609. ක්‍රියා මාත්‍රයක් පමණක් ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ලෞකික ජීවිතයේ අපට ඇති ඉටුකල යුතු යුතුකම් හා වගකීම් හා නොබැදී ඒ දේවල් යම් ක්‍රියාවක් පමනක් යැයි සිතට ගෙන දහම් මග වැඩිය හැකිද?

A. 1. “ලෞකික” හා “ලෝකෝත්තර” කියලා දෙකට බෙදා ගන්න.
ධාර්මික හා සාංසාරික සැප සම්පත් අරමුණු කරලා කරන පිං/කුසල් "ලෞකික" කියලා හිතන්න - ඒ “ලෞකික” දේවල් සදාචාරාත්මක හා ප්‍රඥාවන්ත රාමුවේ සිට ම කරන්න.
“නිවන්” අරමුණු කරලා කරන පිං/කුසල් “ලෝකෝත්තර” කියලා හිතන්න - “ලෝකෝත්තර” දේවලුත් (සදාචාරාත්මක හා) ප්‍රඥාවන්ත රාමුවේ සිට ම කරන්න.

2. “ප්‍රඥප්ති” හා “පරමාර්ථ” කියලා දෙකට බෙදා ගන්න.
“ප්‍රඥප්ති” “පරමාර්ථ” එක්ක පටලවා ගන්නේ නැතුව සියළු ම යුතුකම්-වගකීම් ඉටු කරන්න.
“පරමාර්ථ” “ප්‍රඥප්ති” එක්ක පටලවා ගන්නේ නැතුව ධාර්මිකව/මැනවින් දහම්-මඟ වඩන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll