195. නාම - රූප වෙන වෙන ම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නාමරෑප ධර්මයෝ වෙන් වෙන්ව සකස්වෙන අවස්ථා තිබෙිද?

A. පෙනීයන පරිදි නම් මෙය ‘නළකලාපිය සූත්‍රය’ හෝ එහි කොටස් වැරදි කොණෙන් අල්ලා ගත් විට පැන නැගුණ නාම-රූප ප්‍රශ්න දාමයක ස්වරූපය බව යි; එබැවින් ඇතැමෙක් “අරූපී ලෝකවල පවා සියුම් රූපයෝ ඇතැයි ද, රූප අසංඥ ලෝකයේ/තලයේ පවා සියුම් නාමයෝ ඇතැයි” ද වරදවා ගනිත්.

මෙහිදී පැහැදිළි කළයුත්තේ ‘නළකලාපිය’ (http://pitaka.lk/221076/cs,aps) සූත්‍රයේ දක්වා ඇත්තේ ප්‍රධාන/පොදු/සාමාන්‍ය වූ නාම-රූප විග්‍රහය බවත්, සාමාන්‍ය අවස්ථා හා විශේෂ අවස්ථා සමකොට කථා/තර්ක කිරීම (යදෘච්ඡා අභාෂය?) දෝෂ සහිත බවත් ය.

පරම ගාම්භීර පටිච්චසමුප්පාද දේශනාව තුළ ද “... විඤ්ඤාණපච්චයා නාමරූපං; ...” ලෙස ගත් විට ද, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම පමණක් (අරූපී ලෝකවල*) ද, රූප පමණක් (අසංඥ ලෝකයේ/තලයේ**) ද, නාම-රූප දෙක එකට [කාම ලෝක 11 + (ඉතිරි) රූප ලෝක 15***] ද පහළ විය හැක.

* = චතුවෝකාර භවය / භූමිය.
** = ඒකවෝකාර භූමිය.
*** = පංචවෝකාර භූමිය.

Q. එක එක සූත්‍ර (තැන්)වල එක එක විදිහට තියෙන්නේ ඇයි?

Aත්‍රිපිටකයේ නොයෙක් සූත්‍රවල නොයෙක් ආකාරයෙන් විග්‍රහවන්නේ උන්වන්සේලාගේ ඇති දේශනා ගාම්භීරත්වය, දේශනා විචිත්‍රත්වය, දේශනා පාණ්ඩිත්‍යය, පර්යාය ... ආදී කරුණු මත මිසක, ඒවායේ කිසිදු පරස්පරයක් හෝ දෝෂයක් නැත.

(ගැඹුරු ධර්මය නොතේරීම අපගේ දෝෂයකි; අනෙක් අතට අපට ගැඹුරු ධර්මය නොතේරීම පුදුමයට කරුණක් ද නොවේ.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll