595. චුල්ල සෝතාපන්න නියත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. “සෝවාහන් නොවුණොත්” වෙන මොනවා කරලා තිබ්බත්, අපායේ වැටෙන්නේ නෑ ම යි කියලා කියන්නත් බෑ නේද?

A / Q. පච්චය පරිග්ගහ ඥානය ලැබූවන් ඊළඟ භවයේ අපායට නොයයි! "චූල සෝතාපන්න" කියල යෙදුමක් අහල නැද්ද?

A / Q.  "චූල සෝතාපන්න" කෙනා මේ භවයේ දී ම සොතාපන්න වෙනවා කියලා තමයි අහල තියෙන්නේ - මේ භවයේ දී ම සෝතාපන්න වෙන්න ළඟ නිසා නේද එහෙම කියන්නේ? සෝතාපන්න නොවී මැරෙන්නේ නෑ කියන අදහසින් නෙමෙයි ද "චූල සෝතාපන්න" කියලා කියන්නේ?

A. නැහැ! චූල සෝතාපන්න කෙනා අපායට වැටෙන්න තරම් මේ භවයෙදි පිරිහෙන්නෙ නෑ! එනිසා ඊළඟ භවය පමණක් අපායෙන් නිදහස්. ඔබ පච්චය පරිග්ගහ ඥාණය සහ ගෝත්‍රභූ ඥාණය පටලවාගෙන.

Q / T. කෝකටත් "චූල සෝතාපන්න" ගැන තව හොඳට හොයලා බලන්නකො.

A. හොයල බලල සහ අහලත් තමයි කිව්වෙ. :) "පච්චය පරිග්ගහ ඥානේන සමන්නාගතෝ නියත ගතිකෝ විපස්සකෝ චුල්ල සෝතාපන්න නාම"
https://youtu.be/RUzV_08PjvA?t=1079

T. [පහත සඳහන් කොටස මිස ඔබ උපුටා දක්වා ඇති උපාලි හිමියන් දේශිත (වීඩියෝවේ) කොටස ත්‍රිපිටකය (හා අටුවා ටීකා) තුළ දක්නට නොමැත.

"ඉමිනා පන ඤාණෙන සමන්නාගතො විපස්සකො බුද්ධසාසනෙ ලද්ධස්සාසො ලද්ධපතිට්ඨො නියතගතිකො චූළසොතාපන්නො නාම හොති."]

A. ඔව්, තව බෙදීම් තියනවා - https://pitaka.lk/books/vishuddhi-margaya/21-4.html

A. "මත්තෙහි මාර්‍ග-ඵලාධිගමය නො කෙළේ ද සුගති පරායණ ම වේය යි නියත ගතිකයැ යි කියන ලදී. එහෙයින් චුල්ලසොතාපන්න නම් වේ." - ඔන්න ඔබ බැලුව තැනින්ම අරං දුන්න.

A. "අපායොත්පත්තියට අභව්‍ය වූයේ සෝතාපත්ති භූමියට භව්‍ය උත්පත්ති ඇත්තේ වන්නේය යි ද නියත ගතිකය යි ද චුල්ලසෝතාපන්නය යි ද එයින් කියන ලදී." - ඔන්න එතැන පහළින් ම “තව බෙදීම් තියනවා” කිව්වා වගේම පෙන්නුවා”

උඩින් ම තියනවා - "මේ නුවණින් යුක්ත වූ විදර්‍ශක තෙමේ බුදු සස්නෙහි ලබන ලද ආශ්වාස (=ප්‍ර‍තිෂ්ඨා) ඇත්තේ නියත ගති ඇත්තේ චුල්ලසොතාපන්න නම් වේ."

A. “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, ආර්ය මාර්ගයට බැසගත්තාවූ, සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුස්සෙක් වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුස්සෙක් වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් අවබොධයට පැමිණෙත්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට බැසගත්තාවූ සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජනභූමිය ඉක්මවූ ධම්මානුසාරි පුද්ගලයා යයි කියනු ලැබේ.
“හෙතෙමේ යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණේද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියිද, මෙසේ දකියිද, මේ පුද්ගල තෙමේ අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.” - https://pitaka.lk/main?n=23131

Q. "නියත ගති" යනුවෙන් අදහස් කරන්නෙ නියත වශයෙන් සුගතියේ උපදිනවා කියන එක. "සෝතාපත්ති භූමියට භව්‍ය උත්පත්ති ඇත්තේ වන්නේය" කියන්නෙ සෝතාපන්න විය හැකි ස්ථානයක උපදිනවා කියන එක මිස මේ භවයේදීම සෝතාපන්න වනවා කියන දේ නොවේ!

A. ඒ ඔබේ දැක්ම; ඔබේ දෘෂ්ටි කෝණය - මගේ දෘෂ්ටි කෝණයෙන් නම්, “සෝතාපත්ති භූමියට භව්‍ය උත්පත්ති ඇත්තේ” යනු - සෝවහන් වීමට (සෝවහන් ආර්ය භූමියට / බිමට පැමිණීමට) හැකි (ළං වූ) උපතක් ලබා ඇති බවයි.

Q. "මගේ/ඔබේ දැකීමක්" කියන දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් වැරැද්ද පෙන්නලා දුන්නත් ඒකම උපාදාන කරගෙන ඉන්නවා. ලෙහෙසියෙන් අතහරින්නෙ නෑ! තනියම පොත් බලල ඉගෙන ගන්න යන්න එපා! වරද්දගන්නවා! භාවනා පිලිබඳ මනා පළපුරුද්දක් ඇති ධරමදර ස්වාමින්වහන්සේලාගෙන් විමසා බලන්න.

A. හොඳයි, එහෙත් මෙහි ද “චුල්ලසොතාපන්න” යන්නට, මුල මැද අග විවරණ 3ක් ඇති විට, මැද ඇති විවරණය විතරක් ඔබ මතුකොට දක්වන්නේ ඇයි? මුල විවරණය? (ඕනෑම තැනක) අවසාන ම විවරණය (සමෝධානය) සලකා බැලිය යුතු ම ය.
https://pitaka.lk/books/vishuddhi-margaya/21-4.html

Q. ඒ කිනම් විවරනයකින්වත් චූල සෝතාපන්න වූ අයෙක් අනිවාර්යයෙන්ම මේ භවයේ සෝතාපන්න වනවා යැයි කියවෙන්නෙ නැත!
එය සත්‍ය නම් "මත්තෙහි මාර්‍ග-ඵලාධිගමය නො කෙළේ ද" යන වාක්‍ය කණ්ඩය කිසි සේත්ම එහි අඩංගු විය යුතු නැත! "මගේ මතය" යන හැඟීමට වටිනාකමක් නොදී සාමාන්‍ය දැනුම යොදාගෙන කියෙව්වත් මෙය ඔබට වැටහිය යුතු කාරණයකි.

මත්තෙහි මාර්ගඵල නොලැබීමට ඉඩ ඇති බව එයින් අදහස් වන්නෙ. සිංහල බැරිනම් අමාරුයි! තෙරුවන් සරණයි!

A. “නොකළත් සුගතියේ” - “එත් කරනවා ම යි” කියලා, නොකියා (ව්‍යංගයෙන්) කියන දේ තේරුම් ගන්න.
[“සිංහල බැරි නං අමාරුයි!” නෙවෙයි, බෑ ම තමයි! තෙරුවන් සරණයි!!!]

Q. කිසිම වියංගයක් එහි නොමැත! “එත් කරනවාමයි” වැනි අදහසක්වත් එහි කිසිම තැනක සඳහන් නොවේ!
110% වගේ අගයක තියන මානය 20% කට විතර බස්සගෙන ධර්මදර ස්වාමින්වහන්සේනමකට කියල පැහැදිලි කරගන්න. නැත්තං "තෙරුවන් සරණයි" කිව්වට වැඩක් නැහැ, සඟ සරණත් අභිබවා "මගේ මතය" සරණ ගොස් උන්වහන්සේගෙත් කාලය නාස්ති කරාවි!

A. "15 - 16. කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්‍ය්‍ය කර්ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්‍යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි."
https://pitaka.lk/bjt/newbooks/51/AP07_Page_281.jpg
https://pitaka.lk/bjt/newbooks/51/AP07_Page_282.jpg
http://www.thripitakaya.org/tipitakaya/Index/1105?s=2406

Q. "චූල සෝතාපන්න වූ අයෙක් අනිවාර්යයෙන්ම මේ භවයේ සෝතාපන්න වනවා" යන ඔබ දරන මතය කියවෙන කොටසක් උපුටා දක්වන්නෙ නැතුව "යන්නෙ කොහෙද මල්ලෙ පොල්" ආකාරයේ ප්‍රතිචාර දමා කාලය නාස්ති නොකරන්න!

A. චුල්ල සෝතාපන්න (චූළසොතාපන්න) පුද්ගලයා ගැන ඔබේ හෝ මගේ හෝ වෙනත් අයකුගේ (භාෂා ඥානය හෝ මෙතෙක් සාකච්ඡා - වාද - විවාද කළ දේ ද ඇතුළත්ව) මත / අදහස් දැන් කිසිසේත් ම අවශ්‍ය නොවේ. මන්ද, බුදුරජාණන්වහන්සේගේ ම ශ්‍රී-මුඛ-පද්ම දේශනාවේ ම එය පැහැදිලිව ම අඩංගු වන නිසාවෙනි.

නියත වශයෙන් ම දුගතියට හෝ සුගතියට යන පුද්ගලයන් දක්වා තිබේ. ඒ පුද්ගලයන් හැර අනෙක් කිසිදු පුද්ගලයෙකු නියත වශයෙන් ම දුගතියට හෝ සුගතියට යාමක් ඒකාන්තයෙන් ම නැත.
නියත වශයෙන් ම දුගතියට හෝ සුගතියට යන පුද්ගලයන්:
1. පංචානන්තරික පුද්ගලයෝ - නියත දුගති.
2. නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ - නියත දුගති.
3. අෂ්ට ආර්ය පුද්ගලයෝ - නියත සුගති.
අනෙකුත් සියළු ම පුද්ගලයෝ අනියත බැවින්, චුල්ල සෝතාපන්න (චූළසොතාපන්න) පුද්ගලයා “නියත” වීමට නම්, “ආර්ය” විය යුතු ම ය - නැතිනම්, “අනියත” ම ය.

මේ පිළිබඳව තව දුරටත් සාකච්ඡා - වාද - විවාද කිරීමට අවශ්‍ය බවක් නොපෙනේ; ත්‍රිපිටක සාක්ෂි පිළිනොගන්නේ නම්, වෙන කළ හැක්කේ “ධම්මට්ඨිතිඤාණය” උපදවා ගෙන, ඉන් නවතී ද නොනැවතී සෝතාපන්න වීම දක්වා ම ගමන් කරයි ද (නැද්ද) යන්න (සම්පරීක්ෂණයක් කර) බැලීම ම පමණි.

{"15 - 16. කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්ය්ය කර්ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්ය්ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි."
https://pitaka.lk/bjt/newbooks/51/AP07_Page_282.jpg
https://pitaka.lk/bjt/newbooks/51/AP07_Page_281.jpg
http://www.thripitakaya.org/tipitakaya/Index/1105?s=24062
"කතමො ච පුග්ගලො නියතො? පඤ්ච පුග්ගලා ආනන්තරිකා, යෙ ච මිච්ඡාදිට්ඨිකා නියතා, අට්ඨ ච අරියපුග්ගලා නියතා. අවසෙසා පුග්ගලා අනියතා."}

{T. "පරමත්ථතො ¶ සාසනෙ අස්සාසො නාම අරියඵලං, පතිට්ඨා නාම අරියමග්ගො, අයං පන අනධිගතමග්ගඵලොපි තදධිගමුපායපටිපත්තියං ඨිතත්තා ලද්ධස්සාසො විය, ලද්ධපතිට්ඨො විය ච හොතීති වුත්තං “ලද්ධස්සාසො ලද්ධපතිට්ඨො”ති. අපරිහීනකඞ්ඛාවිතරණවිසුද්ධිකො විපස්සකො ලොකියාහි සීලසමාධිපඤ්ඤාසම්පදාහි සමන්නාගතත්තා උත්තරි අප්පටිවිජ්ඣන්තො සුගතිපරායණො ච හොතීති වුත්තං “නියතගතිකො”ති. තතො එව චූළසොතාපන්නො නාම හොති. සොතාපන්නො හි ඛීණාපායදුග්ගතිවිනිපාතොති."

"අථ වා ලද්ධස්සාසො දිට්ඨිවිසුද්ධිසමධිගමෙන. නාමරූපපරිච්ඡෙදෙන හි ඛන්ධාදිකෙ සභාවසරසතො සල්ලක්ඛෙත්වා සාසනෙ ධම්මුපසංහිතපාමොජ්ජප්පටිලාභෙන ලද්ධස්සාසො හොති. ලද්ධපතිට්ඨො කඞ්ඛාවිතරණවිසුද්ධිසමධිගමෙන. සප්පච්චයනාමරූපදස්සනෙන හි පරිමද්දිතදිට්ඨිකණ්ටකො විනිද්ධතඅහෙතුවිසමහෙතුවාදො යථාසකං පච්චයෙහෙව ධම්මමත්තං ජානිත්වා සාසනෙ ¶ පතිට්ඨිතසද්ධො ලද්ධපතිට්ඨො නාම හොති. නාමරූපවවත්ථානෙන දුක්ඛසච්චං, ධම්මට්ඨිතිඤාණෙන සමුදයසච්චං, තස්සෙව අපරභාගෙන අනිච්චතො මනසිකාරාදිවිධිනා මග්ගසච්චඤ්ච අභිඤ්ඤාය පවත්තියා දුක්ඛභාවං දිස්වා අප්පවත්තෙ නිරොධෙ එකංසෙනෙව නින්නජ්ඣාසයතාය ලොකියෙනෙව ඤාණෙන චතුන්නං අරියසච්චානං අධිගතත්තා අපායෙසු අභබ්බුප්පත්තිකො, සොතාපන්නභූමියං භබ්බුප්පත්තිකො ච හොතීති වුත්තං “නියතගතිකො”ති. තෙනාහ “චූළසොතාපන්නො නාම හොතී”ති."
https://tipitaka.app/?a=pd7-45-si

"තත්ථ ¶ ¶ ධම්මානුසාරිනො සද්ධානුසාරිනොති ඉමෙ ද්වෙ සොතාපත්තිමග්ගට්ඨා හොන්ති. යථාහ – “කතමො ච පුග්ගලො ධම්මානුසාරී? යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පඤ්ඤින්ද්‍රියං අධිමත්තං හොති, පඤ්ඤාවාහිං පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුග්ගලො ධම්මානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ධම්මානුසාරී, ඵලෙ ඨිතො දිට්ඨිප්පත්තො. කතමො ච පුග්ගලො සද්ධානුසාරී? යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්ද්‍රියං අධිමත්තං හොති, සද්ධාවාහිං සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුග්ගලො සද්ධානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සද්ධානුසාරී, ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො”ති (පු· ප· 30). යෙසං මයි සද්ධාමත්තං පෙමමත්තන්ති ඉමිනා යෙසං අඤ්ඤො අරියධම්මො නත්ථි, තථාගතෙ පන සද්ධාමත්තං පෙමමත්තමෙව හොති. තෙ විපස්සකපුග්ගලා අධිප්පෙතා. විපස්සකභික්ඛූනඤ්හි එවං විපස්සනං පට්ඨපෙත්වා නිසින්නානං දසබලෙ එකා සද්ධා එකං පෙමං උප්පජ්ජති. තාය සද්ධාය තෙන පෙමෙන හත්ථෙ ගහෙත්වා සග්ගෙ ඨපිතා විය හොන්ති, නියතගතිකා කිර එතෙ. පොරාණකත්ථෙරා පන එවරූපං භික්ඛුං චූළසොතාපන්නොති වදන්ති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති."
https://tipitaka.app/?a=ga3-75-si

"එවං සඞ්ඛාරෙ සල්ලක්ඛෙත්වා ඨිතස්ස පන භික්ඛුස්ස දසබලස්ස සාසනෙ මූලං ඔතිණ්ණං නාම හොති, පතිට්ඨා ලද්ධා නාම, චූළසොතාපන්නො නාම හොති නියතගතිකො. තථාරූපං පන උතුසප්පායං, පුග්ගලසප්පායං, භොජනසප්පායං, ධම්මසවණසප්පායං ලභිත්වා එකාසනෙ එකපල්ලඞ්කවරගතො ¶ තීණි ලක්ඛණානි ආරොපෙත්වා විපස්සනාපටිපාටියා සඞ්ඛාරෙ සම්මසන්තො අරහත්තං ගණ්හාතීති ඉදං ධාතුවසෙන අභිනිවිට්ඨස්ස භික්ඛුනො යාව අරහත්තා නිගමනං."
https://tipitaka.app/?a=4b6-37-si

“යඤ්ච යථාභූතඤාණං යඤ්ච සම්මාදස්සනං යා ච කඞ්ඛාවිතරණා, ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්‍යඤ්ජනා ච, උදාහු එකත්ථා බ්‍යඤ්ජනමෙව නානන්ති? යඤ්ච යථාභූතඤාණං යඤ්ච සම්මාදස්සනං යා ච කඞ්ඛාවිතරණා, ඉමෙ ධම්මා එකත්ථා, බ්‍යඤ්ජනමෙව නාන”න්ති (පටි· ම· 1.227).

ඉමිනා පන ඤාණෙන සමන්නාගතො විපස්සකො බුද්ධසාසනෙ ලද්ධස්සාසො ලද්ධපතිට්ඨො නියතගතිකො චූළසොතාපන්නො නාම හොති."
https://tipitaka.app/?a=pb7-54-si

"කතමො ¶ ච පුග්ගලො නියතො? පඤ්ච පුග්ගලා ආනන්තරිකා, යෙ ච මිච්ඡාදිට්ඨිකා නියතා, අට්ඨ ච අරියපුග්ගලා නියතා. අවසෙසා පුග්ගලා අනියතා."
https://tipitaka.app/?a=2d1-16-si

A. "15 - 16. කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්‍ය්‍ය කර්ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්‍යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි."

https://pitaka.lk/bjt/newbooks/51/AP07_Page_281.jpg
https://pitaka.lk/bjt/newbooks/51/AP07_Page_282.jpg

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll