130. බඹයක් පමණ ශරීරය තුළ දෙයක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. ඇසෙහි ස්පර්ශය ගැන කියැවෙන "ඇස රූපය චක්ඛු විඤ්ඤාණය" යන්නෙහි "රූපය" යනු කුමක් ද?
2. මේ "රූපය" යන්න බඹයක් පමණ ශරීරය තුළ දෙයක් ද?

A / R. 1. "රූපය යනු නිල්-කහ-රතු-සුදු යන ආදි වර්ණයෝ ය. රූපස්කන්ධ යනාදි තැන්වල රූප යනුවෙන් අදහස් කරන්නේ ඒ විසිඅට ම ය. මෙතැන්හි රූප යනුවෙන් අදහස් කරන්නේ ඒ විසි අටක් වූ රූපයන් අතුරෙන් වර්ණය (පැහැය) නමැති එක රූපයකි. රූප විසි අට අතුරෙන් ඇසට පෙනෙන්නේ වර්ණය වූ එක ම රූපය පමණෙකි. ඉතිරි සත් විස්සක් රූපයෝ ඇසට නො පෙනෙති."

A. 2. ඔව්, ඒ “රූපය (=රූප සංඥාව)” බඹයක් පමණ ශරීරය තුළ ඉපදුණ එකක් තමා; එත් ඒ එහෙම කියන්නෙ, ඇස කියන ආධ්‍යාත්මික ආයතනයයි, රූපය කියන බාහිර ආයතනයයි එක්වෙලා, (ඇසේ) විඤ්ඤාණය මූලික වෙලා නිසයි. (http://pitaka.lk/18118/204/cs,aps)

[ආධ්‍යාත්මික ආයතන - (ක්‍රියාකාරී) ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන වේ.
බාහිර ආයතන - රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන ආයතන වේ.]

රුපායතනය යනු වර්ණ රූපයයි, ඇසට (ඇසේ ඔපයට/ප්‍රසාදයට) රූපයේ වර්ණය වැටෙනවා මිස රූපය හඳුනාගැනීම කල නොහැක; හඳුනාගැනීම කරනුයේ “සංඥාව” නම් චෛතසිකය මඟිනි. එබැවින් ඉහත මුලින්ම, “රූපය (=රූප සංඥාව)” ලෙස යොදා ඇත.

විඤ්ඤාණය ම මූලික වුනු නිසා, මෙම ක්‍රියාවලිය දෙස විඤ්ඤාණය කර්තෘ භාවයෙන් තබා බලන්නත් පුළුවන්. (http://pitaka.lk/211070/cs,aps)

(http://pitaka.lk/541025/cs,aps?
http://pitaka.lk/541026/cs,aps?)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll