344. Is it Impossible (බැරි ම ද)?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. Has Lord Buddha ever said it is impossible for a physically disabled person to become A Stream Entrant or An Arahath in this life?

A / R. Generally, Yeah.
1. සාමාන්‍යයෙන් නොහැකිය. 2. අසාමාන්‍යයෙන් හැකිය.

1. "ඇතැම් සත්ත්ව කෙනකුන්ට ඇතැම් ඉන්ද්‍රියයන් නො ලැබී යාම වනාහි ඔවුන්ගේ ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්‍මයා ගේ දුබල කමින් ද සිදු වේ.
2. යම් කිසි අකුශල කර්‍මයකින් ඉන්ද්‍රිය පහළ වීම වැළැක්වීම නිසා ද සිදු වේ."

1. “කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ සුගති අහේතුකයෝ ය - මිනිස් ලොව කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් පිළිසිඳ ගන්නා සත්ත්වයෝ නම් උත්පත්තියෙන් ම අන්ධයෝ ය. බිහිරෝ ය, ගොළුවෝ ය, අඝානකයෝ ය, කෙළතොලුවෝ ය, පිස්සෝ ය, පණ්ඩකයෝ ය, උභතෝබ්‍යඤ්ජනකයෝ ය, නපුංසකයෝ ය, මම්මයෝය යන මොවුහු ය.”

 A / R. “13. කවර පුද්ගලයෙක් අභව්‍යාගමන වේ ද යත්: යම් ඒ පුද්ගල කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු ක්ලෙශාවරණයෙන් යුක්ත වූවාහු විපාකාවරණයෙන් යුක්ත වූවාහු ශ්‍රද්ධා රහිත වූවාහු කර්තුකම්‍යතා කුශලච්ඡන්ද රහිත වූවාහු භවාඩ්ග (ත්‍රිහේතුක ප්‍රතිසන්ධි) ප්‍රඥා රහිත වූවාහු, ජඩ වූවාහු කුශලධර්මයන්හි මාර්ග නියාමයට බැස ගන්නට අභව්‍ය වූවාහු ද මේ පුද්ගලයෝ අභව්‍යාගමනයෝ යි කියනු ලැබෙත්.”
http://www.thripitakaya.org/sutta/index/24062
http://www.thripitakaya.org/sutta/index/22587

කර්මාවරණය ඇති, ක්ලේශාවරණය ඇති, විපාකාවරණය ඇති, ශ්‍රඬාව නැති, මඟපල ලැබීමේ ඕනෑකම නැති, නුවණ නැති, කුශලධර්මවිෂයෙහි සම්මත්තනියාම නම් වු ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට සුදුසුකම් නැති සත්ත්වයෝ අභව්‍යයෝය යි එයින් දක්වන ලදී."

මවු මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ලොවුතුරා බුදුන්ගේ ශරිරයෙහි ලේ ඉපදවීම, සංඝයා භේද කිරීම යන දෙවන ජාතියේ විපාක දීමෙහි නියත කර්ම පස අතුරෙන් යම්කිසිවක් කළ පුද්ගලයකුට ඒ ආත්මභාවයේදී මඟපල නො ලැබිය හැකි ය. ඒවා ලෝකෝත්තර මාර්ගය ආවරණය කරන කර්මයෝ ය. කර්මාවරණය යි කියනුයේ ඒ කර්ම පසට ය. නාස්තික අහේතුක අක්‍රිය යන නම් ව්‍යවහාර කරන කර්මය හා කර්මඵලය ප්‍රතික්ෂේප කරන දෘෂ්ටි තුනෙන් යම්කිසි දෘෂ්ටියක් ගෙන සිටින්නහුට ඒ ජාතියේදී මඟපල නො ලැබිය හැකි ය. එය ලෝකෝත්තර මාර්ගය වසන ක්ලේශයෙකි. එබැවින් එය ක්ලේශාවරණ නම් වේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධියෙන් උපනුන්ට ඒ ජාතියේදී මගපල නො ලැබිය හැකි ය. ප්‍රතිසන්ධිය කර්ම විපාකයකි.ලෝකෝත්තර මාර්ගය වසන විපාකයක් බැවින් අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධිය විපාකාවරණ නම් වේ.

ආවරණය කරන ආනන්තය්‍යීකර්ම නැති, ආවරණය කරන නියත මිථ්‍යාදෘෂ්ටිසංඛ්‍යාත ක්ලේශය නැති, ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇති, ශ්‍රඬාව ඇති,බලවත් ජන්දය ඇති, නුවණ ඇති, පෙර පින් ඇති පුද්ගලයෝ ඒ ජාතියේ මඟපල ලැබීමට භව්‍යයෝ ය. සුදුස්සෝ ය. තථාගතයන් වහන්සේ මොවුහු භව්‍යයෝ ය, මොවුහු අභව්‍යයෝ යයි භව්‍යාභව්‍ය පුද්ගලයන් දන්නාහ.

අන්‍ය සත්තවයක්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා වූ ද අල්පරජස්ක, මහාරජස්ක, තීක්ෂණේන්ද්‍රිය, මෘද්වින්ද්‍රය,ස්වාකාර, ද්වාකාර, සුවිඥාප්‍ය, දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය පුද්ගලයන් දන්නා වූ නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණ නම් වු තථාගත බලය ය.”
https://pitaka.lk/books/suvisi-gunaya/4-12-1.html

"12. අභබ්බාගමනනිද්දෙසෙ ¶ – සම්මත්තනියාමාගමනස්ස අභබ්බොති අභබ්බාගමනො. කම්මාවරණෙනාති පඤ්චවිධෙන ආනන්තරියකම්මෙන. කිලෙසාවරණෙනාති නියතමිච්ඡාදිට්ඨියා. විපාකාවරණෙනාති අහෙතුකදුහෙතුකපටිසන්ධියා. අස්සද්ධාති බුද්ධධම්මසඞ්ඝෙසු සද්ධාරහිතා. අච්ඡන්දිකාති කත්තුකම්‍යතාකුසලච්ඡන්දරහිතා. තෙ ඨපෙත්වා ජම්බුදීපං ඉතරදීපත්තයවාසිනො වෙදිතබ්බා. තෙසු හි මනුස්සා අච්ඡන්දිකභාවං පවිට්ඨා නාම. දුප්පඤ්ඤාති භවඞ්ගපඤ්ඤාරහිතා. අභබ්බාති අප්පටිලද්ධමග්ගඵලූපනිස්සයා. නියාමන්ති මග්ගනියාමං, සම්මත්තනියාමං. ඔක්කමිතුන්ති එතං කුසලෙසු ධම්මෙසු සම්මත්තසඞ්ඛාතං නියාමං ඔක්කමිතුං පවිසිතුං තත්ථ පතිට්ඨාතුං අභබ්බා."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll