963. ආකර්ෂණ නීතිය - Law of Attraction ඇත්ත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආකර්ෂණ නීතිය යනුවෙන් දෙයක් සමාජ ගතව තිබෙනවා. එහි සරලව කියවෙන්නේ වැඩි පුර විශ්වාස කරන දෙය වැඩි වශයෙන් සිදු වන බව. මෙය ධර්මයට එකඟ දෙයක් ද? එහි කිසිදු සත්‍යයක් නොමැති ද?


A. ආකර්ෂණ නීතිය (Law of Attraction) ධර්මයට එකඟ හා සත්‍යතාවයක් ඇති දෙයක් බව කිව හැකිය. ආකර්ෂණ නීතිය තුළ “හිතාමතා” ම යොදාගත්ත  ද, එය “ස්වභාවිකව” ම ද සිදුවන දෙයක් බව පෙන්වා දිය හැකි ය.

A. “මෙසේ මේ වේදනාව (Feeling) නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්යේෂණය (අරමුණු සෙවීම) වේ. පර්යේෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ...”


["ඉති ඛො පනෙතං ආනන්‍ද, වෙදනං පටිච‍්ච තණ‍්හා, තණ‍්හං පටිච‍්ච පරියෙසනා, පරියෙසනං පටිච‍්ච ලාභො, ලාභං පටිච‍්ච විනිච‍්ඡයො, විනිච‍්ඡයං පටිච‍්ච ඡන්‍දරාගො, ඡන්‍දරාගං පටිච‍්ච අජ‍්ඣොසානං, අජ‍්ඣොසානං පටිච‍්ච පරිග‍්ගහො, පරිග‍්ගහං පටිච‍්ච මච‍්ඡරියං, මච‍්ඡරියං පටිච‍්ච ආරක‍්ඛො, ආරක‍්ඛාධිකරණං පටිච‍්ච දණ‍්ඩාදාන-සත්‍ථාදාන-කලහ-විග‍්ගහ-විවාද-තුවන‍්තුවං-පෙසුඤ‍්ඤ-මුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති."]

# එසේ ම එම නීතිය තුළ විස්තර වන එක හා සමාන දේ/අය (එක හා සමාන ශක්ති සංඛ්‍යාත) ඇද (ආකර්ෂණය කර) ගන්නා (Like Attracts Like) බවට ද බොහෝ උදාහරණ දැක්විය හැක. 

"මහණෙනි, අදහස් වශයෙන් ම සත්ත්වයෝ සැසැඳෙති, එකතු වෙති: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කාලයෙහි ද සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කාලයෙහි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.

මහණෙනි, යම් සේ මල මල සමග සැසැඳේ ද, එකතු වේ ද; මූත්‍ර මූත්‍ර සමග සැසැඳේ ද, එකතු වේ ද; කෙල කෙල සමග සැසැඳේ ද, එකතු වේ ද; පූයාව පූයාව සමග සැසැඳේ ද, එකතු වේ ද; ලේ ලේ සමග සැසැඳේ ද, එකතු වේ ද; මහණෙනි, එසෙයින් ම සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති, … මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, මතු කාලයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.

මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.

මහණෙනි, යම් සේ කිරි කිරි සමග සැසැඳේ ද, එකතු වේ ද, තෙල් තෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද; ගිතෙල් ගිතෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද, මී මී සමග සැසැඳේ ද; එකතු වේ ද, පැණි පැණි සමග සැසැඳේ ද, එකතු වේ ද, මහණෙනි, එසෙයින් ම සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති."

“මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … පවට බිය නැතියෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පවට බිය ඇතියෝ … පැණැතියෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.]”

"මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … අල්පශ්‍රැතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇතියෝ … බහුශ්‍රැතයෝ … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්."

A. “මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසඳෙත්, එකතු වෙත්. මෙරමා සතු දැ ගන්නෝ … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ … මුසවා බණන්නෝ … පිසුණුබස් බණන්නෝ … පරොස්බස් බණන්නෝ … හිස්බස් බණන්නෝ … දැඩිලෝබ බහුල කොට ඇත්තෝ දැඩිලෝබ බහුල කොට ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ව්‍යාපාදයට පැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් මිසදිටුවෝ මිසදිටුවන් සමග සැසැඳෙත්, එකතු වෙත්.

පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ...පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ … අභිධ්‍යාව බහුල කොට නැත්තෝ අභිධ්‍යාව බහුල කොට නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … ව්‍යාපාදයට නොපැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට නො පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සමිදිටුවෝ සමිදිටුවන් සමග සැසැඳෙති, එකතු වෙති යි.”


“මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්ථ්‍යා දෘෂ්ටි ඇත්තෝ මිත්ථ්‍යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මිත්ථ්‍යා සංකල්ප ඇත්තෝ … මිත්ථ්‍යා වචන ඇතතෝ … මිත්ථ්‍යා කර්මාන්ත ඇත්තෝ … මිත්ථ්‍යා ආජීව ඇතතෝ … මිත්ථ්‍යා ව්‍යායාම ඇතතෝ … මිත්ථ්‍යා ස්මෘති ඇත්තෝ … මිත්ථ්‍යා සමාධි ඇත්තෝ මිත්ථ්‍යා සමාධි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.

සම්‍යග්දෘෂ්ටි ඇත්තෝ සම්‍යග්දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … සම්‍යක් සඞ්කල්ප ඇත්තෝ … සම්‍යක් වචන ඇත්තෝ … සම්‍යක් කර්මාන්ත ඇත්තෝ … සම්‍යගාජීව ඇත්තෝ … සම්‍යග්ව්‍යායාම ඇත්තෝ … සම්‍යක් ස්මෘති ඇත්තෝ … සම්‍යක් සමාධි ඇත්තෝ සම්‍යක් සමාධි ඇත්තවුන් සමග සැසැඳෙති, එකතුවෙතියි.”


A. “මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්යේෂණය (අරමුණු සෙවීම) වේ. පර්යේෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ...”














{"ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දිංසු සමිංසු: හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දිංසු සමිංසු. අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දිස‍්සන‍්ති සමෙස‍්සන‍්ති: හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දිස‍්සන‍්ති සමෙස‍්සන‍්ති: එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති. හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගූථො ගූථෙන සංසන්‍දති සමෙති. මුත‍්තං මුත‍්තෙන සංසන්‍දති සමෙති. ඛෙලො ඛෙලෙන සංසන්‍දති සමෙති. පුබ‍්බො පුබ‍්බෙන සංසන්‍දති සමෙති. ලොහිතං ලොහිතෙන සංසන්‍දති සමෙති. එවමෙව ඛො භික‍්ඛවෙ, ධාතුසොව සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති. -පෙ- අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.

ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: කල්‍යාණාධිමුත‍්තිකා කල්‍යාණාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දිංසු සමිංසු: කල්‍යාණාධිමුත‍්තිකා කල්‍යාණාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දිංසු සමිංසු. අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: කල්‍යාණාධිමුත‍්තිකා කල්‍යාණාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll