625 - ආර්ය උතුමන් අටදෙනෙක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වශයෙන් නම් කරන්නේ කෙසේද?

පිරිත් ස්ඣායනා කරන නිවැරිදි විලාශය ස්වරය කුමක්ද?

A. “මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. ඵලස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. එක් පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග චිත්තය පවත්නා අවස්ථාවෙහි පමණෙකි. එය ඉතා කෙටි කාලයෙකි. එබැවින් මාර්ගස්ථ පුද්ගලයකු නොසෙවිය හැකි ය. මාර්ග චිත්තය නිරුද්ධ වනු සමග ම ඵල චිත්තය ඇති වීමෙන් මාර්ගස්ථ පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙකු වන්නේ ය. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ක්ෂණික බැවින් සෝවාන් පුද්ගලයා ය, සකෘදාගාමි පුද්ගලයා ය, අනාගාමි පුද්ගලයා ය, අර්හත් පුද්ගලයා ය යන නම් බෙහෙවින් ව්‍යවහාර වන්නේ ඵලස්ථ පුද්ගලයන් සඳහා ය.”

[“සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය, සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය, අර්හත් ඵලස්ථ පුද්ගලයා ය කියා ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙකි. මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. > ඵලස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. එක් පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග චිත්තය පවත්නා අවස්ථාවෙහි පමණෙකි. එය ඉතා කෙටි කාලයෙකි. එබැවින් මාර්ගස්ථ පුද්ගලයකු නොසෙවිය හැකි ය. මාර්ග චිත්තය නිරුද්ධ වනු සමග ම ඵල චිත්තය ඇති වීමෙන් මාර්ගස්ථ පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙකු වන්නේ ය. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ක්ෂණික බැවින් සෝවාන් පුද්ගලයා ය, සකෘදාගාමි පුද්ගලයා ය, අනාගාමි පුද්ගලයා ය, අර්හත් පුද්ගලයා ය යන නම් බෙහෙවින් ව්‍යවහාර වන්නේ ඵලස්ථ පුද්ගලයන් සඳහා ය.<”]
https://pitaka.lk/books/abhidharma-margaya/10-14.html

“ශාසනයෙහි සූත්‍ර‍ධර්ම කීමේ ක්‍ර‍මයක් ද, ජාතක කථා කීමේ ක්‍ර‍මයක් ද, ගාථා කීමේ ක්‍ර‍මයක් ද ඇත්තේ ය. ඒවා විනය අටුවාවෙහි “වත්” යන නමින් දක්වා ඇත. ඒ වත් බිඳ වචනය නැසෙන ලෙස අකුර නැසෙන ලෙස පමණට වඩා දික් කොට කීමෙන් ඇවැත් වේ. පමණට වඩා දික් කොට කියන කල්හි සමහර විට වචනය මැදින් කැඩී තේරුම් ගත නො හැකි වෙයි. එය වචනය නැසීම ය. පමණට වඩා දික් කොට කියන කල්හි අකුර ද වීණාශබ්දාදියක් මෙන් වී තේරුම් ගත නො හැකි තත්ත්වයට පැමිණේ. එය අකුර විනාශ වීම ය.”
https://pitaka.lk/books/upasampada-sheelaya/23-1.html

Q. මේ කියන ආකාරයට මාර්ගස්ථ පුද්ගලයෙක් එම අවස්ථාවේ සිටින්නේ අදාළ ඵලයට පත්වීමට ඉතා ආසන්න අතිශයින් කුඩා කාලයකද..?

A. ඔව්.
“අනතුරු ව ඒ කාමාවචර කුශල ජවනය ම නිර්වාණය අරමුණු කරමින් ගෝත්‍ර‍භූ යන නාමයෙන් ඉපද නිරුද්ධ වේ. එයට අනතුරු ව නිවන ප්‍ර‍ත්‍යක්ෂ කෙරෙමින් සෝවාන් මාර්ග චිත්තය එක් වරක් ද සෝවාන් ඵලචිත්තය දෙවරක් ද ඉපදීමෙන් පසු භවාඞ්ග වේ. මේ මන්දප්‍රාඥයාගේ සෝවාන් මාර්ග වීථිය ය.
තීක්ෂ්ණප්‍ර‍ඥයා හට පරිකර්ම චිත්තය ඇති නො වේ. ඔහුට උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ නාමයෙන් කාමාවචර ජවනය තුන් වරක් ඇති වීමෙන් පසු මාර්ග චිත්තය එක් වරක් ද ඵල චිත්තය තුන් වරක් ද ඇති වී භවාඞ්ග වේ.”
https://pitaka.lk/books/abhidharma-margaya/10-16.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll