34. මෛත්‍රී බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන කාලයේ සක්විති රජ කෙනෙකුත් සිටිනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෛත්‍රී බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන කාලයේ සක්විති රජ කෙනෙකුත් සිටිවා ද?

A. ඔව්.

"මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි ඒ කෙතුමතී නම් නුවර ධාර්මිකවූ සාගර හතර කෙළවර කොට ඇති මුළු පොළොව ජය ගත්තාවූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියාවූ, චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායකරත්නය යන රත්න හතෙන් යුක්තවූ සංඛ නම් චක්‍රවර්ති රජෙක් වන්නේය. ඒ රජුට සූරවූ, වීරවූ, පරසෙනා මර්දනය කරන්නාවූ දහසකට අධික පුත්‍රයෝ වන්නාහ. ඒ රජ තෙමේ දඬුවම් නොකොට, ආයුධ නොගෙන මේ මුළු පොළොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය."
https://pitaka.lk/main/?n=17129

"මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි, මම දැන් යම් සේ ලෝකයෙහි උපන්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලෝකවිදූවූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවිමිනිසුන්ට ශාස්තෘවූ බුද්ධවූ භාග්‍යවත් වූයේ යම්සේද එසේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලොකවිදූ වූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවි මිනිසුන්ට ශාස්තෘවූ, බුද්ධවූ, මෛත්‍රෙය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය."
https://pitaka.lk/main/?n=171210

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll