Q. තව ද අනෙකක් කියම්. යෝගාවචර මහණ තෙම යන්නේ හෝ යෙමි යි (පරමාර්ථ වශයෙන් යන්නෙක් නැතැ යි ද ‘යෙමි’ යි පහළ වූ සිතින් ඉපි ද කය පුරා පැතිරැ ගිය වායු ධාතු වේගයෙන් වූ රූකයේ චලනය ම ඇතැ යි) දනී. සිටියේ හෝ සිටියෙම් වෙමි යි (‘සිටිමි’ යන සිතින් ඉපැද කය පුරා පැතිර ගිය වායු වේගයෙන් රූ කයේ චලන විශේෂයක් වූ සිටීම් නැමැති ඉරියව්ව ම ඇතැ යි) දනී. හිඳින්නේ හෝ හිඳිමියි දනී. වැදැ හෝනේ හෝ වැදැහෙන්නෙම් වෙමි යි (චිත්ත ක්‍රියා වායු ධාතුව පැතිරැ යෑමෙන් වූ වැද හෝනා ඉරියව්ව පැවැත්ම ම ඇතැ යි) දනී. යම් යම් අයුරින් හෝ ඔහුගේ රූ කයැ පවත්නේ වේ ද ඒ ඒ අයුරින් එය දනී.
මෙම කය පුරා පැතිරැ ගිය වායු ධාතු වේගයෙන් වූ රූකයේ චලනය පිලිබදව වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
A. <<< “... යන්නේ කවරෙක් දැ? යි නියම යෝගියෙකුගෙන් ඇසුවහොත් යන්නේ සත්වයෙක් නො වේ. පුද්ගලයෙක් නො වේ. ස්ත්‍රියක් නො වේ. පුරුෂයෙක් ද නො වේ ය යි පිළිතුරු දෙනවා ඇත.
යන ගමන කාගේ දැ? යි ඇසුවහොත් එය කිසිත් සත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ නො වේ ය යි කියනවා ඇත.
යාම කුමක් නිසා සිදුවන්නේ දැ? යි ගමනේ හේතුව ඇසුව හොත් චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයෙහි නහර ඔස්සේ පැතිර යාම නිසා ය යි උත්තර දෙනවා ඇත. ....
කිසි සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නො ය යි කියා ද, ගමන කවරෙකුගේ ද? යන මේ ප්‍රශ්නයෙහි ගමන කිසි සත්ත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ නො වේ ය යි ද කිනම් කරුණක් නිසා ය යි ද? යන මේ ප්‍රශ්නයෙහි චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයෙහි පැතිරයෑම නිසා ය යි ද මේ යෝගී පුද්ගලයා මෙසේ දැනගනී. පළමු කොට යන්ට ඕනෑ ය යි සිතක් උපදී. ඒ සිත කය ඔසවන - සොලවන වායෝ ධාතුව උපදව යි. ඒ වායෝ ධාතුව කය ඉදිරියට පමුණුවන ශක්තිය වූ කාය විඤ්ඤත්තිය උපදව යි. (යන විට) යන බව සිහිය ඇති ව මෙනෙහි කරන යෝගියාහට පය ආදී ශරීරාගයන්ගේ එසවීම ප්‍රකට වෙ යි. මේ එසවීම් ක්‍රියාව වායෝ ධාතුවේ විත්ථම්භන ලක්ෂණ ය යි. සෙලවෙන ගතිය ද ප්‍රකට වෙයි. මේ සෙලවීම් ක්‍රියාව වායෝ ධාතුවේ සමුදීරණ නමැති කෘත්‍ය රස ය යි. යනු කැමැති දෙසට තල්ලු වී යන - ඉදිරියට පමුණු වන ආකාරය ප්‍රකට වෙයි. මෙසේ ඉදිරියට තල්ලු කරන - ඉදිරියට පමුණුවන ආකාරය වායෝ ධාතුවේ අභිනීහාර පච්චුපට්ඨාන ය යි කියන ලද ඤාණයට වැටහෙන ආකාරය යි. එහෙයින් වායෝධාතුව ශරීරය නැගිටුවා - සොලවන ක්‍රියා මාත්‍රයක් ය යි කියන ලදී. වායෝ ධාතුව විඤ්ඤත්තිය උපදවන්නේ ය යි කී තන්හි තල්ලු කිරීමේ ශක්ති විශේෂය හා සමග වායෝ රූප පහළ වී ඊට දක්වනු කැමැත්ත වෙ යි. ඇත්ත වශයෙන් වනාහි වායුව හා පවතින විඤ්ඤත්ති රූප සිතෙන් හටගත් චිත්තජ රූපයක් ම ය. වායුවෙන් හටගත් වායුජ රූපයක් නම් නො වේ, චිත්තකිරිය වායෝ ධාතුව ශරීරයෙහි පැතිරී යෑමෙන් හෙවත් සිතෙන් හටගත් - කය එසවීම් - සෙලවීම් ක්‍රියාව පැතිර යෑමෙන් මුලු ශරීරය ඉදිරියට පැමිණ වීම ගමන ය යි කියනු ලැබේ. සිටීම් ආදියෙහි ද මේ නය ක්‍රමය ම දත යුතු යි. එහි විස්තරය මෙසේ; ඒ සිටීම් ආදියෙහි සිටිමි, ඉඳගනිමි, සයනය කරමි යයි කියා සිතක් පළමුකොට උපදී. එසේ සිතන්නාවූ ඒ සිත කය නැගිටුවන සොලවන වායුව උපදව යි. ඒ වායුව කය පුබුදුවන - ශක්ති විශේෂය වූ විඤ්ඤත්තිය උපදව යි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිර යෑමෙන් සකල ශරීරයෙහි යට කෙළවරෙහි පටන් ශරීරය ඔසවා කෙලින් කර තැබීම, සිටීම ය යි කියනු ලැබේ. සිතින් හටගත් වායෝ ධාතුව පැතිර යෑම නිසා යට කය හකුලුවා උඩු කය කෙලින් කර තබා ගැනීම ඉඳ ගැනීම ය යි කියනු ලැබේ. එසේම සිතින් හටගත් වායෝ ධාතුව කයෙහි පැතිර යෑමෙන් සකල ශරීරය හරහට දිග හැර ගැනීම, හොවීම ය යි කියනු ලැබේ.” >>>
https://pitaka.lk/books/satipattana-vipassana/9.html
A. https://tipitaka.lk/library/746
https://tipitaka.lk/library/630
https://tipitaka.lk/library/745
මෙම කය පුරා පැතිරැ ගිය වායු ධාතු වේගයෙන් වූ රූකයේ චලනය පිලිබදව වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
A. <<< “... යන්නේ කවරෙක් දැ? යි නියම යෝගියෙකුගෙන් ඇසුවහොත් යන්නේ සත්වයෙක් නො වේ. පුද්ගලයෙක් නො වේ. ස්ත්‍රියක් නො වේ. පුරුෂයෙක් ද නො වේ ය යි පිළිතුරු දෙනවා ඇත.
යන ගමන කාගේ දැ? යි ඇසුවහොත් එය කිසිත් සත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ නො වේ ය යි කියනවා ඇත.
යාම කුමක් නිසා සිදුවන්නේ දැ? යි ගමනේ හේතුව ඇසුව හොත් චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයෙහි නහර ඔස්සේ පැතිර යාම නිසා ය යි උත්තර දෙනවා ඇත. ....
කිසි සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නො ය යි කියා ද, ගමන කවරෙකුගේ ද? යන මේ ප්‍රශ්නයෙහි ගමන කිසි සත්ත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ නො වේ ය යි ද කිනම් කරුණක් නිසා ය යි ද? යන මේ ප්‍රශ්නයෙහි චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයෙහි පැතිරයෑම නිසා ය යි ද මේ යෝගී පුද්ගලයා මෙසේ දැනගනී. පළමු කොට යන්ට ඕනෑ ය යි සිතක් උපදී. ඒ සිත කය ඔසවන - සොලවන වායෝ ධාතුව උපදව යි. ඒ වායෝ ධාතුව කය ඉදිරියට පමුණුවන ශක්තිය වූ කාය විඤ්ඤත්තිය උපදව යි. (යන විට) යන බව සිහිය ඇති ව මෙනෙහි කරන යෝගියාහට පය ආදී ශරීරාගයන්ගේ එසවීම ප්‍රකට වෙ යි. මේ එසවීම් ක්‍රියාව වායෝ ධාතුවේ විත්ථම්භන ලක්ෂණ ය යි. සෙලවෙන ගතිය ද ප්‍රකට වෙයි. මේ සෙලවීම් ක්‍රියාව වායෝ ධාතුවේ සමුදීරණ නමැති කෘත්‍ය රස ය යි. යනු කැමැති දෙසට තල්ලු වී යන - ඉදිරියට පමුණු වන ආකාරය ප්‍රකට වෙයි. මෙසේ ඉදිරියට තල්ලු කරන - ඉදිරියට පමුණුවන ආකාරය වායෝ ධාතුවේ අභිනීහාර පච්චුපට්ඨාන ය යි කියන ලද ඤාණයට වැටහෙන ආකාරය යි. එහෙයින් වායෝධාතුව ශරීරය නැගිටුවා - සොලවන ක්‍රියා මාත්‍රයක් ය යි කියන ලදී. වායෝ ධාතුව විඤ්ඤත්තිය උපදවන්නේ ය යි කී තන්හි තල්ලු කිරීමේ ශක්ති විශේෂය හා සමග වායෝ රූප පහළ වී ඊට දක්වනු කැමැත්ත වෙ යි. ඇත්ත වශයෙන් වනාහි වායුව හා පවතින විඤ්ඤත්ති රූප සිතෙන් හටගත් චිත්තජ රූපයක් ම ය. වායුවෙන් හටගත් වායුජ රූපයක් නම් නො වේ, චිත්තකිරිය වායෝ ධාතුව ශරීරයෙහි පැතිරී යෑමෙන් හෙවත් සිතෙන් හටගත් - කය එසවීම් - සෙලවීම් ක්‍රියාව පැතිර යෑමෙන් මුලු ශරීරය ඉදිරියට පැමිණ වීම ගමන ය යි කියනු ලැබේ. සිටීම් ආදියෙහි ද මේ නය ක්‍රමය ම දත යුතු යි. එහි විස්තරය මෙසේ; ඒ සිටීම් ආදියෙහි සිටිමි, ඉඳගනිමි, සයනය කරමි යයි කියා සිතක් පළමුකොට උපදී. එසේ සිතන්නාවූ ඒ සිත කය නැගිටුවන සොලවන වායුව උපදව යි. ඒ වායුව කය පුබුදුවන - ශක්ති විශේෂය වූ විඤ්ඤත්තිය උපදව යි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිර යෑමෙන් සකල ශරීරයෙහි යට කෙළවරෙහි පටන් ශරීරය ඔසවා කෙලින් කර තැබීම, සිටීම ය යි කියනු ලැබේ. සිතින් හටගත් වායෝ ධාතුව පැතිර යෑම නිසා යට කය හකුලුවා උඩු කය කෙලින් කර තබා ගැනීම ඉඳ ගැනීම ය යි කියනු ලැබේ. එසේම සිතින් හටගත් වායෝ ධාතුව කයෙහි පැතිර යෑමෙන් සකල ශරීරය හරහට දිග හැර ගැනීම, හොවීම ය යි කියනු ලැබේ.” >>>
https://pitaka.lk/books/satipattana-vipassana/9.html
A. https://tipitaka.lk/library/746
https://tipitaka.lk/library/630
https://tipitaka.lk/library/745
[වැඩිදුරටත් පහත ම, මහා සතිපට්ඨාන සූත්‍ර අටුවාව කියවන්න.]
A. “... තවද මේ නාම-රූප දෙකින් නාමය තෙද නැත්තේ යැ, තමා තෙදින් පැවැත්ත නො හේ. නො කයි. නො බොයි. නො බෙණේ. ඉරියව් නොපවත්වයි. රූපය ද තෙද නැත්තේ යැ. තමා තදින් පැවැත්ත නොහේ. ඒ රූපයට කනු කැමැති බවෙක් වැති. බොනු කැමැති බවෙක් නැති. බණනු කැමැති බවෙක් නැති. ඉරියවු පවත්වනු කැමැති බවෙක් නැති. නාමය නිසා රූපය පවතී. රූපය නිසා නාමය පවතී. නාමයට කනු කැමැති බවක් ද, බොනු කැමැති බවක් ද, බණනු කැමති බවක් ද, ඉරියව් පවත්වනු කැමති බවක් ද, ඇති කල රූපය කයි, බොයි, බෙණෙයි, ඉරියව් පවත්ව යි.
මේ අර්‍ථය ප්‍රකට කිරීමට මේ උපමාවක් එළවත්:- ජාත්‍යන්‍ධයෙක් ද, පිළෙක් ද ගමනක් යනු කැමැත්තාහු ජාත්‍යාන්‍ධයා යහළුව! ‘මට පයින් යා හැකි යැ. එහෙත් මාර්‍ගයෙහි සම විෂම බව් බැලීමට ඇස් නැත්තේයැ’ යි පිළාට කීයේ ය. පිළා ද යහළුව! ‘මම ඇසින් බැලිය හැක්කෙමි. එහෙත් යාමට හා ඊමට පා නැත්තෙමි වෙමි’ යි අන්‍ධයාට කීය. ජාත්‍යන්‍ධයා තුටු පහටුවැ පිළා දසරුවෙහි තබා ගත. පිළා ද අන්‍ධයා ගේ උරහිස හිඳ වම හරුව, දකුණට යව, දකුණ හරුව, වමට යව’ යි කියයි. මෙහි ජාත්‍යන්‍ධයාද තෙද නැත්තේ යැ. දුබල යැ. තමා තෙදින් ද බලයෙන් ද නො යේ. පිළි ද තෙද නැත්තේ ද. දුබල ය. තමා තෙදින් ද, බෙලෙන් ද යා නො හැක්ක. ඔහු දෙදෙන උනුන් නිසා ගමන කෙරෙත්මැ යි.
එමෙන් ම නාමය ද තෙද නැත්තේ තමා තෙදින් නූපදී. ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී. රූපය ද තෙද නැත්තේ තමා තෙදින් නූපදී. තමා අයත් ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී.
එතෙකුදු වුවත් ඔවුන් උනුන් කියා උපැත්ම හෝ පැවැත්ම නො වන්නේ නො වේ. උපදනේ ද පවත්නේ ද වේ.”
https://pitaka.lk/books/vishuddhi-margaya/20-7.html
A. “මේ ශරීරය ඉබේ සෙලවෙන්නේ නැත. අරූපී වූ සිත ද ශරීරය සෙලවීමට සමත් නො වේ. යාම් - ඊම් අත්පාදිය එසවීම් - පහත් කිරීම් ආදි ශරීරයෙන් කෙරෙන සියලුම ක්‍රියා සිදු වන්නේ සිතින් උපදවන රූපයන්ගේ බලයෙනි. සිට ගෙන සිටින තැනැත්තා ගේ ශරීරය නො වැටී කෙළින් සිටින්නේත් වාඩි වී ඉන්නා තැනැත්තාගේ ශරීරය නො වැටී එසේ තිබෙන්නේත් චිත්තජ රූපයන්ගේ බලයෙනි.
රූප උපදවන සිත් පන් සැත්තෑව අතුරෙන් අර්පණා ජවන නම් වූ මහග්ගත ලෝකෝත්තර ජවන් සවිස්ස සාමාන්‍යයෙන් රූප ඉපදවීම පමණක් නොව, සිටීම හිඳීම ශයනය යන ඉරියව් නො බිඳ පැවැත්වීම ද සිදු කරන්නේ ය. අර්පණා ජවනයන් ගෙන් උපදවන රූප ශරීරය සෙලවීමට සමත් නො වේ. එබැවින් නිදා සිටින ශරීරය නැගිටුවා හිඳ වීම, හිඳිනා ශරීරය නැගිටුවා සිට වීම, අර්පණා ජවනයෙන් උපදවන චිත්තජ රූපවලින් සිදු කරනු නො ලැබේ. ඒවායින් සිදු කරන්නේ අන් සිතකින් ඉපද වූ චිත්තජ රූපවලින් මුලින් ඇති කළ ඉරියව්ව ඒ සැටියට පැවැත්වීම ය. ඇද වැටෙන්නට නො දීමය. භවාඞ්ග සිත්වලින් උපදවන චිත්තජ රූප ඒ කාර්‍ය්‍යය සිදු කිරීමට ද සමත් නො වේ. සිට ගෙන සිටින තැනැත්තාට හෝ වාඩි වී සිටින තැනැත්තාට හෝ නින්ද ගියහොත් වැටෙන්නේ එහෙයිනි.
ව්‍යවස්ථාපනය ය, කාමාවචර ජවන් එකුන් තිසය, අභිඥා දෙසිතය යන මේ සිත් දෙතිස, රූප ඉපදවීම ය, ඉරියව් දැරීමය යන මේ දෙතිස හා කාය වාක් විඥප්තීන් ඉපදවීම ද කරන්නේ ය. ගමනාදි ක්‍රියා සිදු වන්නේ විඥප්ති උපදවන සිත්වලිනි.
ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතර ය, හසිතුප්පාදයය, මහා කුශල මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් අටය යන මේ සෝමනස්ස දහතුනෙන් ඉහත කී දෑ පමණක් නොව, සිනාවත් ඇති කරනු ලැබේ.”
https://pitaka.lk/books/abhidharma-margaya/7-6.html
A. "මහාභූතයන් ගෙන් නිර්මිත වූ රූප කය කිසිවක් නො කරන, තුබූ තැන ම නො සැලී තිබෙන දෙයකි. කෑම, බීම, කථා කිරීම, අත් පා එසවීම, පහත් කිරීම ආදි කායික ක්‍රියා සියල්ල ම සිදු කරන්නේ සිත ය. කායික ක්‍රියා සිදු කිරීමේ උත්සාහය සහිත සිත් උපදනා කල්හි, ගිනි පුපුරක් හට ගන්නා කල්හ එය හා බැඳී ආලෝකයක් ද හට ගන්නාක් මෙන් සිතේ ම බලයෙන් එය උපදිනු සමඟ ම වායෝ ධාත්වාධික රූප කලාප සමූහයක් ද ශරීරයේ පැතිර උපදනේ ය. ඒ චිත්තජරූපයන් ගෙන් කෙරෙන තල්ලු කිරීමෙන් ගමනාදි කායික ක්‍රියා සිදු වේ. එසේ ඇති වන්නා වූ චිත්තජ වායෝ ධාතුව ඒ ක්‍රියාව සිදු වීමට සුදුසු පරිදි ශරීරය උස් වී පහත් වී හැකිළී දිග හැරී යන සැටියට ඒ ඒ අතට අභිමුඛව නූපන්නොත් සුදුසු පරිදි ක්‍රියා සිද්ධිය නො වේ. ක්‍රියා සිද්ධියට යෝග්‍ය පරිදි ඒ රූප සමූහය ඒ දිශාවට අභිමුඛ කරවන්නා වූ එක්තරා රූප ධර්මයක් ඒ රූපයන් හා බැඳී එකවර ම උපදනේ ය. තමා හා එක්ව උපන් චිත්තජ රූප කලාපය සුදුසු දිශාවට අභිමුඛ කරවන්නා වූ හෙවත් මෙහෙයවන්නා වූ ඒ රූපය කායවිඥප්ති නම් වේ. එය අන්‍ය චිත්තජ රූපයන් හා බැඳී සිත හා ඉපද රූප පිණ්ඩය මෙහෙයවා සිත සමඟ ම නිරුද්ධ වේ. එයට ඇත්තේ එක සිතක කාලය වූ ආයුෂයෙකි. එය හා උපදනා අන්‍ය රූපයෝ චිත්තක්ෂණ සතළොසක් ආයු ඇත්තෝ ය. ඒ විඥප්ති රූපය, නැවක සුක්කානම වැනි යයි කිය හැකි ය. යන්ත්‍රය ක්‍රියා කරන කල්හි නැව ගමන් කරන්නට පටන් ගනී. එහෙත් නිකම්ම එය වුවමනා තැනට නො යයි. වුවමනා තැනට යවනු පිණිස නියමුවා සුක්කානම ඒ ඒ අතට හැරවීමෙන් නැව ඒ ඒ දිශාවට අභිමුඛ කරවයි. එයින් නැව වුවමනා තැනට පැමිණේ. එමෙන් සිත කායවිඥප්තිය නමැති සුක්කානමෙන් චිත්තජ කලාපය ඒ ඒ අතට යොමු කරවයි. එයින් ගමනාදි ක්‍රියා සිදු වේ."
https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/9-11-1.html
A. "මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් කායානුපස්සනාව බෙදා දැන් ඉරියවු වශයෙන් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. එහි බලු සිවල් ආදි සත්තු ද යන්නේ යන්නෙමුයි දනිති. මෙය වනාහි එබඳු වූ දැනීමක් සඳහා නො කියන ලදී. එබඳු වූ දැනීම වනාහි සතා යන දැනුම අත් නොහරියි. ආත්ම සංඥාව ගලවා නොදමයි. කමටහන් හෝ සතිපට්ඨාන භාවනා හෝ නොවේ. මෙහි වනාහි භික්ෂුවගේ දැනීම සත්ව හැඟීම දුරු කරයි. ආත්ම සංඥාව ගලවා දමයි. කමටහන ද සතිපට්ඨාන භාවනාව ද වේ. මෙය වනාහි කවරෙක් යේ ද? කාගේ ගමනක්ද? කුමන කරුණක් නිසා දැයි මේවා දැනීම සඳහා කියන ලදී. ස්ථානාදියෙහි ද මෙම නයමැයි.
එහි කවරක් ගමන් කෙරේද? සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ කිසිවෙක් නො යයි. කාගේ ගමනක් ද සත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ කිසිවෙකුගේ ගමනක් නොවේ. කුමන කරුණක් නිසා යන්නේ ද චිත්ත කිරිය වායෝ ධාතු පැතිරීමෙන් යයි. එහෙයින් මෙතෙම මෙසේ දනී. යමි යයි සිතක් උපදී. එය මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු කයේ ඉදිරියෙන් ඉදිරියට ගෙන ඒම ගමන යයි කියනු ලැබේ. ස්ථානාදියෙහි ද මෙම න්‍යායමයි.
එහිද සිටිමි යයි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු ශරීරයේ කෙළවරෙහි සිට ඔසවන ලද බව ස්ථානයයි කියන ලදී. හිඳිමියි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරීමෙන් යටිකයේ හැකිලීම උඩු කයේ නැගී සිටි බව හිඳීම යයි කියනු ලැබේ. නිදමි යයි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤාත්තිය උපදවයි. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු ශරිරයේ හරහට ප්‍රසාරණය නිදීම යයි කියනු ලැබේ.
ඔහුට මෙසේ දැනීමෙන් මෙසේ වේ. සතා යයි සත්වයා සිටියි. යයි කියයි. කිසි සත්වයෙක් යන්නේ හෝ සිටින්නේ හෝ නැත. යම් සේ වනාහි කරත්තය යයි, කරත්තය සිටියයි කියයි. යන හෝ සිටින කරත්තයක් නැත. ගොනුන් සතර දෙනෙකු යොදා දක්ෂ රියදුරකු පදවන කරත්තය සිටී යයි වවහාර මාත්‍රයක් වේ. එසේම නොදැනීම් අර්ථයෙන් කරත්තය මෙන් ශරිරය. සිතින් උපන් වාතය ගොනුන් මෙනි. සිත රියැදුරා මෙනි. යමි යි සිටිමියි සිත උපන් කල්හි වායෝ ධාතුව විඤ්ඤත්තිය උපදවන්නේ උපදී. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් ගමනාදිය පවත්වයි. එයින් සත්වයා යයි. සත්වයා සිටියි. මම යමි මම සිටිමි යයි ව්‍යවහාර මාත්‍රයක් වේ.
නැව සුළග වේගෙන් - දුනුදිය වෙයින් ඊය ද
යන ලෙස කය ද මේ - සුළගින් ගෙන යයි එසේ
නූලකින් යතුර සේ - මෙම සිත ද නුලක් සේ
යුතු සිරුර යතුර ද - යයි සිටියි හිඳ ගැනුම වේ
මෙහි කොද ඒ සතා - යම් හේතු ද පල විනා
තම තෙදින් වන එය - සිටී හෝ හැසිරේ වේ
එහෙයින් මෙසේ හේතු ප්‍රත්‍ය වශයෙන්ම පවත්වන ගමනාදිය සලකන්නේ මෙතෙමේ යන්නේ හෝ යන්නෙමියි දනී. සිටින්නේ හෝ හිඳින්නේ හෝ - නිදන්නේ හෝ නිදන්නෙමියි දනී යයි දත යුතුය.
යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති - මෙය සර්ව සංග්‍රාහික වචන වේ. මෙය කියන ලද්දේ වේ. යම් යම් ආකාරයෙන් ඔහුගේ කය සිටියේ වේද? ඒ ඒ ආකාරයෙන් එය දැනගනී. ගමනාකාරයෙන් සිටියේ යයි යයි දැනගනී. සිටින හිඳින-නිදන ආකාරයෙන් සිටියේ නිදන්නේ යයි දැනගනී.
ඉති අජ්ඣත්තං වා - මෙසේ තමාගේ හෝ සිව් ඉරියව් පිරික්සීමෙන් කයෙහි කය අනුව බලමින් වාසය කරයි. බහිද්ධා වා - අනුන්ගේ හෝ සිව් ඉරියව් පිරික්සීමෙන් අජඣත්ත බහිද්ධා වා - කලකින් තමාගේ කලකින් අනුන්ගේ සිව් ඉරියව් පරික්ෂා කිරීමෙන් කයෙහි කය අනුව බලමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සී - ආදියෙහි වනාහි අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වේ ආදි නයින් පස් ආකාරයකින් රූපස්කන්ධයේ හට ගැනීම ද විනාශය ද බැහැර කළයුතුය. ඒ සඳහා මෙහි “සමුදය ධම්මානුපස්සී” යනාදිය කියන ලදී. අත්ථිකායොති වා පනස්ස - ආදිය කියන ලද පරිදිම වේ.
මෙහි ද සිව් ඉරියව් පරික්සීම ඇති කල්හි දුක්ඛ සත්‍යය. එය හටගත් පෙර තෘෂ්ණාව වූ සමුදය සත්‍යය, දෙකම නොපැවතීම වූ නිරෝධ සත්‍යය, දුක දැන ගැනීම සමුදය ප්‍රහානය නිවන අරමුණුවීම වූ ආර්ය මාර්ග මාර්ග සත්‍යය වේ. මෙසේ චතුස්සත්‍යය වශයෙන් උත්සාහ කොට නිවනට පැමිණේ යයි මෙය සිව් ඉරියව් පරික්ෂාකරන එක් භික්ෂුවකගේ රහත් බව දක්වා නිවන් මග වේ."
"එවං ¶ අස්සාසපස්සාසවසෙන කායානුපස්සනං විභජිත්වා ඉදානි ඉරියාපථවසෙන විභජිතුං පුන චපරන්තිආදිමාහ. තත්ථ කාමං සොණසිඞ්ගාලාදයොපි ගච්ඡන්තා “ගච්ඡාමා”ති ජානන්ති, න පනෙතං එවරූපං ජානනං සන්ධාය වුත්තං. එවරූපඤ්හි ජානනං සත්තූපලද්ධිං න පජහති, අත්තසඤ්ඤං න උග්ඝාටෙති, කම්මට්ඨානං වා සතිපට්ඨානභාවනා වා න හොති. ඉමස්ස පන භික්ඛුනො ජානනං සත්තූපලද්ධිං පජහති, අත්තසඤ්ඤං උග්ඝාටෙති කම්මට්ඨානඤ්චෙව සතිපට්ඨානභාවනා ච හොති. ඉදඤ්හි “කො ගච්ඡති, කස්ස ගමනං, කිං කාරණා ගච්ඡතී”ති එවං සම්පජානනං සන්ධාය වුත්තං. ඨානාදීසුපි එසෙව නයො.
තත්ථ කො ගච්ඡතීති? න කොචි සත්තො වා පුග්ගලො වා ගච්ඡති. කස්ස ගමනන්ති? න කස්සචි සත්තස්ස වා පුග්ගලස්ස වා ගමනං. කිං කාරණා ගච්ඡතීති ¶? චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන ගච්ඡති. තස්මා එස එවං පජානාති – “ගච්ඡාමී”ති චිත්තං උප්පජ්ජති ¶, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකලකායස්ස පුරතො අභිනීහාරො ගමනන්ති වුච්චති. ඨානාදීසුපි එසෙව නයො.
තත්‍රාපි හි “තිට්ඨාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකලකායස්ස කොටිතො පට්ඨාය උස්සිතභාවො ඨානන්ති වුච්චති. “නිසීදාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන හෙට්ඨිමකායස්ස සමිඤ්ජනං උපරිමකායස්ස උස්සිතභාවො නිසජ්ජාති වුච්චති. “සයාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකලසරීරස්ස තිරියතො පසාරණං සයනන්ති වුච්චතීති.
තස්ස එවං පජානතො එවං හොති “සත්තො ගච්ඡති, සත්තො තිට්ඨතී”ති වුච්චති, අත්ථතො පන කොචි සත්තො ගච්ඡන්තො වා ඨිතො වා නත්ථි. යථා පන “සකටං ගච්ඡති, සකටං තිට්ඨතී”ති වුච්චති, න ච කිඤ්චි සකටං නාම ගච්ඡන්තං වා ඨිතං වා අත්ථි, චත්තාරො පන ගොණෙ යොජෙත්වා ඡෙකම්හි සාරථිම්හි පාජෙන්තෙ “සකටං ගච්ඡති, සකටං තිට්ඨතී”ති වොහාරමත්තමෙව ¶ හොති, එවමෙව අජානනට්ඨෙන සකටං විය කායො, ගොණා විය චිත්තජවාතා, සාරථි විය චිත්තං. “ගච්ඡාමි තිට්ඨාමී”ති චිත්තෙ උප්පන්නෙ වායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන ගමනාදීනි පවත්තන්ති, තතො “සත්තො ගච්ඡති, සත්තො තිට්ඨති, අහං ගච්ඡාමි, අහං තිට්ඨාමී”ති වොහාරමත්තං හොති. තෙනාහ –
“නාවා මාලුතවෙගෙන, ජියාවෙගෙන තෙජනං;
යථා යාති තථා කායො, යාති වාතාහතො අයං.
යන්තං ¶ සුත්තවසෙනෙව, චිත්තසුත්තවසෙනිදං;
පයුත්තං කායයන්තම්පි, යාති ඨාති නිසීදති.
කො නාම එත්ථ සො සත්තො, යො විනා හෙතුපච්චයෙ;
අත්තනො ආනුභාවෙන, තිට්ඨෙ වා යදි වා වජෙ”ති.
තස්මා එවං හෙතුපච්චයවසෙනෙව පවත්තානි ගමනාදීනි සල්ලක්ඛෙන්තො එස “ගච්ඡන්තො වා ගච්ඡාමීති ¶ පජානාති, ඨිතො වා, නිසින්නො වා, සයානො වා සයානොම්හීති පජානාතී”ති වෙදිතබ්බො.
යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාතීති සබ්බසඞ්ගාහිකවචනමෙතං. ඉදං වුත්තං හොති – යෙන යෙන වා ආකාරෙනස්ස කායො ඨිතො හොති, තෙන තෙන නං පජානාති. ගමනාකාරෙන ඨිතං ගච්ඡතීති පජානාති. ඨානනිසජ්ජසයනාකාරෙන ඨිතං සයානොති පජානාතීති.
ඉති අජ්ඣත්තං වාති එවං අත්තනො වා චතුඉරියාපථපරිග්ගණ්හනෙන කායෙ කායානුපස්සී විහරති. බහිද්ධා වාති පරස්ස වා චතුඉරියාපථපරිග්ගණ්හනෙන. අජ්ඣත්තබහිද්ධා වාති කාලෙන අත්තනො, කාලෙන පරස්ස චතුඉරියාපථපරිග්ගණ්හනෙන කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වාතිආදීසු පන අවිජ්ජාසමුදයා රූපසමුදයොතිආදිනා නයෙන පඤ්චහාකාරෙහි රූපක්ඛන්ධස්ස සමුදයො ච වයො ච නීහරිතබ්බො. තඤ්හි සන්ධාය ඉධ “සමුදයධම්මානුපස්සී වා”තිආදි වුත්තං. අත්ථි කායොති වා පනස්සාතිආදි වුත්තසදිසමෙව.
ඉධාපි ¶ චතුඉරියාපථපරිග්ගාහිකා සති දුක්ඛසච්චං, තස්සා සමුට්ඨාපිකා පුරිමතණ්හා සමුදයසච්චං, උභින්නං අප්පවත්ති නිරොධසච්චං, දුක්ඛපරිජානනො සමුදයපජහනො නිරොධාරම්මණො අරියමග්ගො මග්ගසච්චං. එවං චතුසච්චවසෙන උස්සක්කිත්වා නිබ්බුතිං පාපුණාතීති ඉදමෙකස්ස චතුඉරියාපථපරිග්ගාහකස්ස භික්ඛුනො යාව අරහත්තා නිය්‍යානමුඛන්ති."