්‍ර‍සාදය යන රූප දශය එක් වීමෙන් සෑදෙන කලාපය චක්ෂුර් දශක කලාප නම් වේ.
2.    ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය යන මේ නවයට ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ශ්‍රෝත්‍ර‍ දශක කලාප නම් වේ.
3.     ඒ නවයට ඝ්‍රාණ ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ඝ්‍රාණ දශක කලාප නම් වේ.
4.    ඒ නවයට ජිහ්වා ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ජිහ්වා දශක නම් වේ.
5.    කාය ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය කාය දශක නම් වේ.
6.    ස්ත්‍රී භාව රූපය එක්වීමෙන් සෑදෙන කලාපය ස්ත්‍රීභාව දශක නම් වේ.
7.    පුරුෂ භාව රූපය එක් වීමෙන් සෑදෙන කලාපය පුම්භාව දශක නම් වේ.
8.     හෘදය රූපය එක් වීමෙන් සෑදෙන කලාපය වස්තු දශක නම් වේ.
9.    අවිනිබ්භෝග රූප අටට ජීවිත රූපය එක් වීමෙන් සෑදෙන කලාපය ජීවිතනවක නම් වේ.}

[“සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් හා එහි අටුවාවෙන් ද දරු ගැබක වර්ධනය පිළිබඳ විස්‌තර දැනගත හැක. මේ සිරුර ලැබෙන්නේ කෙසේද? ඇට සහ අක්‌මාව පැමිණෙන්නේ කොහින් ද? මවුකුස ලැග ගන්නේ කෙසේද යනුවෙන් ඉන්දක අසන ප්‍රශ්නවලට බුදුහිමියෝ පිළිතුරු දෙති. පළමුව කළල රූපය හටගනියි. එය සිදුවන්නේ කම්ම, චිත්ත, සෘතු, ආහාර යන කරුණු හේතුවෙනි. කළලයෙන් අබ්බුදය හටගනියි. (එය මස්‌ සේදූ ජලය බඳුය.) තුන්වන සතියෙහි අබ්බුදය පේසි අවස්‌ථාවට පත්වෙයි. සිව්වන සතියේ දී තද ස්‌වරූපයට පත්වන කළලය ඝන නමින් හැඳින්වෙයි. අනතුරුව අත් පා සහ හිස හටගන්නා තැන් උස්‌ව (ගැටිති මෙන්) වැඩෙයි. සති එකොළහකට පසු චක්‌බු, සෝත, ඝාණ ජිව් හා පහළ වෙයි. මව ගන්නා ආහාරයන්ගේ රස ඕජාව පෙකණිය මගින් දරුවා උරාගනියි. මුල්වලින් ගන්නා රසෝජාවෙන් ගසක්‌ වැඩෙන්නා සේ මවුකුසෙහි සිටින දරුවාගේ රූප කලාප වැඩෙයි. ඒ හටගන්නා රූප කලාපයක්‌ පවතින්නේ ඉතා කෙටි කාලයකි. නමුත් ඒවා නැවත වැඩෙන්නේ කලාප වශයෙන් තෙගුණ වෙමිනි. ඒ අනුව සත්වන මාසය වන විට බිළිඳු සිරුරේ සියලුම අංග සම්පූර්ණ වෙයි. එබැවින් සත් මසින් දරු උපත් සිදුවිය හැක. මවුකුසේ මුලින්ම හටගන්නා කළලය ගිතෙල් බඳුනක බහා ගත් එළුලොමක්‌ යටිකුරු කළ විට වැගිරෙන තෙල් බිඳක්‌ පමණ වෙයි. දරුවකුගේ ස්‌ත්‍රි, පුරුෂ භාවය තීරණය වන්නේ දරු ගැබ ඇතිවන අවස්‌ථාවේදීය...”
http://pitaka.lk/21191/cs,aps
http://pitaka.lk/18138/408/cs,aps
http://pitaka.lk/21149/cs,aps]

A. ලිංග විපර්යාස නොමැති අණ්ඩජ සහ ජලාබුජ සත්ත්වයින්ට, කාය දශකය, භාව දශකය, වස්තු දශකය යන දශක තුනම ප්‍රතිසන්ධියත් සමඟ ම සම්බන්ධ/පහළ වේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll