393. "බෙල්ල නැතත් කඳ ෆයිට්" ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අටුවාවේ දක්වා ඇති පරිදි ශීර්ෂ කලන්දයක් මැරුණු විට හිස නැති මල කදක් යුධ පිටියේ නටන්නේය! මෙය සිදු වන්නේ කෙසේද? මල කදක් කෙසේ නටත්ද?

A. “කවන්ධය” ( = හිස නැති මළකඳ) ලෙස නිවැරදි විය යුතු යැයි මාගේ අදහසයි. අමනුෂ්‍යාවේශයකින් (අමනුෂ්‍යයෙක් හිස නැති කඳකට ඇතුළු වීමෙන්) මෙසේ කවන්ධය ඇවිදීම / නැටීම ආදිය විම අරුමයක් නොවන බව මාගේ පෞද්ගලික අදහසයි.

[මරණයට පෙර හටගත් චිත්තජ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිසා ද මෙය සිදුවිය හැකි බව ද මාගේ පෞද්ගලික අදහසයි.]

{අටුවාව හෝ වීඩියෝ පරිහරණය නොකරනලද බව සලකන්න.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll