Q. සද්ධානුසාරී පුද්ගයලයා ගැන පහදා දෙන්න.
A. “36. කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධෙන්ද්‍රියය බලවත් වේ ද ශ්‍රද්ධාව එළවන සුලු වූ ශ්‍රද්ධාපූර්වඞ්ගම වූ ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවාන්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගල තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ වෙයි, එලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.”
http://www.thripitakaya.org/tipitakaya/Index/1105?s=24062
A. “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා (ප්‍රඥාව පෙරටු කොට සෝවාන් මාර්ගයට පැමිණෙන පුද්ගලයා) වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා (ශ්‍රද්ධාව පෙරටුකොට සෝවාන් මාර්ගයට පැමිණෙන පුද්ගලයා) වෙයි.”
https://pitaka.lk/main?n=251323&p=482
‘‘පඤ්චිමානි , භික්ඛවෙ, ඉන්ද්‍රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්‍රියං...පෙ.... පඤ්ඤින්ද්‍රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්‍රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්‍රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති, තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමී හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති, තතො මුදුතරෙහි සද්ධානුසාරී හොතී’’ති.”
“කතමො ¶ ච පුග්ගලො සද්ධානුසාරී? යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්ද්‍රියං අධිමත්තං හොති, සද්ධාවාහිං සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති – අයං වුච්චති ¶ පුග්ගලො “සද්ධානුසාරී”. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සද්ධානුසාරී ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො.”
https://tipitaka.app/?a=2d1-32-si
A. “‘මේ සප්ත ආර්‍ය්‍ය පුද්ගල විභාගය පිණිස ප්‍රත්‍ය වේය යි’ කී හෙයින් මෙහි ඒ ආර්‍ය්‍ය පුද්ගල විභාගය වේ. සද්ධානුසාරී යැ, සද්ධාවිමුත්ත යැ, කායසක්ඛි යැ, උභතොඵාගවිමුත්ත යැ, ධම්මානුසාරී යැ, දිට්ඨප්පත්ත යැ, පඤ්ඤාවිමුත්ත යැ, යන මොහු සප්ත ආර්‍ය්‍ය පුද්ගලයෝ යි. ඔවුන්ගේ එම විභාගයට මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය ප්‍රත්‍යය වේ.
විස්තර:- යමෙක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ ශ්‍රද්ධාව බහුල කොට ඇත්තේ ශ්‍රද්ධේන්‍ද්‍රිය ප්‍රතිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගලයා සෝවාන් මාර්‍ග ක්‍ෂණයෙහි සද්ධානුසාරී නම් වේ. සෙසු සත්-මාර්‍ග ඵලයන්හි දී සද්ධවිමුත්ත වේ. යමෙක් දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නේ පස්සද්ධි බහුල වූයේ සමාධින්‍ද්‍රිය ප්‍රතිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ හැම තන්හි ම කායසක්ඛි නම් වේ.
අරූප ධ්‍යානයට පැමිණ අර්හත්‍වයට පැමිණියේ උභතොභාග විමුත්ත නම් වේ.
යමෙක් වනාහි අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ වදෙ (දැනීම) බහුල කොට ඇත්තේ ප්‍රඥෙන්‍ද්‍රියය ප්‍රතිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි ධම්මානුසාරී නම් වේ. සෝවාන් ඵලය පටන් අර්‍හත්මාර්‍ග ක්‍ෂණය තෙක් සතන්හි දිට්ඨප්පත්ත නම් වේ. අර්හත් ඵලයෙහි පඤ්ඤාවිමුත්ත නම් වේ.
මේ සඳහා “අනිච්චතො මනසිකරොතො සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති. සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා, සොතාපත්ති මග්ගං පටිලභති. තෙනවුච්චති සද්‍ධානුසාරීති. තථා අනිච්චතො මනසිකරොතො සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති. සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිඵලං සච්ඡිකතං හොති. තෙන වුච්චති සද්‍ධා විමුත්තොති”[6] වදාරන ලදි. (අර්‍ථ කීයේමැ යි.) තවද හේතුඵල විශ්වාස කෙරෙමින් කෙලෙසුන් කෙරෙන් මිදුනේ සද්ධාවිමුත්ත නම් වේ. වුඨානන්තයෙහි (අරූපධ්‍යානයට අනතුරු වැ) මාර්‍ගඵල ප්‍රත්‍යවෙක්‍ෂා කෙළේනු යි කායසක්ඛි නම් වේ. දර්‍ශනාන්තයෙන් (සෝතාපත්ති මාර්‍ගයට අනතුරු වැ) සෝතාපත්ති ඵලයෙහි පටන් අර්‍හත් මාර්‍ගය තෙක් පැමිණියේ නු යි දිට්ඨපත්ත නම් වේ. හැදහීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුණේ සද්‍ධාවිමුත්ත නම් වේ. ධ්‍යානය පළමු ස්පර්‍ශ කොට පසුවැ නිරෝධය (නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කරනුයේ කායසක්ඛි නම් වේ. සංස්කාර දුක් යැ, නිරෝධය සුඛයැ යි දක්නා ලද්දේ ප්‍රකට කොට දක්නා ලද්දේ ස්පර්‍ශ කරන ලද්දේනු යි දිඨප්පත්ත නම් වේ.
මේ සද්ධානුසාරී ආදී සතර පදයන් අතුරින් ශ්‍රද්ධාව අනුවැ යේනු යි හෝ ශ්‍රද්ධාවෙන් අනුවැ යේනු යි සද්ධානුසාරී නමි. ප්‍රඥාව අනුවැ යේනුයි (ධර්‍මයෙන්) ප්‍රඥාවෙන් අනුවැ යේනු යි ධම්මානුසාරී නමි. අරූපධ්‍යානයෙන් ද, ආර්‍ය්‍යමාර්‍ගයෙන්දැ යි දෙකොටසින් මුක්තවූයේනු යි උභතොභාගවිමුත්ත නමි. (රූපකාය - නාමකාය වශයෙන් හෝ විෂ්කම්භන - සමුච්ඡෙද වශයෙන් හෝ උභය භාගයෙන් හෝ උභය වාරයෙන් මිදුණේ උභතොභාග විමුක්ත යැ යනු ටීකාර්‍ථ යි.) අනිත්‍යාදි වශයෙන් ප්‍රකාරයෙන් දැන කෙලෙසුන් කෙරෙන් මිදුණේනු යි පඤ්ඤාවිමුත්ත නමැ යි මෙසේ වචනාර්‍ථ දතයුතු.”
https://pitaka.lk/books/vishuddhi-margaya/23-8.html