Q. ද්‍රෝණයක් යනු කොපමණ ප්‍රමාණයක් ද කරුණාවෙන් පැහැදිලි කර දිය හැකිනම් ...
A. සාමාන්‍ය කෙනෙක්ගේ අතේ මිටට එන ප්‍රමාණය x 4 x 4 x 16 = ද්‍රෝණය.
(අතේ මිටවල් 256 කි.)
A / R. “ද්‍රොණයක් නම් සොළොස් නැළියෙක් වේ.
ඒ මෙසේ යි:- ප්‍රකෘති පුරුෂයෙකු ගේ මිටු සතරෙක් එක් පතෙකි,
ඒ පත සතරෙක් නැළියෙකි.
ඒ නැළි සොළසෙක් ද්‍රෝණයෙකි.”
{[(“ (3) සුණු වශයෙන් ආරෝහ පරිණාහ විසින් මධ්‍යම ප්‍රමාණ වූ ශරීරයෙක ලැබෙන සුණු විසුණු වී පරමාණු බවට ගිය පෘථිවි ධාතූහු ද්‍රෝණයක් පමණ වේ.
ඒ මෙසේ යි :- අඟලින් අටෙන් එකක් යවයෙක් වේ. යවයෙන් අටෙන් එකක් ඌකාවෙක් වේ. ඌකාවෙක් අටෙන් එකක් ලික්ඛාවෙකි. ලික්ඛාවෙන් අටෙන් එකක් රථරෙණුවෙකි. රථරෙණුවෙන් අටෙන් එකක් තජ්ජාරියෙකි. තජ්ජරියෙන් අටෙන් එකක් අණුවෙකි. අණුවෙකින් අටෙන් එකක් පරමාණුවෙකි.
අටුවා මතය :- මධ්‍යම පුරුෂයාගේ අඟුලින් සතිසෙන් එකක් ඌකා එකක් වේ. ඌකාවෙන් සතිසෙන් එකක් ලික්ඛාවෙකි. ලික්ඛාවෙන් සතිසෙන් එකක් රථරේණුවෙකි. රථරේණුවෙන් සතිසෙන් එකක් තජ්ජාරියෙකි. තජ්ජාරියෙන් සතිසෙන් එකක් අණුවෙකි. අණුවෙන් සතිසෙන් එකක් එක් පරමාණුවෙකි. එය ආකාශ කොටසට මැ ඇතුළත් වේ. මසැසට විෂය නොවේ. දිවැසට ගෝචර වේ. මෙහි ගන්නා ලද්දේ ඒ පරමාණු මාත්‍රය යැ. එසේ සුණු වූ පෘථිවි ධාතු ද්‍රෝණයක් පමණ වේ. >>> ද්‍රොණයක් නම් සොළොස් නැළියෙක් වේ.

ඒ නැළි සොළසෙක් ද්‍රෝණයෙකි. <<<
ඒ ද්‍රෝණය, මගධ නැළිය පමණ වේ. ඒ මගධ නැළියෙන් දොළොස් නැළියක් පමණ පෘථිවි ධාතු සුණු මේ සිරුරෙහි වේ. එයින් අඩක් පමණ වූ ආපෝ ධාතුවෙන් එය නොවිසිරී සිටිනාසේ හාත්පසින් බැඳි පිඩුකොට ගන්නා ලද්දේ වේ. ඒ ආපෝ ධාතුවෙන් තෙත්වීමට හෝ වැගිරීමට නො යන සේ තේජෝ ධාතුවෙන් රක්නා ලද්දේ වෙයි. එය සංඝාත වාතයෙන් අතිශයින් පුරවන ලද්දේ වෙයි. මෙසේ ඒ සියුම් වූ රජස් වූ පෘථිවි ධාතුව නො විසිරෙන සේ නො විහිදෙන සේ හාත්පසින් බැඳීම ය, පැසීමය, සැලීම ය යන කෘත්‍යය ඇති ආපෝ - තේජෝ - වායෝ - ධාතුන්ගෙන් උපකාර ලැබ සෙනහයෙන් තෙමන ලද, තේජසින් මුහුකුරුවන ලද, වාතයෙන් හම්මන ලද, පිට සුන්නක් සේ පිඩු වී ඝන වී ස්ත්‍රී පුරුෂ ලිංගාදි විසින් නන් අයුරින් ගත යුතු බවට පැමිණේ. එසේ මැ කුඩා-මහත් දිග-කොට ස්ථිර-තද යනාදි ස්වභාවය ද පහළ කරන්නේ ය.”)]}