Q. අදහනවා කියන වචනෙ පැහැදිලි කරන්න - සද්දාව (/ අදහනවා) කියන්නේ මොකක්ද?
A. අදහනවා (/ හදහයි / හදහනවා) = හදවතින් ම පිළිගන්නවා; (දැඩිව) විශ්වාස කරනවා; විශ්වාසය/ප්‍රසාදය ඇති කරගන්නවා; පිළිගන්නවා; (මැනවින්/හොඳින්) පැහැදෙනවා; ශ්‍රද්ධාව ඇති කරගන්නවා; සද්දහති.
{භය/බය/බිය පදනම් කරගත් ඇදහීම "භක්තිය" යැයි ද කියනු ලැබේ.}
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදහනේ ය: “මෙසේ ද ඒ භගවත්හු අර්හත්හ, සම්‍යක්සම්බුද්යහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිද්හ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධයහ, භගවත්හ”යි."
https://tipitaka.lk/an-4-2-2-1/9-13/sinh
https://tipitaka.lk/an-5-2-1-3/2-4/sinh ...
"ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: ‘ඉති පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථී සත්‍ථා දෙවමනුස්සානං බුද‍්ධො භගවාති."
["ඉධ, භික්ඛවෙ, භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං – ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති"]
A. *"සද්ධා යනු පැහැදෙන සුළු බව හෝ හිතට එකඟව පිළිගැනීමයි. තමා තුළ පිහිටුවා ගැනීමයි. දැඩිව එල්බ ගන්නා ලද එම අදහසින් (සිත) නොකිළිටි බවට පත්කර ගැනීම හෝ, සෝවාන් ආදියෙහි පිහිටුවීමට හෝ ඇදහිය යුතු හෙවත් නොවෙනස්වන අයුරු දහමෙහි පිහිටීම හෝ කැඩපතක පැහැදිලි බව මෙන් ද, කැළඹුණු ජලය පැදෙනු පිණිස ජලයට දමන දිය පහදන මැණික මෙන් ද, පහන් සිතිවිලි ඇති බවයි. බීජං (මෙය) පස් ආකාරය. මුලෙන්, කඳෙන්, ගෙඩියෙන් මුදුනින්, ඇටවලිනි. ඒ සියල්ලම වැඩෙන තේරුමෙන් බීජ නමින්ම හැඳින්වෙයි. එසේ හෙයින් ‘බීජඤ්චෙතං විරූහනට්ඨෙන’ යනුවෙන් කීය."
"මේ ශ්‍රද්ධාව වනාහි ආගම සද්ධා අධිගම සද්ධා ඔකප්පන සද්ධා පසාද සද්ධායි සිවුවැදෑරුම් වෙයි, එහි සර්‍වඥබෝධිසත්වයන්ගේ ශ්‍රද්ධාව (බුද්ධත්වය සඳහා වූ) අධිෂ්ඨානයේ පටන් පැමිණි බැවින් ආගමන සද්ධා නමි, ආර්‍යශ්‍රාවකයන්ගේ වැටහීමෙන් අවබෝධ කළ බැවින් අධිගම සද්ධා නමි, බුද්ධ - ධම්ම - සංඝ යැයි කියනලද තෙරුවනහි නොසැලෙන බැවින් වූ විශ්වාසය ඔකප්පනසද්ධා නමි, ප්‍රසාදයේ ඇතිවීම පසාදසද්ධා නමි,
සද‍්ධා පනෙසා ආගමසද‍්ධා අධිගමසද‍්ධා ඔකප‍්පනසද‍්ධා පසාදසද‍්ධාති චතුබ‍්බිධා. තත්‍ථ සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තානං සද‍්ධා, අභිනීහාරතො පට‍්ඨාය ආගතත‍්තා ආගමසද‍්ධා නාම. අරියසාවකානං පටිවෙධෙන අධිගතත‍්තා අධිගමසද‍්ධා නාම. බුද‍්ධො ධම‍්මො සඞ‍්ඝොති වුත‍්තෙ අචලභාවෙන ඔකප‍්පනං ඔකප‍්පනසද‍්ධා නාම. පසාදුප‍්පත‍්ති පසාදසද‍්ධා නාම."
A. "සද්ධො - සද්ධාවෙන් යුත්. එය ආගමන, අධිගමන, ඔකප්පන, පසාද යයි සිව්වැදෑරුම් බෝධිසත්වයන්ගේ සද්ධාව ආගමන සද්ධා වේ. අරිය සාවකයන්ගේ සද්ධා අධිගම සද්ධා වේ. අචල සද්ධා ඔකපන්න සද්ධා වේ. ප්‍රසාදයට හේතුව සද්ධා පසාද සද්ධා වේ.
සද‍්ධොති සද‍්ධාය සමන‍්නාගතො. සද‍්ධා පනෙසා ආගමනසද‍්ධා, අධිගමනසද‍්ධා, ඔකප‍්පනසද‍්ධා, පසාදසද‍්ධාති චතුබ‍්බිධා. තත්‍ථ සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තානං සද‍්ධා අභිනීහාරතො ආගතත‍්තා ආගමනසද‍්ධා නාම. අරියසාවකානං පටිවෙධෙන අධිගතත‍්තා අධිගමනසද‍්ධා නාම. බුද‍්ධො ධම‍්මො සඞ‍්ඝොති වුත‍්තෙ අචලභාවෙන ඔකප‍්පනං ඔකප‍්පනසද‍්ධා නාම. පසාදුප‍්පත‍්ති පසාදසද‍්ධා නාම."
A. "සද්ධො ශ්‍රද්ධාවෙන්යුත් මේ ශ්‍රද්ධාව වනාහි ආගමන සද්ධා, අධිගමන සද්ධා ඔකප්පන සද්ධා පසාද සද්ධායැයි සිව්වැදෑරුම් වෙයි. එහි සර්වඥ බෝධිසත්වයන්ගේ ශ්‍රද්ධාව අභිනීහාරයෙහි පටන් පැමිණි බැවින් ආගමන සද්ධානම්. ආර්ය ශ්‍රාවකයන් ප්‍රතිවේධයෙන් අවබෝධකරගත් බැවින් අධිගමන සද්ධා නම්, බුද්ධ ධර්ම සංඝයැයි කීකල්හි නොසැලෙන බැවින් සිත පිහිටුවා ගැනීම ඔකප්පන සද්ධා නමි ප්‍රසාදය ඉපදීම පසාද සද්ධානම්,
සද‍්ධොති සද‍්ධාය සමන‍්නාගතො. සා පනෙසා ආගමනසද‍්ධා අධිගමසද‍්ධා ඔකප‍්පනසද‍්ධා පසාදසද‍්ධාති චතුබ‍්බිධා. තත්‍ථ සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තානං සද‍්ධා අභිනීහාරතො පට‍්ඨාය ආගතත‍්තා ආගමනසද‍්ධා නාම. අරියසාවකානං පටිවෙධෙන අධිගතත‍්තා අධිගමසද‍්ධා නාම. බුද‍්ධො ධම‍්මො සඞ‍්ඝොති වුත‍්තෙ අචලභාවෙන ඔකප‍්පනං ඔකප‍්පනසද‍්ධා නාම. පසාදුප‍්පත‍්ති පසාදසද‍්ධා නාම,"
A. "භාරද්වාජ, යම් පරිදි පරම්පරා විසින් සංසක්ත (බැඳුණු) වූ අන්ධවෙණියෙක් ඇද්ද, එහි පළමු අන්ධයා ද නො දක්නේ යැ, මධ්‍යම අන්ධයා ද නො දක්නේ වේ ද, පශ්චිම අන්ධයා ද නො දක්නේ වේ ද, භාරද්වාජය, එ පරිදි මැ බ්‍රාහ්මණයන්ගේ භාෂිතය අන්ධවෙණුපමා මෙන් වෙයි. (පළමු කී දස බමුණන් කෙරෙහි) පුරිම බමුණුදු නො දක්නේ යැ, මධ්‍යම බමුණුදු නො දක්නේ යැ, පශ්චිම බමුණුදු නො දක්නේ යැ. භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? මෙසේ ඇති වත් මැ බමුණන් ගේ සැදැහැ අමූලික වන්නේ නො වේ ද?
සෙය්‍යථාපි භාරද‍්වාජ, අන්‍ධවෙණි2 පරම‍්පරාසංසත‍්තා පුරිමොපි න පස‍්සති, මජ‍්ඣිමොපි න පස‍්සති, පච‍්ඡිමොපි න පස‍්සති. එවමෙව ඛො භාරද‍්වාජ, අන්‍ධවෙණූපමං මඤ‍්ඤෙ බ්‍රාහ‍්මණානං භාසිතං සම‍්පජ‍්ජති. පුරිමොපි න පස‍්සති, මජ‍්ඣිමොපි න පස‍්සති, පච‍්ඡිමොපි න පස‍්සති. තං කිං මඤ‍්ඤසි භාරද‍්වාජ, න නු එවං සන‍්තෙ බ්‍රාහ‍්මණානං අමූලිකා සද‍්ධා සම‍්පජ‍්ජතී’ති."
"මහණෙනි, යම්කිසිවක්හට මෙ අයුරින් මේ පෙදෙන් මේ ව්‍යාඤ්ජනයෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ පිහිටියේ වේ ද, (ශ්‍රොතාපත්ති මාර්ගයෙන් හටගත්මුල් ඇති වේ ද,) මහණෙනි, මේ සකාරණ (ප්‍රතිවෙධ සහිත) ශ්‍රද්ධාව දර්ශන (ශ්‍රොතාපත්තිමාර්ග) මූලිකය, දෘඪය. මහණකු විසින් වේවයි, බමුණකූ විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව අන් කිසිවකු විසින් වේවයි, හැරැලිය නො හෙයි.
යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්‍යඤ‍්ජනෙහි තථාගතෙ සද‍්ධා නිවිට‍්ඨා හොති මූලජාතා පතිට‍්ඨිතා, අයං වුච‍්චති භික‍්ඛවෙ ආකාරවතී සද‍්ධා දස‍්සනමූලිකා දළ‍්හා, අසංහාරියා සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මිං."
[*"සද්ධා යනු පැහැදෙන සුළු බව හෝ හිතට එකඟව පිළිගැනීමයි. තමා තුළ පිහිටුවා ගැනීමයි. දැඩිව එල්බ ගන්නා ලද එම අදහසින් (සිත) නොකිළිටි බවට පත්කර ගැනීම හෝ, සෝවාන් ආදියෙහි පිහිටුවීමට හෝ ඇදහිය යුතු හෙවත් නොවෙනස්වන අයුරු දහමෙහි පිහිටීම හෝ කැඩපතක පැහැදිලි බව මෙන් ද, කැළඹුණු ජලය පැදෙනු පිණිස ජලයට දමන දිය පහදන මැණික මෙන් ද, පහන් සිතිවිලි ඇති බවයි. බීජං (මෙය) පස් ආකාරය. මුලෙන්, කඳෙන්, ගෙඩියෙන් මුදුනින්, ඇටවලිනි. ඒ සියල්ලම වැඩෙන තේරුමෙන් බීජ නමින්ම හැඳින්වෙයි. එසේ හෙයින් ‘බීජඤ්චෙතං විරූහනට්ඨෙන’ යනුවෙන් කීය.
එහි බමුණාගේ ගොවිතැනෙහි මූලික වන බීජ කරුණු දෙකක් ඉටු කරයි. (මඩ) යට මුල් ඇදී පිහිටීමත්, මතුපිටට පැලය මතුවීමයි. එපරිද්දෙන්ම, භාග්‍යවතුන් වහන්සේ සී සෑමෙහි මුල බීජය මෙන්, සැදැහැවත් බව (සිත) යට සිල් නැමති මුලෙන් පිහිටුවන අතර, මත්තෙහි සමථ විදසුන් නැමති පැල හටගන්වති. (වපුරන ලද) බීජය මුලින් පොළවෙහි රසය, දිය රසය (උරා) ගෙන කරල් බරව, අස්වනු පැසී වැඩෙන අයුරින් සැකසේ. එපරිද්දෙන්ම මොහු සිල් නැමති මුලෙන් සමථ විදසුන් නැමති රසය උරාගෙන, උතුම් මග පිළිවෙත් නමැති කරලින් උතුම් (සෝවාන් ආදී) පල නැමති අස්වැන්න පැසුණු බවට සලස්වයි. බීජය පොළවෙහි පිහිටුවා, මුල්, පැල, කොළ, දඬු, ඇට ආදියෙන් මනාසේ වැඩී, කිරිවැදී, නොයෙක් හැල් වී අස්වනු නිපදවයි ද එසේම මොහුගේ සිත් සතන්හි, සීලයෙහි සුපිරිසිදු බව, (සීල විසුද්ධි) සිතෙහි පිරිසිදු බව (චිත්ත විසුද්ධි) ඇති සැටියෙන් දැකීමේ පිරිසිදු බව (දිට්ඨි විසුද්ධි) සැක දුරුවීමෙහි පිරිසිදු බව (කංබා විතරණ විසුද්ධි) මග නොමග දැනීමේ පිරිසිදු බව (මග්ගාමග්ග ඤාණ දස්සන) පිළිවෙත් නුවණින් දැකීමේ පිරිසිදු බව (පටිපදා ඤාණ දස්සන) යන කරුණුවලින් වැඩිදියුණු කොට, තියුණු නුවණ වූ විදසුන් මගින් ලබන පිරිසිදු බව (ඤාණ දස්සන විසුද්ධි) නැමති කිරි උපදවා, පිළිසිඹියා හා උසස්තම නුවණින් (පටිසම්භිදා අභිඤ්ඤා) බර වූ අරහත් ඵලය නිපදවයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සද්ධා බීජං යැයි වදාළහ.
එසේ නම්, නුවණ කුසල-දහම් හා යෙදෙමින්, මතු මතුත් ඇතිවන විට සැදැහැ බවම බීජය ලෙස කියනු ලැබුවේද? මෙහිදී බීජයක වැඩෙන පිළිවෙල (නිදසුන්ය.) එම කුසල දහම් පිළිබඳව හැඳිනීමක්, හැඟීමක් දැනගැනීමට සැලසේද, සැදැහැව නම් වූ බීජයද එබඳුය. එයද සියළුම යහපත් දෙයට මුල් වෙයි. එහෙයින් මෙසේද සඳහන් වේ.
‘සැදැහැවත් බව ඇති වූ විට පැමිණෙයි. පැමිණ ඇසුර කරයි. ඇසුරු කිරීමෙන් සවන් යොමයි. එසේ සවන් යොමා දහම් අසයි. දහම් අසා සිතෙහි මතක තබා ගනී. මතක තබාගත් දහම්හි අරුත් මෙනෙහි කරයි. අරුත් මෙනෙහි කරමින් දහමෙහි වැටහීමක් ලබයි. වැටහීමෙන් (ඒ පිළිබඳ තවදුරටත්) කැමැත්ත හටගනී. කැමැත්ත නිසා උත්සාහවත් වෙයි. උත්සාහවත්ව කරුණු සසඳා බලයි. සසඳා බලා තමා තුළින්ම (කායෙන) ඇති තතු තමාම අවබෝධ කරයි. තියුණු නුවණින් ද ඇත්ත විනිවිද දකියි.’
තත්‍ථ සම‍්පසාදනලක‍්ඛණා සද‍්ධා, ඔකප‍්පනලක‍්ඛණා වා, පක‍්ඛන්‍දනරසා, අධිමුත‍්තිපච‍්චුපට‍්ඨානා, අකාලුස‍්සියපච‍්චුපට‍්ඨානා වා, සොතාපත‍්තියඞ‍්ගපදට‍්ඨානා, සද‍්දහිතබ‍්බධම‍්මපදට‍්ඨානා වා, ආදාසජලතලාදීනං පසාදො විය චෙතසො පසාදභූතා, උදකප‍්පසාදකමණි විය උදකස‍්ස, සම‍්පයුත‍්තධම‍්මානං පසාදිකා. බීජන‍්ති පඤ‍්චවිධං – මූලබීජං, ඛන්‍ධබීජං, ඵලුබීජං, අග‍්ගබීජං, බීජබීජමෙව පඤ‍්චමන‍්ති. තං සබ‍්බම‍්පි විරුහනට‍්ඨෙන බීජංත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. යථාහ – “බීජඤ‍්චෙතං විරුහනට‍්ඨෙනා”ති.
තත්‍ථ යථා බ්‍රාහ‍්මණස‍්ස කසියා මූලභූතං බීජං ද‍්වෙ කිච‍්චානි කරොති, හෙට‍්ඨා මූලෙන පතිට‍්ඨාති, උපරි අඞ‍්කුරං උට‍්ඨාපෙති; එවං භගවතො කසියා මූලභූතා සද‍්ධා හෙට‍්ඨා සීලමූලෙන පතිට‍්ඨාති, උපරි සමථවිපස‍්සනඞ‍්කුරං උට‍්ඨාපෙති. යථා ච තං මූලෙන පථවිරසං ආපොරසං ගහෙත්‍වා නාළෙන ධඤ‍්ඤපරිපාකගහණත්‍ථං වඩ‍්ඪති; එවමයං සීලමූලෙන සමථවිපස‍්සනාරසං ගහෙත්‍වා අරියමග‍්ගනාළෙන අරියඵලධඤ‍්ඤපරිපාකගහණත්‍ථං වඩ‍්ඪති. යථා ච තං සුභූමියං පතිට‍්ඨහිත්‍වා මූලඞ‍්කුරපණ‍්ණනාළකණ‍්ඩප‍්පසවෙහි වුඩ‍්ඪිං විරූළ‍්හිං වෙපුල‍්ලං පත්‍වා, ඛීරං ජනෙත්‍වා, අනෙකසාලිඵලභරිතං සාලිසීසං නිප‍්ඵාදෙති; එවමයං චිත‍්තසන‍්තානෙ පතිට‍්ඨහිත්‍වා සීලචිත‍්තදිට‍්ඨිකඞ‍්ඛාවිතරණමග‍්ගාමග‍්ගඤාණදස‍්සනපටිපදාඤාණදස‍්සනවිසුද‍්ධීහි වුඩ‍්ඪිං විරූළ‍්හිං වෙපුල‍්ලං පත්‍වා ඤාණදස‍්සනවිසුද‍්ධිඛීරං ජනෙත්‍වා අනෙකපටිසම‍්භිදාභිඤ‍්ඤාභරිතං අරහත‍්තඵලං නිප‍්ඵාදෙති. තෙනාහ භගවා – “සද‍්ධා බීජ”න‍්ති.
තත්‍ථ සියා “පරොපඤ‍්ඤාසකුසලධම‍්මෙසු එකතො උප‍්පජ‍්ජමානෙසු කස‍්මා සද‍්ධාව බීජන‍්ති වුත‍්තා”ති? වුච‍්චතෙ – බීජකිච‍්චකරණතො. යථා හි තෙසු විඤ‍්ඤාණංයෙව විජානනකිච‍්චං කරොති, එවං සද‍්ධා බීජකිච‍්චං, සා ච සබ‍්බකුසලානං මූලභූතා. යථාහ –
“සද‍්ධාජාතො උපසඞ‍්කමති, උපසඞ‍්කමන‍්තො පයිරුපාසති, පයිරුපාසන‍්තො සොතං ඔදහති , ඔහිතසොතො ධම‍්මං සුණාති, සුත්‍වා ධම‍්මං ධාරෙති, ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති , අත්‍ථං උපපරික‍්ඛතො ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති, ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා සති ඡන්‍දො ජායති, ඡන්‍දජාතො උස‍්සහති, උස‍්සාහෙත්‍වා තුලයති, තුලයිත්‍වා පදහති, පහිතත‍්තො සමානො කායෙන චෙව පරමසච‍්චං සච‍්ඡිකරොති, පඤ‍්ඤාය ච නං අතිවිජ‍්ඣපස‍්සතී”ති (ම· නි· 2.183, 432)."]