691. බුදු දහමට ගිය කල?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආසියාව වෙනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් බුදුදහම නෙති වි යන මොහොතෙ සංවර්ඩිත රටවල් වන අමෙරිකාව යුරොපය වෙනි සංවර්ඩිත රටවල් වල මිනිස්සු බුදුදහම වලද ගන්නේ මොකද?

A. බුදුදහම වැළඳ ගැනීම, ව්‍යාප්තිය, පිරිහීම ආදිය ගැන පුද්ගලානුබද්ධ දෘෂ්ටිය කුමක් වුවත්, (රට / ජාතිය / භාෂාව / ආගම / කුලය / ... / කුමක් වුවත්) බුදු දහමට ළඟා වන්නෝ සෑම කල්හි ම ප්‍රඥාවන්තයෝ ම ය. අපගේ උතුම් මාතෘ භූමිය ද සෑම කල්හි ම ප්‍රඥාවන්තයන්ගෙන් ද විරල නොවන දේශයකි; “ප්‍රඥාවන්තයන්ගේ දේශය” යැයි කීමට ද සාකල්‍යයෙන් ම සුදුසු ය.

තවද ... (පහත සුත්‍රය කියවන්න.)
https://pitaka.lk/main?n=331210

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll