596. ධර්මාවබෝධයට ඇති බාධාවන් මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. වර්තමානයේ ධර්මය අනුගමනය / අවබෝධ කිරීමට ඇති බාධාවන් මොනවා ද?

A. “අඳුර” ගැන ඇහුවම “එළිය” ගැන උත්තර දුන්නා කියලවත්, “අඹ” ගැන ඇහුවම “දෙල්” ගැන උත්තර උන්නා කියලවත්, “කොහෙ ද යන්නෙ, මල්ලෙ පොල්” වගේ උත්තරයක් උන්නා කියලවත් හිතන්න-කණගාටුව වෙන්න එපා - එහෙම ම හිතුවත්,

(බුද්ධ-කාලය හා ඇතැම් සුවිශේෂී යුග නොසලකා,) වර්තමානය තරම් ධර්මය අනුගමනය කරන්න හා/හෝ ධර්මය අවබෝධ කරන්න විශිෂ්ට ම, සැප-පහසු ම, ප්‍රත්‍යෝපකාරයෙන් ද ආඪ්‍ය, “ධර්මයෙන්” ද සුපොහොසත්, අද්විතීය ම (කිසිම කාලයකට/යුගයකට දෙවෙනි නො වූ) කාලයක්/යුගයක් මට නම් නොපෙනේ.

කෙලෙස් අවුස්සන අරමුණු බහුල නම් හෝ කෙලෙස්වල ගිලෙන බව බහුල නම්, ආදිය වේ ද - “ධර්මය” යොදා ප්‍රායෝගික වී බලන්න; “අධර්මය” බහුල නම් - අවංකව ම “ධර්මය” සොයන්න - නිසැකව ම හමුවේ. ...
මේ ආදී වශයෙන්, අඩුවක් ඇතොත් ඇත්තේ අපගේ පැත්තෙන් ම, අපගේ අභ්‍යන්තරයේ ම, අපගේ අධ්‍යාත්මයේ ම, අපගේ සිත්-සතන් තුළ ම, අපගේ භාවිතයේ ම (ප්‍රයෝගික වීමේ ම) විනා, අන් කවරක ද? අන් කවරෙක්ගේ ද? අන් කොතැනක ද?

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll