335. මාත්‍රයක් ම පමණ යි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යමක් දැක්කාද දැක්කා පමනයි
යමක් ඇසුනාද ඇසුනා පමනයි
යමක් දැනුනාද දැනුනා පමනයි
යමක් සිතුනාද සිතුනා පමනයි
යන සූත්‍ර දේශනාවේ දීර්ඝ අර්ථය පහදා දිය හැකිනම් බොහෝ වටිනවා. මෙය අපගේ ජීවිතයට ගලපාගත යුත්තේ කෙසේද?

A / R. (බාහිය සූත්‍ර අටුවාව.)

‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ - https://pitaka.lk/?node=391010&coll=cs,aps | https://pitaka.lk/?node=241097&coll=cs,aps

මෙය සසර වාසනා / පෙරුම් ඇති, ඉන්ද්‍රීය ධර්මයන් දියුණු කළ බාහියාදී ‘උග්ඝටිතඤ්ඤූ’ මහා ප්‍රඥාවන්තයන්ට / විර්යවන්තයන්ට, තථාගතයන්වහන්සේගේ ‘ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය’ තුළින්, එකී ඉන්ද්‍රීය ධර්මයන් දෙස බලා වදාළ දෙසුමක් බව පෙනේ.

මෙහි දැකීමේ සිට ස්පර්ෂය දක්වා දක්වන්නේ ‘පඤ්චද්වාර වීථි සිත්’ ය. ‘විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ ලෙස ‘මනෝද්වාර වීථි සිත්’ ද දක්වමින් ‘සිතක’ ඇතිවන සියලුම සිත්වල, විපාක සිත් (භවංග සිතේ සිට සන්තීරණය දක්වා) හා කර්ම (ජවන් සිත්) පිරිසිඳ දැකීමට අද්විතීය යොමු කිරීමක් තථාගතයන්වහන්සේ විසින් සිදු කෙරේ. එමඟින් කර්මය වෙනස් කොට ලෝකෝත්තරභාවයට පැමිණවීමේ දේශනාවකි.

කොටින් ම මෙසේ දේශනා කරන්නේ ශුද්ධ-විදර්ශනාව මඟින් නාම-රූප පිරිසිද දැකීම ජීවිත අද්දැකීමක් කරගන්නා අයුරින් චිත්තානුපස්සනාව ගැඹුරින් ම හා සියුම් ම ලෙසින් වඩන ආකාරය යි.

මෙහි වදාළ සංසිද්ධිය අපේ ජීවිතයෙන් දැක බලා ගැනීමට (අවබෝධකර ගැනීමට) හෝ තේරුම් ගැනීමට (උපරිම වශයෙන්) අධිශීල - අධිසමාධි - අධිප්‍රඥා තත්ත්වයක් හෝ අභිධර්මය පිළිබඳව (අවම වශයෙන් මඳක් හෝ) ගැඹුරු දැනුමක් අත්‍යවශ්‍යය ය.

අවම වශයෙන් අහේතුක සිත් 18 පිළිබඳ දැනුම, ඒවා ඇති වීමාදිය හා සිත් ‘චිත්ත වීථි’ වල යෙදෙන ආකාරය (ඒවායේ ‘චෛතසික සම්ප්‍රයෝගය’) ද දැන ගැනීම අතිශයින් ප්‍රයෝජනවත්ය [අහේතුක සිත් 18න්, 17ක් ම අපේ සිත් තුළ ද හට ගනී].

මන්ද එකී සිත් 17හි සැබෑ තත්ත්වය ජීවිතයෙන් යෙදෙන අයුරු අත්දැකීමටයි “දිට්ඨෙ දිට්ඨමත්තං ...” ආදී ලෙස උන්වහන්සේ දේශනා කරන්නේ - එමඟින් චිත්තානුපස්සනාව වැඩීම හා ත්‍රිලක්ෂණය දැකීම/අවබෝධකරවීමට යි.

මෙම ක්‍රමය චිත්තානුපස්සනාවෙහි ගැඹුරුතම හා සියුම් ම තැනක් දේශනා කිරීමක් බව ද - එමඟින් කාය, වේදනා සහ ධම්ම ද එකක් දෙකක් හෝ ඇතුළුව සතර සතිපට්ඨානය ම හෝ ඉතා කෙටි කලක් තුළ දී වැඩී පරිපූර්ණත්වයට පත්වෙන තථාගතයන්වහන්සේගේ පරම දුර්ලභ දේශනා ක්‍රම වේදයක් බව ද පෙනේ.

{බාහිය හා මාලුක්‍යපුත්‌ත සූත්‍ර අටුවාවන්හි මේ (“දිට්ඨෙ දිට්ඨමත්තං...” ) පිළිබඳව ඉතා ගැඹුරු, අර්ථවත් හා විචිත්‍රවත් විස්තරාත්මක විවරණයක් ඇත.}

ඉතා වැදගත්: ඉහත දක්වා ඇත්තේ (ත්‍රිපිටක-ධර්මානුසාරයෙන් ගත්) මාගේ පෞද්ගලික අදහසයි.

විශේෂ ස්තූතිය: බාහිය හා මාලුක්‍යපුත්‌ත සූත්‍ර අටුවාවන් සපසාදීම සම්බන්ධයෙන් Path Nirvana හට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි; කෘතඥ වෙමි; පිං අනුමෝදන් කරමි!

ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය / ඉන්ද්‍රීය ධර්ම … - https://pitaka.lk/books/rc/Suvisi_Gunaya.htm#_Toc459473110

අධිශීල - අධිසමාධි - අධිප්‍රඥා ... - https://suttacentral.net/an3.89/si/zoysa

අහේතුක සිත් 18 … - https://pitaka.lk/books/rc/Abhidharma_Margaya.htm...

චිත්ත වීථි … - https://pitaka.lk/books/rc/Abhidharma_Margaya.htm...

‘චෛතසික සම්ප්‍රයෝගය’ … - https://pitaka.lk/books/rc/Abhidharma_Margaya.htm...

A.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll