Q. සෝවාන් පුද්ගලයා තමා සෝවාන් බව දන්නේ ද එලෙසින්ම තිසරණය පිළිබඳ ඒ වෙලාවේ සිහිය පිහිටියද නොපිහිටියද ගතිය සුගතියම බව සක්සුදක් සේ දැනගතයුතුයි නේද? "මහානාමය බිය නොවෙව" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ කාරණා සහිතවම නේද? පරසිත් දැන ම නේද?
A. තථාගතයන්වහන්සේ කාරණා සහිතව ම දේශනා කරන බව ද පරසිත් දක්නා බව ද නම් සැබෑ ය (- මා කී කාරණා ද විය හැකි ය).
සාමාන්‍යයෙන් කියන කල, “සෝවහන් පුද්ගලයා භව සතකින් මෙහා සසර කෙළවර කරයි” කීව ද, භව සතට වැඩි වශයෙන් අප්‍රධාන බෙදීමක් ද ඇත්තා සේම - සාමාන්‍යයෙන් කියන කල, සෝවහන් පුද්ගලයාගේ ප්‍රධාන ගතිය, තමා සෝවහන් බව ප්‍රත්‍යක්‍ෂයෙන් ම තමා ම දන්නා සේ ම, ‘සුගතිය ම’ බව ද ප්‍රත්‍යක්‍ෂයෙන් ම ඔහු (සෝවහන් පුද්ගලයා) දන්නා මුත්, තෙරුවන් කෙරෙහි සිහියෙන් නොසිටින විටක දී හා/හෝ හදිසි අනතුරක දී ගතිය විමසීම (දුතිය මහානාම සුත්‍රයේ එන) අප්‍රධාන අවස්ථාවක් ද වේ.
[ප්‍රධාන අවස්ථාවට අප්‍රධාන අවස්ථා ඇතුළත් වන අවස්ථා මෙන් ම, ඇතුළත් නොවන අවස්ථා ද ඇත.]
“සෝවාන් පුද්ගලයා තමා සෝවාන් බව දන්නේ ද, එලෙසින්ම තිසරණය පිළිබඳ ඒ වෙලාවේ සිහිය පිහිටියද නොපිහිටියද ගතිය සුගතියම බව සක්සුදක් සේ දැනගතයුතු ය” යන කියමන ප්‍රධාන අවස්ථාව හා අප්‍රධාන අවස්ථාව පටලවාගෙන කරන විකෘතිය කි.
[නැවත: ප්‍රධාන අවස්ථාවට අප්‍රධාන අවස්ථා ඇතුළත් වන අවස්ථා මෙන් ම, ඇතුළත් නොවන අවස්ථා ද ඇත.]
Q. "මහානාමය බිය නොවෙව" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ කාරණා සහිතවම නම් එයින් මතුවෙන එක කරුණක් විය හැක්කේ සැබැවින්ම මහානාමයන් ඒ කරුණෙහි බිය වී ඇති බවය...මහානාමයන් බිය වූවා නම් එහිදි මතුවෙන කරුණක් වන්නේ සද්ධර්ම දාස ක්‍රමයේ සඳහන් පරිදි මෙනෙහි වීමක් ඒ අවස්ථාවේ ඔහුට නොවුනු බවය.
A. (බිය වූවා නම්,) බිය වූයේ අප්‍රධාන කාරණාවේ ම ය - එයින් ද පැහැදිලි වනුයේ, අප්‍රධාන ක්‍රමය ප්‍රධාන ක්‍රමයට ඇතුළත් නොවන බව යි.
ප්‍රධාන ක්‍රමයට/කාරණයට අතරව අප්‍රධාන කාරණා/ක්‍රම (ව්‍යාතිරේක) ද තිබීම ධර්මයේ සුලබ දෙයකි - ඒ බව දන්නෝ දනිති.
ප්‍රධාන ක්‍රමය දෙස බලා පමණක් ම තීරණ ගැනීම, “අක්ඛණ සූත්‍රය” දෙස බලා, සෝවහන් වීමට නම් “දඹදිව මධ්‍ය දේශයේ ම” ඉපදිය යුතු ය; නොඑසේනම්, අභව්‍ය ය - ලෙස කීවා වැනි ය.
තව ද, ධර්මාදාස (දහම් කැඩපතින් ගුණ-දොස් මැනවින් බලන) දහම් පරියාය ගනු ලබන්නේ, “කැමතිවන්නේ නම්” (පමණක්), ත්‍රිවිධරත්නයේ හා පන්සිල්වල (අරියකාන්ත ශීලයේ) තමාගේ අචලබව මැනබලා, “... මම අපායෙහි නොහෙළන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ ... ආදී ලෙස සෝවහන් බව (අනුන්ට නොව), තමා තමන්ට ම ප්‍රකාශකිරීමට (සපථ/ස්ථිර කරගැනීමට) මිස, තෙරුවන් කෙරෙහි සිහියෙන් නොසිටින (චල) විටක දී තත්ත්වය මැනබැලීමට නොවේ.
තෙරුවන් කෙරෙහි සිහියෙන් නොසිටින (චල) විටක දී තත්ත්වය මැනබැලීමට නම්, දුතිය මහානාම සූත්‍රය (ද/ම) ගත යුතුය - දුතිය මහානාම සූත්‍රය (වැන්නක් ද) තිබීම ම පුදුම සහගත ය.
T. මහානාමයන්ගේ සසර පුරුද්දට ('විචිකිච්ඡා සිත' ප්‍රහාණය වී ඇතත් - සැකය බහුල චරියක් ලෙසින් සසර පුරුද්ද ඇති බැවින්) ද සිතෙහි එවැන්නක් පැනනැඟුණා හා විමසුවා ද විය හැක.
[කොයිහැටි වෙතත්, අතිපණ්ඩිතයන්ගේ බකපණ්ඩිත නොමනා-සැක මතුකිරීම්, උලුප්පා දැක්වීම් හමුවේ මුලාවීමෙන්, සසර අනාථ නොවන ලෙස අපි ඔබට සෙනෙහසින් මතක්කර සිටිමු!]
{කෙසේ වෙතත්, කුමන ධර්මානුකූල පැහැදිලි කිරීම් ඉදිරිපත් කළත්, තම මතයේ ම එල්ලී සිටින්නන්ට ද, ධර්මයේ ඇද-පළුදු සොයන්නන්ට ද, සැක-සංකා උපදවන්නන්ට ද, ධර්මයෙන් (අධර්මයට) රිංගීමට හිල් හොයන්නන්ට ද, ඒවා ම පෙනීම අරුමයක් නොවේ. අනෙක් අතට එය පුද්ගලානුබද්ධ (පුද්ගලයාගේ ම) දෝෂයක් ම ද නොවේ.}
මෙය ද කියවන්න.