657 - අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක, ප්‍රකෘති ශ්‍රාවක?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුද්ධ ශ්‍රාවකයෝ තුන් කොටසකි. අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක, ප්‍රකෘති ශ්‍රාවක වශයෙනි.මින් මහා ශ්‍රාවක හා ප්‍රකෘති ශ්‍රාවක යනු කවුරුන්ද? ඒ වගේම ප්‍රකෘති ශ්‍රාවකයන්ගේ පෙරුම් පිරීම පිළිබඳ කාල නියමයක් නැහැ.එනම් මේ භවයේදීම උත්සාහයෙන් දශ පාරමිතා සම්පූර්ණ කර මාර්ග ඵල ලැබිය හැකිද?

A / R. “අග්‍රශ්‍රාවකයෝය, මහාශ්‍රාවකයෝය, ප්‍රකෘතිශ්‍රාවකයෝය යී ශ්‍රාවකයන් තුන් කොටසකි. ශාරිපුත්‍ර මෞද්ගල්‍යාන දෙනම අග්‍රශ්‍රාවකයෝ ය. උන්වහන්සේලා ද සමඟ ඉහත කී අසූනම මහාශ්‍රාවකයෝ ය. සෙස්සෝ ප්‍රකෘති ශ්‍රාවකයෝ ය. මේ ශ්‍රාවක භේදය වන්නේ ඒ ඒ අයගේ අතීත පාරමිතාව අනුව ය.”
https://pitaka.lk/books/suvisi-gunaya/11-3.html

“ප්‍ර‍කෘති ශ්‍රාවකයන්ගේ පෙරුම් පිරීම පිළිබඳ කාල නියමක් නැත්තේ ය.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/12-10.html

https://pitaka.lk/books/dharma-winishchaya/82.html
https://pitaka.lk/books/dharma-winishchaya/83.html
https://pitaka.lk/books/dharma-winishchaya/84.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll